The Leader News
BREAKING
Top Ad
පුවත්

මාස 9යට ළමා ලිංගික අතවර පැමිණිලි 414ක් - ළමා ගැබ් ගැනීම් පැමිණිලි 62ක්

T

The Leader Desk

October 28, 2025 • 4:52 AM

මාස 9යට ළමා ලිංගික අතවර පැමිණිලි 414ක් - ළමා ගැබ් ගැනීම් පැමිණිලි 62ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම අධිකාරිය පෙන්වා දෙන්නේ, එම කාලය තුළ බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 192ක් ලැබී ඇති බවය.
  • මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි 7,677ක් ලැබී ඇති බව සඳහන්ය.
  • එහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 6,296ක් සහ ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළ නොවන පැමිණිලි 1,381ක් වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.
  • එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සැප්තැම්බර් මාසය තුළ ලැබී ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 1,176කි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම අධිකාරිය පෙන්වා දෙන්නේ, එම කාලය තුළ බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 192ක් ලැබී ඇති බවය.

මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි 7,677ක් ලැබී ඇති බව සඳහන්ය.

එහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 6,296ක් සහ ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළ නොවන පැමිණිලි 1,381ක් වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සැප්තැම්බර් මාසය තුළ ලැබී ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 1,176කි.

ළමා ආරක්ෂක අධිකාරී පනතට අදාළව ලැබුණු පැමිණිලි අතර ස්ත්‍රී දූෂණයට සම්බන්ධ පැමිණිලි 49ක්, ළමා ශ්‍රමිකත්වය සම්බන්ධ පැමිණිලි 111ක් සහ සිගමන් යෙදවීම සම්බන්ධ පැමිණිලි 203ක් වන බව සඳහන් ය.

ළමා ආරක්ෂක අධිකාරී පනතට අදාළ නොවන වෙනත් පැමිණිලි අතර යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 62ක් ලැබී තිබේ.

ඊට අමතරව ළමයින්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධ පැමිණිලි 102ක් ද ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි 38ක් ද, සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිලි 13ක් ද ගබ්සා කිරීම සම්බන්ධ එක් පැමිණිල්ලක් ද ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.


මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 83ක් මේ වසරේ ගතවූ කාලය තුළ ලැබී ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදාගැනීම සම්බන්ධ පැමිණිලි 27ක්, වයස අඩු 16ට අඩු ළමයින්ට මත්ද්‍රව්‍ය වෙළෙදාම සම්බන්ධ පැමිණිලි 3ක් ද ලැබී තිබේ.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයට දරුවන් නැඹුරුවීමේ ප්‍රවණතාවක් පවතින බව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී වීරසූරිය පැවසුවාය.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරිය මේ බව සඳහන් කළාය.


| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...