විශ්‍රාමිකයින්ගේ වැටුපෙන් කොටසක් අග්‍රහාර රක්ෂණයට මුවාවෙමින් අත්පත් කර ගැනීමට ආණ්ඩුව ගනු ලැබූ උත්සාහය තමන් පසුගිය සෙනසුරාදා රටට

හෙළිදරව් කළ බවත්, ඉන් අනතුරුව 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කිරීමට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට 09 දා දිනයේ දහවල් 12 වන විට යොමු කළ බවත්, මෙයින් කලබලයට පත් වූ ආණ්ඩුව ඉන් පැය කිහිපයකට පසු අදාල ගැසට් නිවේදනය ආපසු හරවා ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා  (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශ්‍රාමිකයින්ගේ වැටුප කොල්ලකෑමට ගත් උත්සාහයට එරෙහිව කරනු ලැබූ අරගලය පල දැරීම පිළිබඳව සතුටු වන බව පැවසූ විපක්ෂ නායකවරයා,  "විශ්‍රාමිකයින්ගේ වැටුප කොල්ලකෑම සම්බන්ධ" ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී යළිත් වරක් විමසනු ලැබීය.

විශ්‍රාමිකයාගේ කැමැත්ත අකැමැත්ත පවා නොවිමසා අග්‍රහාර රක්ෂණය සදහා විශ්‍රාම වැටුපෙන් මුදල් අය කරගැනීමට රජය ගෙන ඇති තීරණයට පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් බරපතල විරෝධයක් එල්ල විය.

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජය ගෙන ඇති මෙම ඒකාධිපති තීරණය සම්බන්ධයෙන් නැවත වරක් සලකා බලන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.



අග්‍රහාර රක්ෂණය සඳහා විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපෙන් කොටසක් අයකර ගැනීමට රජය ගෙන ඇති තීරණයට විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය ද සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.

පසුගිය 29 වනදා දිනයේ දී නිකුත් කළ චක්‍රලේඛයක් මගින් විශ්‍රාමිකයින්ගෙන් රුපියල් 400ක මාසික වාරික මුදලක් සහ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගෙන් රුපියල් 600 ක මාසික වාරික මුදලක් විශ්‍රාම වැටුපෙන් කපා ගැනීමටයි රජය තීරණය කර තිබිණ.

වහාම එම කපා ගැනීම නතර කරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි වෙත එම සංවිධානය විසින්  විසින් ලිපියක් භාරදී තිබිණ. 


 
THE LEADER TV
 

මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන 

 

 
"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
බැසිල්ගෙ ලන්සාට වියත්මග ගොඩහේවගෙන් සැර රිටන් එකක්! | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්