සිංහල ජනයා පදිංචි කරමින් උතුරු නැගෙනහිර දෙමළ බහුතරය දියාරු කිරීමට රාජපක්‍ෂ ආණ්ඩුව උත්සාහ දරන බවට කතෝලික සභාවේ විරෝධය එල්ලවී

තිබේ.

ත්‍රිකුණාමලය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල සෘජුව හා වක්‍රව සිංහලයන් ගෙනැවිත් පදිංචි කරමින් සැලසුම් සහගතව ජන සංයුතිය වෙනස් කරමින් සිටින බව උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන කතෝලික සභාවේ රදගුරුවරුන් කියා ඇත්තේ යාපනයේ සංචාරයක නිරතව වූ ස්විට්සර්ලන්තයේ මෙරට තානාපති ඩොමිනික් ෆර්ග්ලර් සමග පැවති විශේෂ හමුවකදීය.

 

යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර සිංහලකරණය පිළිබඳව දෙමළ සංවිධාන හා දේශපාලකයන් විසින් දිගටම අනතුරු අඟවා තිබුනත්, කතෝලික ආගමික නායකත්වය ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නියෝජිතයකුට කරුණු දැක්වූ දුර්ලභ අවස්ථාවක් සේ මෙය සැලකේ.

 

යාපනය රදගුරු නිවසේ 10 බදාදා පැවති මෙම හමුවේදී, උතුරු නැගෙනහිර පළාතේ වත්මන් තත්වය,ජන ජීවිතය හා සංවර්ධන කටයුතු ගැන අවධානයක් යොමු වූ බව ප්‍රදේශයේ මාධ්‍යවේදියෝ පවසති.

මන්නාරමේ ෆිඩලිස් ප්‍රනාන්දු, යාපනයේ ජස්ටින් ඥාණප්‍රකාශම්, ත්‍රිකුණාමලයේ නොයෙල් එම්මානුවෙල් සහ මඩකළපුවේ ජෝශප් පොන්නයියා රදගුරුවරු සිව් කට්ටුව පෙන්වා දී ඇත්තේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිංහල ජනයා පදිංචි කිරීම නිසා දෙමළ ජනතාව ආණ්ඩුව කෙරේ ඉමහත් අප්‍රසාදයෙන් යුතුව පසුවන බවයි.

 

උතුරු නැගෙනහිර පළාතේ සංවර්ධන වැඩ අත්හැර දමා ඇති රාජපක්‍ෂ ආණ්ඩුව ඉන්දියානු රජය විසින් දෙපලාතේ කරගෙන යන වැඩවලට බාධා කරන බවත් ස්විට්සර්ලන්ත තානාපති හමුවේ ඔව්හු ප්‍රකාශ කර තිබේ.

 

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ  මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ඊයේ (11)පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ''යාපනයේ  14000 ක්, කිලිනොච්චියේ 4000 ක් ජනයා ඉඩම් නොමැතිව'' දුක් විදින බවය.

''ආණ්ඩුව අත්පත් කරගත්තු ඉඩම් දෙමළ ජනයාට තවම ආපහු ලබා දීලා නැහැ, එහෙම තියෙද්දී සිංහල මිනිස්සු ගෙනල්ලා ඉඩම් බෙදා දීලා මේ වෑයම් කරන්නේ තවත් ජාතියක් විනාශ කරන්න,'' යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් චෝදනා කරයි.  


 

THE LEADER TV
 

මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන
 


"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි |



ලන්සාට ගොඩහේවගෙන් සැර රිටන් එකක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්