දේශපාලනික හා අනෙකුත් වුවමනාවන් මුල්කරගනිමින් ජාතිවාදී හා ආගම්වාදී පටු අරමුණු පෙරදැරි කරගෙන

ගොඩනගන දුෂ්ඨ බලවේග පරාජය කරනු උදෙසා අධිෂ්ඨාන සහගතව ක්‍රියාකිරීමේ අවශ්‍යයතාවය හදුනාගෙන ඒ උදෙසා යහපත් වූ දැක්මකින් යුතුව පෙරට එන ලෙස මෙරට ප්‍රකට සර්ව ආගමික සංවිධානයක් සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

 වත්මන් රාජපක්ෂ පාලනය යළිත් වටයකින් ජාතිවාදී හා ආගම්වාදී ගැටුමක් ඇති කිරීමට කැසකවන මොහොතක එවැනි ඉල්ලීමක් සිදුකර ඇත්තේ, 'ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව'යි. එම සංවිධානය පසුගියදා කොළඹදී පවත්වන ලද විශේෂ සමුළුවේදී මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත්කර ඇත.

මෙම අවස්ථාවට ත්‍රෛයිනිකායික මහා නායක ස්වාමින්වහන්සේලාගේ ආශිර්වාද සහිතව අනුනායක, ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලා ද ඇතුළු මහා සංඝරත්නය ද කතෝලික හා ක්‍රිස්තියානි රදගුරුවරුන් ප්‍රමුඛ කරගත් පියතුමන්ලාද ශ්‍රී ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානය නියෝජනය කරමින් මවුලවිතුමන්ලා පිරිසක් හා හින්දු පූජකවරුන් ද සහභාගිව සිටි අතර සිවිල් හා විද්වත් ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියහ.



ඒකාබද්ධ ප්‍රකාශය :

ksdjflkjsdf

ජාතියේ යහපත් පැවැත්මට අත්‍යවශය වන්නා වූ ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා ප්‍රමුඛතම බාධාවක් වී ඇති ජාතීන්, ජනවර්ග හා ආගම් අතර මතුවන ගැටුම් හා ප්‍රතිවිරෝධතාවන් හදුනාගනිමින්,

එකී ගැටුම් පසුපස ඇති බලලෝභී අරමුණු හා අත්තනෝමතික ප්‍රවණතාවයන් පරාජය කරමින් සාමකාමී, සමෘද්ධිමත්, සංවර්ධිත දේශයක් ලෙස අප මාතෘ භූමිය ගොඩනැගීමෙහිලා අප සතු පරම වගකීම හා අභිලාෂය පෙරටු කරගෙන,

ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස සියලුම ජාතීන් හා ඔවුන් අයත් වන්නා වූ ආගමික අනන්‍යතාවයන්ට ගරු කරමින්,

එකී ජාතීන් හා ආගම් අතර සහජීවනය හා යහපැවැත්ම පලුදු කරන්නට උත්සහ  ගනු ලබන  ඕනෑම අන්තවාදී දුෂ්ඨ බලවේගයන් පරාජය කරන්නට අවශය වන්නා වූ දැක්ම හා ධෛර්යය සමස්ත සමාජය තුළම පෝෂණය කිරීමේ ජාතික වගකීම පෙරටුකරගනිමින් හා ඒ වෙනුවෙන් කැපවෙමින් පෙනී සිටින අප සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ,

දේශපාලනික හා අනෙකුත් වුවමනාවන් මුල්කරගනිමින් ජාතිවාදී හා ආගම්වාදී පටු අරමුණු පෙරදැරි කරගෙන ගොඩනගන දුෂ්ඨ බලවේග පරාජය කරනු උදෙසා අධිෂ්ඨාන සහගතව ක්‍රියාකිරීමේ අවශ්‍යයතාවය හදුනාගෙන ඒ උදෙසා යහපත් වූ දැක්මකින් යුතුව පෙරට එන ලෙස ය.

අපගේ මාතෘ භූමිය නිදහස්, නිවහල්, සාමකාමි හා සමෘද්ධිමත් දේශයක් ලෙස ගොඩනැගීම උදෙසාද ඒ මඟින් අපගේ මතු පරපුරට යහපත් රටක් උරුම කරදෙනු පිණිසද වන අපගේ කැපවීම 2021 ක්වූ නොවැම්බර් මස 03 වනදින කොළඹදි ප්‍රකාශයට පත්කරමින් මෙසේ සපථ කරන්නෙමු.'

 

 

 


 

THE LEADER TV

ආනන්ද පිටුපසින් ගන්ධබ්බයෙක් ! | මොණරවිලගේ ලියමන
 



ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්