leader s

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එම සංශෝධනය ඉදිරිපත් කළ හොත් තමා‌ගේ සහයද ඒ සඳහා ලබාදෙන බව රනිල් වික්‍රමසිංහ කියා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ සංශෝධනයක් අවශ්‍ය නම් ආණ්ඩුව පාර්ශවයෙන් ගෙනෙන ලෙසත් ඊට සිය පක්ෂයේ සහය ලබා දිය හැකි බවත්ය.

රනිල් වික්‍රමසිංහ ජවිපෙට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගෝස්තු 26 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සහය ඉල්ලා සිටීමෙන් පසුවය. එම හමුවට අගමැතිවරයා සමග අමාත්‍ය රවී කරුණානායකද සහභාගි වී තිබේ.

'20 ආණ්ඩුවෙන් ගොනාවොත් සහය දෙනවා'

මේ පිළිබඳ කළ විමසීමකදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දී ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටින බවයි. තමා දැනුවත්ව ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධීපති ක්‍රමය අහෝසි කිරීමට ජවිපෙට ප්‍රධාන පක්ෂයකින් යෝජනාවක් ඉදිරිපත් වී නැතැයිද ඔහු කීය.

එසේ වුවද ජනාධිපති කාර්යාලයේ එවැනි සාකච්ඡාවක් සිදුවී ඇති බව දැනගන්නට ලැබී ඇතැයි ඔහු කීය. මේ වන විට ජාතික ජනබලවේගය හා සම්බන්ධ වී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙමින් සිටින නිසා ජනාධිපතිවරණයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ජවිපෙ සැලසුම් කර නොමැති බව ඔහු කීය.

text 014එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ එකතුවී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තීරණය කළොත් පමණක් ජවිපෙ එයට සහයෝගය දක්වන බව ලාල්කාන්ත කීය. එසේ නැතුව කතාන්දරවලට රැවටී අනුන්ගේ න්‍යාය පත්‍රවලට අසුවීමට ජවිපෙ බලාපොරොත්තු නොවන බවද ඔහු කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20 වැනි සංශෝධනය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මේ වන ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණද එවා ඇති අතර ඕනෑම දිනයක එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමේ හැකියාව පවතී.

එම යෝජනාව ආණ්ඩුවේ යෝජනාවක් ලෙසද කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

(අනිද්දා -කේ. සංජීව / තරිඳු උඩුවරගෙදර)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්