ත්‍රිකුණාමලයේ කින්නියා හා කුරාඤ්ඤන්කුලම් අතර ඊයේ පාලම් පාරුවක් පෙරළිලා. කාලෙට පස්සේ ඉස්කෝලේ යන්න ආපු පුංචි පැටව් හය දෙනෙක් මැරිලා.



පොඩි එකා ඉස්කෝලෙට දාන්න ආපු අම්මත් මැරිලා. අම්මා අතේ හිටිය අත දරුවත් මැරිලා. තවත් තුන්දෙනෙක් අතුරුදහන්. ඒ නිසා තවත් මරණ ගාන ඉහල යන්න පුළුවන්.

කොහොම හරි ප්‍රදේශවාසිනුයි, නාවික හමුදාවයි මැදිහත් වෙලා ජීවිත 17 ක් බේරාගෙන. ඉස්සෙල්ලාම ඒ ජීවිත බේරගන්න මැදිහත් උන සියලු දෙනාටම රටේ රාළ හිස නමා ආචාර කරනවා. ඒ වගේම දැනට රෝහලේ ඉන්න සියලු දෙනාටම ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

ඒත් මිය ගිය පුංචි පැටවුන්ටයි අර අම්මාටයි නිවන් සුව පතලා විතරක් නං නිකං ඉන්න බෑ. මේ මරණ ඇතුළේ මේ රටට කෑගහලා කියන්න ඕනි කතාවක් තියනවා.

දැන් ඉතින් මරණයට හේතුව මොකද්ද කියලා හොයන්න පරීක්ෂණ කණ්ඩායම් පත් කිරීම වගේ විහිළුකාර වැඩ ගොඩක් කරයි. සමහරවිට ඒකෙනුත් කැකිල්ලේ තීන්දුවක් දීලා ඔය මිනිස්සු වෙනුවෙන් හම්බ වෙන්න තියෙන සොච්චම් වන්දියත් නැති කරයි. නැත්තං කවුරු හරි ඒකත් ගසාකයි.


ඇත්තටම මේවා අකල් මරණ කියලා හිත හදාගන්න ගොඩක් අය ඇති. මේ ඒයාලා පෙර ආත්මයක කරපු පවක් පඩිසන් දිලා කියලත් කියන්න පුළුවන්. එයාලා ගෙනාපු ආයුෂ ඉවරයි කියලා කියයි. කොටින්ම ගොඩක් අය මේකට කියන්නේ කරුමේ කියලා. එහෙම කියලා හිත හදාගන්න පුළුවන්. හැබැයි එහෙම කියලා හිත හදාගන්න එක සාධාරණ නෑ.

 

මේක අස්සේ තියෙන්නේ බුදුන් වදාළ කර්මය වගේ එකක් නං නෙවෙයි. අපි විහින් උරුම කරගත්ත කරුමයක්. ඒකත් බුදු බණ පිට පටවලා ඇඟ බේරගන්න ක්‍රමයක් මේක.

ඇත්තටම අද අපේ රට කියන්නේ ඛේදවාචකය ගොඩක එකතුවක්. සතියක් ඇතුලත නං ඔය වගේ මූසල News දෙක තුනක් එනවාම තමයි. ඇත්තටම රටේ රාළට අනුව නං මේ අකල් මරණ නෙවෙයි. මේවා සාහසික මිනිස් ඝාතන.

ඝාතකයන් කවුද ඇහුවොත් එක එක්කෙනා එක එක්කෙනාට අත දික්කර ගනී. එහෙම කරන කාලකන්නි දේශපාලනයක් තමයි මේ රටේ තියෙන්නේ. ඒ කතා අහගෙන දෙපැත්තකට බෙදිලා මරාගන්න මෝඩ රැළක් තමයි මේ රටේ ඉන්නේ. මේ ඝාතනවලට වගකියන්න ඕනි මේ ක්‍රමයයි, මේ ක්‍රමය කරපින්නාගෙන යන හා කරපින්නාගෙන ආපු හැමෝම.

 

මේ ඝාතනවලින් කියන්නේ මොකද්ද? අපේ රටේ තිරසර සංවර්ධනක් සිද්ධවෙලා නෑ කියන එක නෙවෙයිද? ඒ සංවර්ධන මුලතිව්වල ඉන්න රාසයියලට වගේම කින්නියාවේ ඉන්න රිසානලටත් හම්බ වෙලා නෑ. ඊළඟට වතුකරයේ ලයිම් කාමර අස්සේ ගාල් වෙලා ඉන්න ඉෂාලනීලටත් නෑ. කලවානේ සිංහරාජ මායිමේ හද්දා පිටිසර ඉන්න අනුපමාලටත් නෑ. රට වටේ ඉන්න පීඩිත ජනතාව ජාති, ආගම්, කුල බේදයකින් තොරව මේ ඉරණමට ගොදුරු වෙලා.

 

කවුද මේ ඝාතකයෝ? බය නැතුව අත දික් කරන්න පාලකයයෝ තමයි ඝාතකයෝ. හැබැයි රටේ රාළ කියන්නේ මේ පාලකයෝ විතරක් නෙවෙයි ඝාතකයෝ. අවුරුදු 73 ක් සුදු ඇදගෙන බුදු සරණයි කියලා ගහගෙන හිටිය ඔක්කොම පාලකයෝ ඝාතකයෝ තමයි. මේච්චර කල් රඟ දක්වපු නාට්ටියක තිර පිටපතමයි අද තියෙන්නේ. නළුවෝ විතරක් වෙනස්. දැන් ඔන්න බයි ටොයි ජනයා ඇවිස්සෙයි. කරන්න දෙයක් නෑ. මේක තමයි ඇත්ත.

කින්යාවට පාලමක් දෙන්න බැරුව මෙච්චර කල් නිදිවැදපු පාලකයෝ නෙවෙයිද මේවට වගකියන්න ඕනි. අදත් වෙන්නේ ඒකම නේද. බිලියන ගණනක් ණය අරන් කරපු සංවර්ධනය මේකද? කෝ අර ගෙනාපු උතුරු වසන්තය? කෝ ගෙනාපු නැගෙනහිර නවෝදය?

රටට ශත පහකට වැඩක් නැති නෙළුම් කළුණු සංවර්ධනයේ ප්‍රතිපල මේවා නෙවෙයිද? අපේ ගොන් වහන්සේලාට නෙළුම් කළුණු කෙලින් කරන කොට මේ වගේ පාලම් කීයක් හදන්න පුළුවන් කියලා හිතන්න බැරි උනේ ඇයි? කිසිම වැඩක් නැති මහ කැලැවලට කාපට් පාරවල් හදනකොට. ජනතාව නැති කැලෑවල සම්මන්ත්‍රණ ශාලා හදන කොට. වැවි බැමිවල රළපනාව ගලවලා Jogging Tracks හදනකොට මේක තමයි වෙන්න පුළුවන් යථාර්ථය.

මේච්චර කල් මේ පාලකයෝ සංවර්ධනයේ නාමයෙන් ගත්ත ණය කන්දරාවෙන් අපට උරුම කරලා තියෙන්නේ මොනවද? අද අපේ උප නූපන් හැම දරුවෙක්ම ලෝකෙට ලක්ෂ නවයක ණය කාරයෙක්. ඒ වගේම මේ වගේ වක්‍ර මිනිස් ඝාතනවල නර බිල්ලක්. හැබැයි පාලකයෝ, උන්ගේ දරුවෝ කොහොමද? පහුගිය Pandora Papers වලින් කියන්නේ ඒ කතාව නෙවෙයිද?

අපේ රටේ මේ දක්වා කිසිම පාලකයෙක් රටේ සංවර්ධනයේ ප්‍රමුඛතාව හරියට හදුනගත්තේ නෑ. ඒත් 77 ට ඉස්සෙල්ලා හිටපු නායකයෝ මෙහෙම හොරකම් කළේ නම් නෑ. 77 න් පස්සෙත් එහෙම නොකරපු අයත් හිටියා. එයාලගේ දර්ශණයේ අඩුපාඩු ඇති. හැබැයි අද හොරකම නීතිගත වෙලා. ඒ හොරකම් කරන්නේ කින්යාවේ දරුවන්ට යන්න පාලමක් හදලා දෙන්න තිබුණ සල්ලි ටික තමයි.

 

මෙයාලා රටට හදුන්වා දුන්න තක්කඩි සංවර්ධනය කියන්නේ හොරකමට. හොරකම වෙනුවෙන් සංවර්ධනය. රටක හොරකම නීතිගත උනාට පස්සේ, පාලකයන් පල් හොරුන් උනාට පස්සේ, සියල්ලම ඒ හොරකමට යටයි. සංවර්ධනය කියන එකටත් ඒකෙන් වියුක්ත වෙලා පවතින්න බෑ. සංවර්ධන කියලා එයාලා කියන්නේ එයාලාට කොමිස් එන සංවර්ධනයකට විතරයි.

ඒක නිසා රටේ රාළට මේ රටේ පාලකයින්ගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි. උඹලාගේ පැවැත්මට අපෙන් තව ජීවිත කීයක් ඕනිද කියලා කියපල්ලා. එච්චරයි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්...

 

 


 

THE  LEADER  TV


විමල්ට ගම්මන්පිලට එරෙහි කුමන්ත්‍රණයක්! | Gossip
 
 
 
ඇගෙන් වැඩ මොළේ වැඩ නෑ! | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්