ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙශර ජයසිංහ විසින් පසුගියදා සිදුකරනු ලැබූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්, එම ආයතනය විසින් අද දිනයේ පළකර ඇති

දැන්වීමක් මගින් අභියෝගයට ලක්කර තිබේ.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ වහාම ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන අනිල් කොස්වත්ත පත්කරනු ලැබූ අතර පසුගිය ජුලි මාසයේ මද භාගයේදී ඒ වෙනුවට තෙශර ජයසිංහ පත්කරනු ලැබිය.  තෙශර ජයසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහය පලකළ 'එකමුතුව' නමැති සංවිධානයේ කැඳවුම්කරුවේ.

වත්මන් සභාපතිවරයා පසුගිය නොවැම්බර් 05 වෙනිදා ලිට්රෝ සමාගම් ප්‍රධාන කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ, පසුගිය පාලනාධිකාරින් විසින් වසර 10ක් පුරා ලිට්රෝ සමාගමට ගෑස් අනායනය කිරීමේ දි රුපියල් බිලියන 10ක් පමන වංචාවක් සිදුව ඇති බවත් එම මුදල කාගේ හෝ සාක්කුවලට ගොස් ඇති බවත් ය. ජනාධිපතිවරයාගේ දැනුම්දීම මත මෙම කාරනා අනාවරණය කර සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

.

කෙසේවුවද එම ආයතනය විසින් 'වැදගත් නිවේදනයක්' ලෙස සඳහන් කරමින් ඊයේ සහ අද දිනයන් හි පුවත්පත් දැන්වීම් පළකරමින් පවසන්නේ, තම සමාගම විසින් අලෙවි කරනුයේ නිසි ප්‍රමිතිය සහිත සියලුම ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කරමින් ආනයනය කල එල්.පී. ගෑස්  බව යි.

එම දැන්වීමට අනුව සියලු කටයුතු ඉතා නිවරදිව සිදුවන බවත්, විශේෂයෙන් ම ගෑස් මිලදි ගනු ලබන්නේ නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් බවත් අවධාරණය කරයි.

lit c

ලිත්‍රෝ පුවත්පත් දැන්වීම

 

කෙසේවුවද සභාපතිවරයා සිය ආන්දෝලනාත්මක ප්‍රකාශය ඉල්ලා අස්කරගත් බවක් වාර්තා නොවේ.

කෙසේවුවද ජනාධිපතිවරයාගේ අනුදැනුම මත සිදුකල ඔහුගේ එම ප්‍රකාශයට බැසිල් රාජපක්ෂගේ මුදල් අමාත්‍යංශයෙන් බලවත් විරෝධයක් මතුව තිබිණ.
ලිට්රෝ සභාපතිගේ ප්‍රකාශය තුලින් හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු සභාපතිවරුන් වන ගාමිණි සෙනරත් පවා අන්ත දුෂිතයින් බවට හැඟීයන්නේ යයි අගමැති කාර්යාලයෙන් ද බලවත් විරෝධයක් මතුව තිබු බව ද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ගෑස් මිලදි ගැනිම් සිදු කරනුයේ අමාත්‍ය මණ්ඩල පත්කල ප්‍රසම්පාදන මන්ඩලය මගින් බවයි. 

 
එහි අවසාන ටෙන්ඩරය කැඳවා සියලුම තීරනයන් ගෙන තිබුනේ පසුගිය රජය විසින් බවත්, එහි අමාත්‍ය මන්ඩල පත්‍රිකාව මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස 2020 ජනවාරි 31 දින අනුමත කරන ලද බවත් ඒ අනුව මේ දක්වා ගෑස් මිළදී ගැනිම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



ලිට්රෝ : පසුගිය අවුරුදු 10 තුල විෂයබාර අමාත්‍යවරු :


1. මහින්ද රාජපක්ෂ
2. රවි කරුනානයක
3. කබීර් හසීම්
4. මංගල සමරවීර
5. මහින්ද රාජපක්ෂ
6. බැසිල් රාජපක්ෂ




පසුගිය අවුරුදු 10 තුල ලිට්රෝ ගෑස් හිටපු සභාපතිවරු සහ ප්‍රධාන විධායකවරු:

1.ගාමිණී සෙනරත්
2. කුඩාබාලගේ.
3. ශලිල මුනසිංහ.
4. මුදිත පීරිස්
5. නිශ්ශංක නානායක්කාර
6.අනිල් කොස්වත්ත




සංයුතිය ඇහුවම ගෑස් ලොක්කෝ ගොළු වේ !

මේ අතර ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව තොරතුරු දැනුම්දීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම විසින් විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (01) කොළඹදී පැවැත්වූ අතර එහිදී ගෑස් සංයුතිය පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීහු නිරුත්තර වූහ.  

මෙම අවස්ථාවට එම සමාගම නියෝජනය කරමින් මෙහෙයුම් අධ්‍යක්ෂ කමලනාත වික්‍රමසිංහ, පර්යන්ත කළමනාකරු ඉන්ද්‍රසිරි විජයරත්න සහ එහි වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජානක පතිරත්නද සහභාගි වූහ.

පසුගිය දින කිහිපයේ දිවයින පුරා සිදුවූ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් තම සමාගමට මතයක් ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානීහු මාධ්‍ය හමුවේදී පැවැසූහ.

මීට ඉහතදීත් තිබූ ගෑස් සංයුතිය, වර්තමාන වෙළෙඳපොළේ තිබෙන ගෑස් සිලින්ඩර වලත් ඇතැයි සඳහන් කළ ලිට්‍රෝ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමලනාත වික්‍රමසිංහ සිය සමාගමට ගෑස් ගෙන්වනු ලබන්නේ ලිට්රෝ ටර්මිනල් ආයතනයෙන් බවද සඳහන් කළේය.

පසුගිය දිනවල පිපිරීම් සිදුවුණේ ගෑස් සංයුතියේ තිබෙන වෙනස්කම් හේතුවෙන් දැයි මාධ්‍යවේදීන් ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් නිරුත්තර වන සෙයක් දක්නට ලැබිණි.

මෙම තත්ත්වයට හේතුව ගෑස්වල සංයුතිය ප්‍රොපෙන් 50%ක් ලෙස සහ බියුටෙන් 50%ක් ලෙස පැවැතීම නේද? යනුවෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානීන් ප්‍රකාශ කර සිටියේ වර්තමාන වෙළෙඳපොළේ තම ගෑස් සංයුතිය ලෙස ප්‍රොපෙන් 30%ත් 40%ත් අතර අගයකද, බියුටෙන් 60%ත් 70%ත් අතර අගයකද පවතින බවයි.

 
THE  LEADER  TV
 
 
 
ගොංකම කියන්නෙ පුපුරණ එකක් ! | මොණරවිලගේ ලියමන
 

 
රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්