විදුලිබල ඇනහිටිමෙන් ඇතිවූ ජනතා විරෝධය පාදකකර ගනිමින් විදුලිබල ඉංජිනේරු වෘත්තීය සමිති ඒකාධිකාරය

පරාජය කිරීමේ මෙහෙයුමක් වහාම ආරම්භ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ 'තාක්ෂණික දෝෂයක්' හේතුවෙන් අද දිනය පුරා විදුලිබලය ඇනහිට තිබු අතර හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දිවයින පුරා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියේය.

කෙසේවුවද බිඳවැටී තිබු විදුලි සැපයුම මේවනවිට යථා තත්ත්වයට පත්කර තිබෙන අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසා සිටියේ මේ වන විට සියලු ග්‍රීඩ් උපපොළවල් ද යථා තත්ත්වයට පත්කර ප්‍රධාන පද්ධතියට එක්කර ඇති බවය.

ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (03) පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණි.

විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ, මෙලෙස පද්ධතියේ පූර්ණ බිඳවැටීමක් සිදුව ඇත්තේ කොත්මලේ ග්‍රීඩ් උපපොළේ සිට බියගම ග්‍රීඩ් උපපොළ දක්වා විදුලිය රැගෙන එන රැහැන් මාර්ගයේ බිඳවැටීමක ප්‍රතිඵලයක් ලෙස බවය.


ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ විවාදය යන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ද අද විදුලිබලය ඇනහිටී අතර වහාම පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉල්ලා සිටියේය.

 

විදුලි ඉන්ජිනේරු සංගමය ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රීයාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට එම සංගමය තීරණය කළ ද මේ දක්වා ඇතැම් ප්‍රදේශයන්ට විදුලිබලය ලැබී  නොමැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සඳුදා සාකච්ඡාවකට කැඳවා තිබෙන බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවීමට තීරණය කළ බව විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කීය.

අද (03) පස්වරු 4.30 වන විට සියලුම විසන්ධි වූ විදුලි සැපයුම් ජාලා නැවත බලගැන්වීමට හැකියාව ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව මෙගාවොට් 1000ක විදුලිබල සැපයුමක් මේ වනවිට දිවයිනේ සියලුම ජාලාවලට එක් කර අවසන් බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.


කෙසේවුවද රජය විසින් ජනතාවගේ යහපත සඳහා විදුලිබල ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවලට බාධා කරන 'විදුලිබල ඉංජිනේරු මාෆියාව' සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකරන ලෙසත් විදුලි ඉංජිනේරු සංගමය වහාම දුර්වල කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා අදාල බලධාරීන්ට උපදෙස් දී ඇතිබව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.




'වසරකට බිලියන 26ක් මහජන මුදලින් පඩි ගන්නා මාෆියාවක්'

විදුලිබල ඉංජිනේරු සංගමයේ බලපෑම් වලට එරෙහි මෙම ප්‍රචාරක මෙහෙයුමේදී විදුලිබල ඉංජිනේරු සංගමයේ නිලධාරීන් විසින් ටෙන්ඩර්, මිලදී ගැනීම් ආදියෙන් උපයගන්න ධනස්කන්දය පිළිබඳවත් ඔහුන් වාර්ෂිකව වැටුප් හා අධික දීමනා වලින් ලබාගන්න වරප්‍රසාද පිළිබඳවත් ජනතාවට අනාවරණය කිරීමට නියමිත බව ඉහත ආරංචිමාර්ග කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී අදාල ප්‍රචාරක මෙහෙයුම පැවරී ඇති මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සිය අනන්‍යතාවය හෙලිනොකරන්නැයි ඉල්ලා සිටිමින් පැවසුයේ, මේ රටේ ප්‍රධානම මාෆියාවක් වන්නේ විදුලි ඉංජිනේරු මාෆියාව බවයි.  

''කිසිදු පාලකයෙකුට දමනය කර ගැනීමට නොහැකිවූ මේ මාෆියාව මර්දනය සදහා අත තැබූ එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා'' යයි ද ඔහු අවධාරණය අවධාරණය කළේය.

''විදුලිබල මණ්ඩලේ සේවකයින් 26,000ක් විතර ඉන්නවා. එයින් 1300ක් විතර ඉන්නේ ඉංජිනේරුවෝ. ඉංජිනේරුවන්ගේ පඩි වලට විතරක් අවුරුද්දකට බිලියන 26ක් යනවා. එක අයෙකුගේ අවම වැටුප මිලියනයක් විතර. විදේශ සංචාර, වෙනත් දීමනා වලින් අවුරුද්දකට මිලියන 30ක් විතර හම්බ කරනවා. මේ ටෙන්ඩර් වලින් හම්බකරගන්න ගානට අමතරව. විදුලිබල මණ්ඩලේ අලුත් සභාපතිතුමා විදුලිබල මණ්ඩලේ ඉංජිනේරුවන්ගේ සේවා කාලය වයස 60 සිට 61 දක්වා දීර්ඝ කළා. දැන් ආණ්ඩුවත් එක්ක ගැටුමක් හදාගෙන ඉන්නේ ඕකට. ඔය වර්ජන කතා ඔක්කොම එයාලගේ වාසියට. මේ ඉංජිනේරු මාෆියාව වට්ටන්න මෙච්චරකල් ආණ්ඩු කල කාටවත් බැරි වුනා. ගෝඨාභය ජනාධිපතිතුමා දැනටම ඔය වෘත්තීය සමිතිය දෙකඩ කරලා ඉවරයි..'' එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. 

 


 

THE  LEADER  TV
 
 
 

බඩුමිල වැඩි කළාම සියය 10 ක් ඇමතිට !| මොණරවිලගේ ලියමන

 
PB පස්සේ ගිය BOI ලොක්කට වෙච්ච දෙයක් !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්