විදිමත් මුල්‍ය පද්දතියෙන් පරිබාහිරව අවිධිමත් ක්‍රම හරහා විදේශ විනිමය මෙරටට ප්‍රේෂණය කරනු ලබන සහ එසේ මුදල් බෙදාහරිනා

පුද්ගලයින්ට මහ බැංකුව අනතුරු ඇඟවීමක් නිකුත් කළේ ය.

ඒ, එවැනි කටයුතුවල නිරත වන අයගේ බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව අවධාරණය කරමිනි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සියලුම සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ඉපැයීම් නැවත ගෙන්වා ගැනීමට නීත්‍යානුකූල මාර්ග පමණක් භාවිතා කරන ලෙසයි.

dftrt


එවන සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක්

දෙසැම්බර් මාසය තුළදී මෙරටට එවන සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් ගෙවීමට මහ බැංකුව පියවර ගෙන ඇත. විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන විදේශීය ප්‍රේෂණ පහළ යාම හමුවේ මහ බැංකුව මෙම පියවර ගෙන ඇති බවට විශ්ලේෂකයන් පවසන අතර මහ බැංකුව පවසන්නේ විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින් දිරිමත් කිරීමේ අරමුණින් එය සිදුකරන බවයි.

මහ බැංකුව නිවේදනය කළේ, "විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය" පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් මෙහෙයුම් උපදෙස් අදාළ ආයතන වෙත නිකුත් කර ඇති බවයි.


 121921734 screenshot2021 12 02at12.39.05ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA CENTRAL BANK

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් "විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය" යටතේ ඇමෙරිකානු ඩොලරයක් සඳහා දැනටමත් ලබා දෙන රුපියල් 2.00ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය කර 2021.12.01 සිට 2021.12.31 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අමෙරිකානු ඩොලරයකට රුපියල් 8.00ක අමතර දිරි දීමනාවක් ලබා දෙනු ඇත.

ඒ අනුව, 2021 දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා ලැබෙන මුළු දිරි දීමනාව අමෙරිකානු ඩොලරයකට රු. 10.00කි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන අතිරේක දිරිගැන්වීම් හේතුවෙන්, විධිමත් බැංකුකරණ මාර්ග ඔස්සේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ආකර්ෂණය වනු ඇතැ යි මහ බැංකුව පවසයි.

එමඟින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇතැ යි ද මහ බැංකුව අපේක්ෂා කෙරේ.

ඒ අතරම, අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පියවර ගනිමින් සිටින අතර, එමඟින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇතැ යි මහ බැංකුව නිවේදනය කළේ ය.



විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළට:


2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් පෙන්නුම් කරන බව මහ බැංකුව පවසයි. මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය මාස කිහිපය තුළම එම අඩුවීම පෙන්නුම් කරයි.

මහ බැංකුවේ දත්තවලට අනුව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙරටට ලැබී ඇති විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 353කි. 2020 වසරේ සැපැතැම්බර් මාසයේදී එය ඩොලර් මිලියන 703ක් විය. ඒ අනුව එහි පහළයාම 49.7%කි.

2021 වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 4,577කි. 2020 වසරේ එම කාලසීමාව තුළ එහි වටිනාකම ඩොලර් මිලියන 5,049ක් විය. ඒ අනුව 2020 වසරට සාපෙක්ෂව ප්‍රේෂණවල සමස්ත අඩුවීම 9.3%කි.




ඩොලර් හිඟය හමුවේ මහ බැංකුව මංමුලා වී ඇද්ද?


ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළේ, බැංකුවලට ප්‍රේෂණ ගෙන්වා ගැනීමට පොළඹවාලීම සඳහා මුංමුලා වූ මහ බැංකුව ඩොලරයකට අමතර රුපියල් 10ක් ගෙවමින් "කැරට් පෙන්වීමක්" කර ඇති බවයි.

yuur6ty

නීතිවිරෝධී විදේශීය මුදල් මාරුකිරීම් සඳහා භාවිතා කරන ගිණුම් අත්හිටුවීමේ තර්ජනය පිළිබඳව ද අදහස් දක්වමින් ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළේ, පළමුව මෙය 1977ට පෙර පැවති මිල අධික බහු විනිමය හුවමාරු භාවිතයන් වෙත ආපසු යාමක් බවයි. එවැනි මුදල් එවීම් අනාවරණය කළ නොහැකි බැවින්, මෙවැනි තර්ජන බලාත්මක කිරීමට අපහසු පියවරක් වනු ඇතැ යි ද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.


මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තැබූ ට්විටර් සටහනට ප්‍රතිචාර දක්වමින් පුද්ගලයින් පවසා ඇත්තේ, "අපි 203/-කට ප්‍රේෂණය නොකරන අතර අවම වශයෙන් 230/-ක් බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් 203/-ට වඩා තවත් 10/-ක් ගෙවීමට ස්තුතියි. ඒ කියන්නේ ඔබ ඩොලරය 203/-ට වඩා වටින බව ඔබ දන්නවා," යනුවෙනි.


rtwert


රටේ පවතින විදේශ විනිමය හිඟකම හේතුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විදේශ මුදල් හුවමාරු ආයතන ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 235-240ක් අතර මිලක් ගෙවූවත්, මහ බැංකුව එයට මැදිහත් වී එම ආයතනයන් වෙත දැනුම් දී ඇත්තේ ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 198.50ක් පමණක් ගෙවන ලෙසයි.


එහෙත් ණයපත් (credit card) හරහා සිදුකරන විදේශීය මිල දී ගැනීම් සඳහා වාණිජ බැංකු විසින් ඇමරිකානු ඩොලරයකට රුපියල් 220ත් 230ත් අතර මුදලක් අය කරයි.

තම විදේශ ප්‍රේෂණවලට ඉතා අවම මිලක් ගෙවීම හේතුවෙන් බොහෝ දෙනෙකු අවිධිමත් ක්‍රම හරහා වැඩි මිලකට විදේශ විනිමය මෙරටට ප්‍රේෂණය කිරීමත් සමග, රටට නිල සහ විධිමත් ක්‍රම හරහා ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළ බැස ඇත.


උද්ධමනයත් ඉහළට...

2021 නොවැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 9.9 දක්වා ද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සියයට 5.3 දක්වා ද ඉහළ ගියේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.6හි සිට, 2021 නොවැම්බර් මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගොස් ඇත. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.8හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 5.3 දක්වා ඉහළ ගියේය.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළයෑම් මේ සඳහා හේතු වී ඇතැ යි මහ බැංකුව කියයි.

මෙහිදී, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 12.8හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 17.5 දක්වා ඉහළ ගොස් ඇත. ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය.


ආර්ථික විශේසඥයින් පවසන්නේ රටේ උද්දමනය ඉහළයාමට සාපේක්‍ෂව සහ ගෝලීය බලපෑම් වලට අනුව රුපියලද අවප්‍රමාණය විය යුතු නමුත් මහ බැංකුව විසින් අස්වාභාවිකව රුපියලේ අගය ඉහල අගයක පවත්වාගෙන යාමෙන් අද රටේ ඇති වී ඇති මෙම විදේශ විනිමය ගැටලුවට මුහුණ දීමට සිදුවී ඇති බවයි.


(BBC සිංහල සේවය)

 

 


 

THE  LEADER  TV
 
 
 

බඩුමිල වැඩි කළාම සියය 10 ක් ඇමතිට !| මොණරවිලගේ ලියමන

 
PB පස්සේ ගිය BOI ලොක්කට වෙච්ච දෙයක් !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්