විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කර සැපයීම සඳහා වහාම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින්

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට හා රජයේ මුද්‍රණාලයට උපදෙස් ලබාදී ඇත.

දැනට මෙරට විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කර සපයනු ලබන්නේ ඉන්දුනිෂියානු සමාගමක් විසිනි.

විදේශ ගමන් බලපත්‍ර දස ලක්ෂයක පමණ ප්‍රමාණයක් එම විදේශීය සමාගම මගින් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි 100 ක පමණ මුදලක් ගෙවීමට සිදුව ඇති අතර විදෙස් ගමන් බලපත්‍ර දස ලක්ෂය ප්‍රමාණවත් වන්නේ වසර එකහාමාරකට පමණි.

අවශ්‍ය පහසුකම් සපයා දෙන්නේ නම් රජයේ මුද්‍රණාලය මගින් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කළ හැකි බවත් එම පහසුකම් සැපයීමට රුපියල් කෝටි 70 ක පමණ මුදලක් වැය වනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය රජයට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

පිටු 64 කින්  යුත් විදේශ ගමන් බලපත්‍රයක් රුපියල් 350 ත් 450 ත් අතර මිලකට රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කළ හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දී ඇත.


ඩොලර් සංචිත අර්බුදයට පිලියමක් !

විදේශ සමාගමකට දී ඇති විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය රජයේ මුද්‍රණාලයට ලබාදෙන්නැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ද පසුගිය වසරේ (2020) සැප්තැම්බර් මාසයේ දී පමණ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ.

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය විදේශ සමාගමකට දී ඇති අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම් අනුව තවත් වසර දෙක හමාරක පමණ කාලයක් එම විදේශ සමාගම විසින් බලපත්‍ර මුද්‍රණය කෙරෙන ඇති බව පවසමින් එම යෝජනාව නොසලකා හැර තිබිණ.

කෙසේවුවද මෙරට ඩොලර් සංචිත සීමාවී බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින මේ අවස්ථාවේදී විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය හා සැපයීම රජයේ මුද්‍රණාලය වෙත ලබාදීම තුලින් වසරකට රුපියල් බිලියන ගණනක් ඉතිරිකර ගත හැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම රජයේ බලධාරීන්ට පෙන්වා දී තිබේ.

 

 

 


 

 THE  LEADER  TV

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !  

 

 

අන්තවාදයට එරෙහිව මොණරවිල අවි අතට ගනී! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්