මෑත වකවානුවේදී පාර්ලිමේන්තුව තුළ සිදුවන සිදුවූ සහ අදටත් සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් දකින විට බලවත් ලෙස කම්පාවට පත් වනබවත් එය දැඩි සංවේගයට කාරණයක් බවත් හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.


කෝවිඩ් වසංගතයෙන් දහස් ගණනක් ජීවිත නැති වන විට විදේශ විනිමය හිඟකම නිසා ජන ජීවිතය අවුල් වී ඇති අවස්ථාවක සිදු විය යුත්තේ සමගියෙන් හා එකමුතුව එම ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළින් විසඳා ගැනීම බව හිටපු කතානායකවරයා කියා සිටියි.

එමෙන්ම ජාතික ආගමික හා දේශපාලන සමගිය මෙරට ඇති නොවුණහොත් රට තවදුරටත් පිරිහීම වැළැක්විය නොහැකි බව පෙන්වාදෙන කරු ජයසුරිය හිටපු කතානායකවරයා, එය අප නූපන් පරපුරට කරන ද්‍රෝහිකමක් බවත් බව අවධාරණය කර සිටියි.

'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය එබව කියා සිටියේ, එම සංවිධානයේ කිරුළපන කාර්යාලයේදී අද (07) දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදිය.

පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් හිටපු කතානායකවරයා මෙසේද සඳහන් කළේය.




''පාර්ලිමේන්තු නියෝජිතයින්ට ගරු මන්ත්‍රීතුමා වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඔවුන් සැබවින්ම ගරුකටයුතු වියයුතු නිසයි.  ඔවුන්ගේ දින චර්යාව ඒ පදවියට ගෞරවයක් ලෙස පැවතිය යුතුයි. ඔවුන්ගෙන් නිරූපණය වියයුත්තේ රටේ ගෞරවය යි. එබැවින් රටේ ජනතාවට අපහාසයක් සිදුනොවන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරිය යුතුව තිබෙනවා.



අතීතයේදීත් පාර්ලිමේන්තුවේ ඇති වූ සමහර සිද්ධීන් නිසා අප පාර්ලිමේන්තුවේ ගෞරවයට හා කීර්තිනාමයට විශාල හානියක් සිදු වුණා. අදත් එවැනි දේ පුනපුනා සිදුවන බවක් පේනවා. එය කනගාටුවට කරුණක්, එපමණක් නොව භයානක ප්‍රවණතාවයක්.

මෑතකදී සිට පාර්ලිමේන්තුවේ දී කාන්තාවන්ට අපහාස කිරීම් වැනි දේවල් වාර්තා වුණා. එය කනගාටුවට කරුණක්.



''ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්''



එමෙන්ම පාර්ලිමේන්තුව තුළ එකිනෙකාට චෝදනා කිරීම සඳහා අසභ්‍ය වචන පාවිච්චිය, චරිත ඝාතනය වැනි දේවල් ශීලාචාර සමාජය අනුමත කරන්නේ නැහැ.
අද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රසිද්ධියේම තර්ඡනය කරන මට්ටමට, පහරදෙන මට්ටමට එම තත්වයන් වර්ධනය වෙලා. විශේෂයෙන්ම අහඹු සිදුවීම් ලෙස නොව සංවිධානාත්මක ලෙස හා සැලසුම් සහගතව එවැනි දේවල් සිදුවන්නේ නම් එවැනි රටකට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ නැහැ.

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමටත් තර්ජන නිසා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වනතුරු පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව වාර්තා වුණා. එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්.''

ඉතා ඉක්මනින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මෙය නිරාකරණය කරගනු ඇතැයි තමා උදක්ම බලාපොරොත්තු වන බව හිටපු කතානායකවරයා සඳහන් කළේය.

jpg
''2018 ඔක්තෝම්බර් 28 වෙනිදා අප්‍රසන්න ප්‍රචණ්ඩකාරී සිද්ධිය ද අද මෙන්ම ලෝකයාට ක්ෂණිකව ප්‍රචාරය වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයම එම සිද්ධිය හෙළා දුටු අතර දින 52 ආණ්ඩුව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් පිළිනොගැනීම තුළ රටට විශාල අපකීර්තියක් අත් වුණා. මේ කරුණු වේදනාවෙන් වුවත් සුළුවෙන් හෝ සඳහන් කළේ අප පාර්ලිමේන්තුවේ ගරුත්වය ඉදිරියටත් රැක ගැනීමේ උදාර පරමාර්ථයෙනුයි. ඒ සිද්ධියට සහභාගි වූවන්ට මා අනුකම්පා කරනවා.''


මහජන නියෝජිතයින් වෙනුවෙන් 2018 වර්ෂයේ දී ආචාර ධර්ම පද්ධතියක් ප්‍රකාශයට පත් කළේ පාර්ලිමේන්තුවේ හා මහජන නියෝජිතයින්ගේ ගරුත්වය රැක ගැනීමට බව කියා සිටි හිටපු කතානායක වරයා, එහි සඳහන් වූ

වැදගත් කරුණු ද සිහිපත් කළේය.




1. සෑම මන්ත්‍රීවරයෙකුම මූලික අයිතිවාසිකම් වලට අදාල නීතිය පිළිපැදිය යුතුයි.

2. සෑම මන්ත්‍රීවරයකු ම ජාතියේ යහපත සඳහා ක්‍රියා කළ යුතුයි.

3. සෑම මන්ත්‍රීවරයකු ම මහජන සබැඳියාවන් සැලකිල්ලට ගත යුතුය.

4. රජයේ පත්වීම්, කොන්ත්‍රාත්, යම් ප්‍රදාන හෝ වෙනත් යම් ප්‍රතිලාභ සඳහා තැනැත්තන් නිර්දේශ කිරීමේදී කුසලතා මත සිදුවිය යුතුය.



චර්යා රීති :


සෑම මන්ත්‍රීවරයකු ම පාර්ලිමේන්තුවේ පහත දැක්වෙන රීතිවලට අනුකූල විය යුතු බවද හිටපු කතානායකවරයා පෙන්වා දුන්නේය. 


A. හෘදය සාක්ෂියට එකඟව කටයුතු කිරීම.

B. මානව අයිතිවාසිකම් වලට සහ ජනතාවගේ නෛසර්ගික අභිමානයට ගරු කිරීම.

C. ජනතාවගේ විශ්වාසය සහ ගෞරවයට යෝග්‍ය වන පරිදි කටයුතු කිරීම.

D. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජීව ගුණයෙන් බැඳී සිටීම සහ බලතල බෙදීමේ න්‍යාය සහ නීතියේ ආධිපත්‍යය යන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක සංකල්ප බලාත්මක කිරීම.

E. තමන් වගකිව යුතු චර්යාව සහ කාර්යභාරය සම්බන්ධයෙන් වගකිව යුතු වීම.

F. යම් නීතියක් යටතේ තමන්ට භුක්ති විඳීමට හිමිකම් ඇති වරප්‍රසාද භාවිත කිරීම සහ තමා විසින් දරනු ලබන රාජ්‍ය නිලයෙහි කටයුතු අනලස්ව අභිමානයෙන් යුක්තව නිසි සැලකිල්ල ඇතිව ගෞරවයෙන් ඉටු කිරීම.


සෑම මන්ත්‍රීවරයෙකුම පාර්ලිමේන්තුව ඵලදායී සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මකවීම සඳහා දායකවීම සම්බන්ධයෙන් පෞද්ගලිකව වගකිවයුතු වෙනවා.

සෑම මන්ත්‍රීවරයකුම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කාර්යභාරය, ස්වාධීනත්වය, අයිතිවාසිකම් සහ වගකීම් වලට ගරු කළ යුතුයි.

සෑම මන්ත්‍රීවරයකු ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ දී විධායකය පාර්ලිමේන්තුවට වගකිව යුතු බව සහතික කිරීමෙහිලා වගකිව යුතුයි.

කිසිම මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ හෝ එහි මන්ත්‍රීවරයන් ගේ හෝ රටේ කීර්තියට සහ ඒකාග්‍රතාවයට හානිකර වියිහැකි යම් කටයුත්තක් භාර නොගත යුතුයි.



මීට අමතරව පොදු දේපල භාවිතා කිරීම හා පෙලඹවීම්, පැමිණීම, හැසිරීම් හා ආචාරශීලීත්වය පාර්ලිමේන්තුවට පැමිණෙන විට සැරසිය යුතු ඇඳුම ගැන ද නීති රීති සඳහන් වී ඇත. වර්තමාන අර්බුදය තුළ සියලු ගරු මන්ත්‍රීවරුන්ගේ අවධානය පහත සඳහන් රීති ගැන යොමු කිරීම අතිශයින් වැදගත් බවද කරු ජයසුරිය සඳහන් කළේය.
 


30. මන්ත්‍රීවරයන් ආචාරශීලීව කටයුතු කළයුතු අතර, දේශපාලන කථාවලදී, කතාවලදී සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තු විවාද වලදී උචිත භාෂාවක් භාවිත කළ යුතුය.


31. කිසිම මන්ත්‍රීවරයකු යම් තැනැත්තෙකුට පහරදීම, හිරිහැර කිරීම හෝ තර්ජනය කිරීම නොකළ යුතුය.


32. සෑම මන්ත්‍රීවරයකු ම සිය සාමාජික මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද මහජනතාව ද සම්බන්ධයෙන් ගෞරවාන්විතව, ආචාරශීලීව සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුය.



රටේ උත්තරීතර ස්ථානය වන පාර්ලිමේන්තුව ආදර්ශමත් ස්ථානයක් විය යුතුයි. එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමටත් ඒ අයිතිය පිළිගැනීමටත් ගරු මන්ත්‍රීවරුන් නිහතමානි විය යුතුයි . රටේ ප්‍රශ්ණ විසඳිය යුත්තේ පාර්ලිමේන්තුව තුළිනුයි.

කෝවිඩ් වසංගතයෙන් දහස් ගණනක් ජීවිත නැති වන විට විදේශ විනිමය හිඟකම නිසා ජන ජීවිතය අවුල් වී ඇති අවස්ථාවක සිදු විය යුත්තේ සමගියෙන් හා එකමුතුව එම ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළින් විසඳා ගැනීමයි.

එමෙන්ම ජාතික ආගමික හා දේශපාලන සමගිය මෙරට ඇති නොවුණහොත් රට තවදුරටත් පිරිහීම වැළැක්විය නොහැක. එය අප නූපන් පරපුරට කරන ද්‍රෝහිකමකි.''
 
THE  LEADER  TV
 
 
ප්‍රවේශම්වන්න, ගහපු විදිහ හොයන්න බැරිවෙන්න ගහපු අය පිටියට? | මොණරවිලගේ ලියමන
 



මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්