දෙමළ ජන සංයුතිය හීන කරමින් උතුරු නැගෙනහිර පළාත් සිංහලකරණයට ලෝක මුල්‍ය ආයතන

ශ්‍රී ලංකා ආණ්ඩුවට ආධාර ලබා දෙන බවට  දෙමළ දේශපාලන නායකයකු චෝදනා කර තිබේ.

''ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ යුරෝපා සංගමය විසින් උතුරු නැගෙනහිර දෙමළ ජන සංයුතිය වෙනස් කිරීමේ වැඩසටහන් කරන්න ආණ්ඩුවට ආධාර දෙනවා,''යැයි නොවැම්බර් 07 වැනිදා පැවති පරිසර, වනජීවි සහ වන සංරක්‍ෂණ, වනජීවී ආරක්‍ෂක අලි වැට සහ අගල්, නැවත වන වගා, වන සංවර්ධන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදයට සහභාගි වෙමින්  දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කියා සිටියේය.

 උතුරු වවුනියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෙඩිවෛත්‍යකුලම් හි ජනතාව 1984 වසරේදී රජයේ හමුදා හා ග්‍රාමාරක්ෂක භටයන් විසින් බිය ගන්වා පළවා සිය ගම්බිම් වලින් පළවා හරින ලදී.

 ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ යුද නිමාවත් සමග නැවත පදිංචියට අනුමැතිය ලබා නොදුන් එම ප්‍රදේශය පෙරියකට්ටි කුලම් ලෙස මායිම් පුළුල් කරමින් වන රක්ෂිතයක් බවට පත් කළ බවය.

''මේ ප්‍රදේශයට අයිති යුද අවසානයත් එක්ක ජනතාවට යලි පදිංචි වීමට අනුමැතිය නොදුන් කච්චල්මලන්කුලම් ගමේ නම `සපුමල් තැන්න` කියා මාරු කරලා, `සපුමල්ගස් කඩ` කියලා බෞද්ධ පන්සලකුත් හදලා, ඒ විතරක් නොවේ පෙරියකට්ටි කුලම් හා ඊට යාබදව තිබුණු කුඩා වැවක් එක් කරලා කැලෑවත් සුද්ද කරලා විශාල වැවක් හදලා තියෙනවා,'' යි දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරයා පවසයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ  දෙමළ ජනයා වගා කළ  කුඹුරු ඉඩම් අක්කර 300ක් අත්පත් කර ගනිමින් ආණ්ඩුව සිංහල ජනයා පදිංචි කර ඇති අතර මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ යටතේ සපුමල්ගස් කඩ විහාරයට පිවිසෙන කාපට් මාර්ගයක් ලෙස ඉදිකෙරෙන බවය.


''වන සංරක්ෂණ අණ පනත් හරහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අයත් ඉඩම් අත්පත් කරගෙන මහ ජාතීන්ට දීලා, දෙමළ ජන සංයුතිය වෙනස් කරලා අපේ ජාතිය විනාශ කරන්නයි හදන්නේ,'' යැයි ආණ්ඩුවට චෝදනා කරන සෙල්වරාසා ගජේන්ද්‍රන්, ''දෙමළ මිනිස්සුන්ට තමන්ගේ ගම් බිම් වල නැවත පදිංචි වෙන්න අනුමැතිය දෙන්න ඕනෑ,''යැයි ආණ්ඩුවට බලකර සිටී.

ඔහු පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියේ ජනයාට පදිංචි විය හැකි ප්‍රදේශ කඩිමුඩියේ වන රක්ෂිත බවට පත් කරන්නට හේතුව කුමක්ද යන්නයි.

 

 


 

THE  LEADER  TV
 
 
 
 

ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන  

 

නිමල් සිරිපාලගෙන් බැසිල්ට ටොක්කක්! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්