මගී ප්‍රවාහන සැහැල්ලු ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකට යාමේදී සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු රෝහල් ගතකර තිබේ.



යානයේ ඇති වූ කාර්මික දෝෂයන් හේතුවෙන් එය කටාන කිඹුලපිටිය ප්‍රදේශයට ගොඩබැස්සීමට නියමුවා පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර ප්‍රකාශ කළේය.

එහිදී සිදුවූ අනතුරින් නියමුවා සහ නියමුවරිය මෙන්ම කාන්තාවක්ද තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

එම පුද්ගලික ගුවන් යානය සංචාරක යුවළක් රැගෙන රත්මලානේ සිට සීගිරිය බලා ගොස් නැවත කොග්ගල ප්‍රදේශයට පියාසර කරමින් සිටිය දී ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.

තුවාල ලැබු සිව්දෙනාම මේ වන විට මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මීට දින කිහිපයකට පෙර ද පයාගල වෙරළ තීරණයට සැහැල්ලු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට පියවර ගනු ලැබීය.

පොලීසිය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


crash

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip

 


බුද්ධි අංශ ඔත්තුවක් නිසා තිරුපතිට විශේෂ ආක්‍ෂාවක් ! |මොණරවිලගේ ලියමන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්