ශ්‍රී ලංකාව දැවැන්ත විනිමය අර්බුදයට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින්

නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 3.1 ක් දක්වා වැඩිවී ඇතැයි සිදුකරමින් තිබෙන මාධ්‍ය සංදර්ශනය තවදුරටත් මුළු රටම රැවටීමක් පමණක් යැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

ඔහු එබව කියා සිටියේ, මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් නිකුත්කර ඇති ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමිනි.

“මීට පෙර කරන ලද දැනුම්දීම් සහ නිවේදන අනුව යමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත ප්‍රමාණය අද ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ළඟා වුණා. මේ වසර අවසානයේදීත් සංචිත ප්‍රමාණය එම අගයේම පවතිනු ඇත.” යනුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් ගේ ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.

kabral 3.1

කෙසේවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව වැනි වගකිව යුතු ආයතනයක් මෙම සංචිත වැඩිවූ ආකාරය පිළිබඳව මූලාශ හෙළි කිරීමෙන් හිතාමතාම වැලකී ඇති බවයි.

වර්තමාන ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ තිබෙන ප්‍රතිරූපය දිනෙන් දිනම බිඳවැටෙමින් තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි අධිපතිවරයා විසින් ජනතාවට සත්‍ය වසන් කරමින් ව්‍යාජ චිත්‍රයක් මතුකරමින් සිටින්නේයැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.


කාවද මේ රවටන්නේ?

“අපි උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ගෑස්, කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්නවත් ඩොලර් නෑ. මෙම විදේශ විනිමය අර්බුදය විසඳීමට කෙටි කාලීන ප්‍රවේශයක් ලෙස මූල්‍ය අරමුදලට යන්නැයි විද්වතුන් උපදෙස් දුන්නත් මේ ආණ්ඩුව ඒක ගණන් ගත්තේ නෑ. දැන් මහ බැංකු අධිපතිවරයා සුපර් මෑන් කෙනෙක් විදිහටයි කතා කරන්නේ. කිව්ව විදිහට විදේශ සංචිතය වැඩි කළාලු. එහෙනම් හෙට ඉඳල සියළු ප්‍රශ්න විසඳෙන්න ඕන. කාවද මේ රවටන්නේ?

මේ සංචිත වැඩිවීමත් අර කැළණියේ නයා වගේ කතාවක්. අපිට ආරංචි වෙන විදිහට මේ සංචිත වැඩිකරගෙන තියෙන්නේ චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 කින්. ඒවා වියදම් කරන්න පුළුවන් යම් යම් සීමාවන්ට යටත් වී පමණයි.“



දේශපාලකයින් විසින් දිගුකාලීනව රටට සත්‍ය වසන් කිරීමත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව පිනවීමත් නිසා රට මේ ආකාරයෙන් අගාධයට ගියබව පෙන්වා දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ, රට මුහුණ දෙන සැබෑ විදේශ විනිමය අර්බුදය වසන් කරමින් මේ ආකාරයෙන් මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කිරීමෙන් රට තව තවත් අගාධයටම ගමන් කරන බවයි.

 


“මේ ආණ්ඩුවට දිගුකාලීන දැක්මක් නෑ. එදා වේල ටුවර්ස් තමයි වැඩ කරන්නේ. නිළ විදේශ සංචිතය කොහෙන් හරි අතමාරුවක් අරගෙන කෙටි කාලයකට වැඩිකරගෙන ගහන්න තියන හැම කරණමක්ම ගහනවා. මේකට කියන්න තියෙන්නේ නැව ගිලුණත් බෑන් චූන් කියලයි.

අපිට ඩොලර් බිලියන 3.1 ක් හැරෙන්නවත් මදි. ටික දවසක් මේ සතුට තියේවි. ආයිත් අර පරණ දුකටම වැටෙනවා. මේ නිසා, මෙම විදේශ විනිමය අර්බුදය පිළිබඳව මීට වඩා වගකීමකින් කටයුතු කර එය දිගුකාලීනව තිරසාරව විසඳාගන්නා මාර්ගයකට අපි රටක් විදිහට අවතීර්ණ විය යුතුයි. මේ මාධ්‍ය සංදර්ශන වලින් නම් රටට වැඩක් වෙන එකක් නෑ.“

මේ වනවිට, මෙරට වෙළෙඳපොළේ තිබෙන ඩොලර් ප්‍රමාණයත් මහ බැංකුව අළුත් නීති රීති දමමින් ඇද ගනිමින් සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.



සබැඳි පුවත් :

කබ්රාල් ගේ විදේශ සංචිත නිවේදනය ඉලක්කම් විජ්ජාවක් - රජිත් කීර්ති තෙන්නකෝන්

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත හිටි හැටියේ ඉහළට !

 

 

 
 
 
ඇත්තටම The Leader 
 
 
 

 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

 

මයන්තට බැසිල්ගෙන් කොන්ත්‍රාත්තුවක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්