පරිසර ඇමැතිගේ බලපෑමෙන් මහවැලි ගඟ හැරීමට අවසර ලබා දී ඇති බවට පරිසර සංවිධානයක් චෝදනා කරයි.

 


"ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් අමාත්‍ය මහින්ද අමරවීරට අවැසි හිතවතුන් වෙත වැලි කැණීම්  බලපත්‍ර නිකුත් කරන ලෙස ඔහු භූ විද්‍යා හා පතල් කැණීම්  කාර්යාංශයට  දිගින් දිගටම බලපෑමි කරමින් සිටී."

මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර් විසි හතක භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දි ඇති බවයි පරිසර හා සොබාදහම්  අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ.




නිවේදනයක් නිකුත් කරමින් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ, ස්වාභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැණීම්  සදහා අවසර ලබාදී ඇත්තේ අහංගම කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙත බවයි.




භූ විද්‍යා පතල් කාර්යාංශය විසින් මහා පරිමාණ කැණීම්  සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සදහා පාරිසරික තක්සේරුවක්  සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදී තාවය පිළිබද අධ්‍යයනය කල යුතු බව පෙන්වා දෙන පරිසරවේදියා අවධාරණය කරන්නේ එසේ නොමැතිව මහා පරිමාණ  වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධී  ක්‍රියාවලියක් බවයි.
   
මීට පෙර මෙම ප්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශවාසීන්  විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීම මෙම ස්වාභාවික  පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබු ආකාරය පරිසර හා සොබාදහම්  අධ්‍යයන මධ්‍යස්ථානය සිය නිවේදනය මගින් වැඩි දුරටත් සිහිපත් කර තිබේ.

"එමෙන්ම විසල්මා කන්ස්ට්‍රක්ෂන් ආයතනය වැලි කැණීම්  සඳහා බලපත්‍ර ඉල්ලා සිටියත් එම ප්‍රදේශයේ ඇති පාරිසරික සංවේදීභාවය නිසාම එම වැලි බලප්‍රතය ලබාදීම භූවිද්‍යා හා පතල් කාර්යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි."

අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමෙිදී ස්වාභාවික ලෙස නිරීමාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශයක් මෙන්ම ස්වාභාවික  පාරිසරික සංවේදී කලාපයක්ද වන බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙයි.

2021/57/B අංකයෙන් නිකුත් වූ  2021 ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධව කල වාර්තාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත කර ඇති නිසා එමගින් මහවැලි ගඟේ ඉවුරට විශාල වශයෙන්  හානි පැමිණ ඇති බව පවසන පරිසර හා සොබාදහම්  අධ්‍යයන මධ්‍යස්ථානය තව දුරටත් පෙන්වා දෙන්නේ  ප්‍රදේශයේ ලවනතාවය වැඩි වී ඇති බවට පර්යේෂණ මගින් සනාථ වී ඇති බවයි.

 

 

Leader Whats app

 
 
 
   
බැසිල්ගෙ ගෝලයා ජනපතිට ටොකු අනී! | Gossip
 


සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්