දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පුර්ණ බලතල සහිතව ක්‍රියාත්මක කිරීමට ලංකා ආණ්ඩුවට බල කරන ලෙස

ඉල්ලා දෙමළ බස කතා කරන පක්‍ෂ සකස් කළ අවසන් ලියවිල්ල ප්‍රමුඛතම දෙමළ දේශපාලන පක්‍ෂයක් ප්‍රතික්ෂේප කර තිබේ.

''පෙඩරල් ව්‍යුහයක් ඇතුළු විෂයන් රැසක් අවසන් ලියවිල්ල මගින් කප්පාදු කර ඇති බැවින් ඉලංගෙයි තමිල් අරසු කච්චි එය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා,'' යැයි  ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥනම් ශ්‍රීධරන් යාපනය මාධ්‍ය සමාජයට  උතුරේ මාධ්‍යවේදීන් කැඳවා පැවසීය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පුර්ණ බලතල සහිතව ක්‍රියාත්මක කිරීමටත්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉල්ලා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ට යැවීමට දෙමළ, මුස්ලිම් සහ කඳුකර දෙමළ  දේශපාලන පක්‍ෂ නායකයන් විසින් සාකච්ජා වට කිහිපයක් පවත්වා ලියවිල්ලක් සකස් කොට තිබේ.

''13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපිට ඉදිරි ගමනක් නැහැ. ගෝලීය වශයෙන් ඉන්දියාව අපිට සහයෝගය දුන්නත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්  ප්‍රාන්ත රාජ්‍ය අභිබවා බලයක් දෙන්න ඉන්දියාව කැමති වෙන්නේ නැහැ,'' යැයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී වරයා පෙන්වා දෙයි.

ඉන්දියාව පසු පස ගොස් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන ලෙස ඉල්ලා සිටියත්, ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඔවුන් ඇඟිලි නොගසන බව ඉන්දියාව පැවසුවොත්, කළ යුත්තේ කුමක්ද කියාත් සිතා බැලිය යුතුයැයි ද ඔහු පවසයි.


# 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළු මනින්ම ක්‍රියාත්මක කිරීමේදී උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ගැන ප්‍රශ්නයක් පැන නැගී ඇති බැවින් සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඉල්ලා සිටින්නේ තම ස්ථාවරය ප්‍රකාශ කිරීමට යම් කාලයක් අවශ්‍ය බවය.


# උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට සඳහා දෙමළ දේශපාලන පක්‍ෂ කරන ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා ඇත්තේ මුස්ලිම් දේශපාලන පක්‍ෂ ඊට සහයෝගය ලබා නොදිය යුතු බවයි.


# යෝජිත ඒකාබද්ධ ලියවිල්ල සකස් කිරීමට පැවති මුල් සාකච්ජා වල සිටම එක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ට සිය පක්‍ෂ අභ්‍යන්තරයෙන් එල්ල වෙන බලපෑම හේතුවෙන් මෙතෙක් ඊට අත්සන් තැබීම ගැටළුවක් වී ඇත.



''ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ට එයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අවනත කර ගන්න බැරිව කොහොමද දෙමළ කතා කරන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත්වෙන්නේ,'' යැයි  ශ්‍රීධරන් මාධ්‍යවේදීන් හමුවේ  ප්‍රශ්න කළේය.



රවුෆ් හකීම් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේත්, රිෂාඩ් බදියුදීන් නායකත්වය හොබවන සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් හත් දෙනා එක්ව වෙනම පෙරමුණක් ලෙස රාජපක්‍ෂ ආණ්ඩුව සමඟ එක්වීමට තීරණය කර තිබේ.


 

ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් ජනාධිපතිවරයා වටා බලතල යළි ඒකරාශී කිරීමට ඉවහල් වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා ආණ්ඩුවේ අයවැයට එරෙහිව පක්‍ෂ නායකයන් ජන්දය ප්‍රකාශ කරද්දී මෙම මන්ත්‍රී පිරිස සිය පක්‍ෂ තීරණයට එරෙහිව යමින් රාජපක්‍ෂ ආණ්ඩුවට පක්ෂව ජන්දය ලබාදුනි.

මෙසේ වෙනත් පෙරමුණක් ලෙස මොවුන් ආණ්ඩුවට සම්බන්ධ වීමට සැරසෙන්නේ එම පක්‍ෂ විසින් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් තිබියදීය.


13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළු මනින්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා කෙරෙන ලියවිල්ලකට මිස ඉන් බැහැර වන කිසිදු ලියවිල්ලකට තම පක්‍ෂය අත්සන් නොකරන බව පසුගිය දා හැටන් නගරයේදී කඳුරට මාධ්‍යවේදීන් හමුවූ  කම්කරු ජාතික සංගමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් පවසා තිබිණි.


මේ අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි එකඟතාවය නොමැතිව සෙසු පක්‍ෂ වල අත්සනින් යුතුව ඉන්දීය අගමැතිවරයා වෙත මෙම හවුල් ලියවිල්ල යැවීම ගැන ඉදිරි දින වල සෙසු පක්‍ෂ නායකයන් අතර සාකච්ජා කිරීමට නියමිතය.


සබැඳි පුවත් :

අගමැති මෝඩිට දෙන දෙමළ-මුස්ලිම් හවුල් ලියැවිල්ල ගැන අදත් සාකච්ඡා

ශ්‍රීලනිපයෙන් දෙමළ-මුස්ලිම් එක්සත් කමට උදැල්ලක් !

ග්ලෝබල් ටවර් දෙමළ-මුස්ලිම්නායක සාකච්ඡාවේ කතා කළේ මොනවාද?

 

 

Leader Whats app



හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන

 

සජිත්ගේ ආණ්ඩු පෙරළියත් රිවස්! | Gossip

 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්