ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර ගේ නොසැලකිලිමත් භාවය නිසා ජපානයේ ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දින කිහිපයකට වසා දැමීමේ තත්වයක් මතුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.


ඊට හේතුවී ඇත්තේ තානාපතිවරයා කොවිඩ් අසාදිතයකු ලෙස හඳුනා ගැනීමත් ඔහුගේ සමීපතම අශ්‍රිතයින් කිහිප දෙනෙකු පසුගිය දින දෙකෙහිද තානාපති කාර්යාලය තුල රාජකාරි කිරීම යි.

එම ආරංචිමාර්ග වලට අනුව තානාපති සංජීව් ගුණසේකර දින 50කට ආසන්න නිවාඩුවකින් පසු ඇමරිකාවේ සිට පෙරේදා (ජනවාරි 05) දහවල් යලි ජපානයට ගොස් තිබේ.

ජපන් ගුවන් තොටුපලේදී රාජ්‍යතන්ත්‍රීක වරප්‍රසාද යොදා ගනිමින්, සුළු පරීක්ෂාවකින් පසු ඔහු ගුවන් තොටුපළෙන් පිටවගොස් ඇතත් පසුදා (06) අලුයම 3.00 ට පමණ එරට විදේශ අමාත්‍යංශයෙන් දැනුම් දී ඇත්තේ තානාපතිවරයට කොවිඩ් අසාදනය වී ඇතිබව PCR පරීක්ෂාවෙන් තහවුරු වී ඇති බවයි.

ඒ අනුව ඔහුව රැගෙන යාමට ගුවන් තොටුපලට ගොස් ඔහු සමග එකම වාහනේ පැමිණි ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන හා පිලිපීන ජාතික රියදුරු සමීපතම අශ්‍රිතයින් වන අතර ඔවුන් දෙදෙනා එදින යලි තානාපති කාර්යාලයේ රාජකාරි සඳහා ද ගොස් ඇත.

එම තත්වය තුල තානාපතිවරයා හා ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරී සනත් හේරත් තානාපති නිවාස තුල නිරෝධායනයට ලක් කිරීමටත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අදාල සේවකයින් වහාම නිරෝධායනයට යොමු කිරීමටත් පියවරගෙන තිබේ.

මේ අනුව ජනවාරි 12දා  තානාපති කාර්යාලය තුල සංවිධානය කර ඇති තෛපොංගල් උත්සවය පවත්වන්නේ ද ? නැද්ද ? යන කාරණය සම්බන්ධයෙන් මේ දක්වා තීන්දුවක් ගෙන නොමැති බව වාර්තාවේ.

මිට ඉහතදීද තානාපති කාර්යාලයේ සේවකයින්ට කොවිඩ් අසාදනය විම නිසා අවස්ථා දෙකකදී ටෝකියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වස දමා තිබිණ.

තානාපතිවරයාගේ නිල නිවසේ පදිංචිව සිටින ඔහුගේ මිතුරකු වන මහජන සම්බන්ධතා නිලධාරිවරයාට කොවිඩ් අසාදනය වීම නිසා ද වරක් තානාපති කාර්යාලය දින කිහිපයකට වසා දමා තිබිණ.

සංජීව් ගුණසේකර පසුගිය දෙසැම්බර් 31 දා ඇමරිකාවේ සිට ජපානයට ඒමට ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී විසා ගැටළුවක් මත ඔහුව හරවා යැවීමට ඇමරිකානු ගුවන් තොටුපල බලධාරීන් කටයුතු කර ඇතැයි ද පැවසේ.



විශේෂ වරප්‍රසාද :

සිය පියාණන්ගේ හදිසි අභාවය නිසා පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සංජීව් ගුණසේකර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුට සමාජ මාධ්‍ය හරහා බරපතල විවේචනයක් එල්ලවී තිබිණ.

එම වකවානුවේ මුළු රටම ලොක්ඩවුන් කර විදෙස් රටවලින් එන සියලු ගුවන් මගීන් දින ගනනාවක් හෝටල් තුල නිරෝධායනයට ලක්කල යුතු බවට රජය විසින් නීති පනවා තිබිය දී මොහු ඒ කිසිඳු නීතියකට යටත් නොවී කටුනායක ගුවන් තොටුපළෙන් කෙලින්ම නිවාස බලා යාමට වරප්‍රසාද හිමිවීම එසේ විවේචනයට ලක්වීමට හේතුපාදක වී තිබිණ.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිතවතෙකු බව පැවසේ. ඇමරිකාවේ මොන්ටසොරියක් පවත්වාගෙන යන ඔහු ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු නිවාස ආසන්නයේ පදිංචි කරුවකු බවද වාර්තාවේ.

කොවිඩ් තත්ත්වය තුල ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවා වසා තිබු ඒ මොහොත ඔහු මෙරට නිරෝධායන නීති කඩකරමින් එසේ නිවසට ගොස් තිබුනේ ජනාධිපතිවරයාගේ නම යුතු ලෙස යොදා ගනිමින් බව කටුනායක ගුවන් තොටුපල ආරංචිමාර්ග පවසයි.

 
 

Leader Whats app

 
 
 
 

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
 
නාමල් ඇමතිකම් අත්හරින තීන්දුවක ! | Gossip
 
 
 
 
නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්