leader s


බිඳ වැටෙන රටේ ආර්ථිකය හමුවේ පීඩාවට පත් වතු කම්කරුවන්ට ආණ්ඩුව ලබා දුන් තිරිඟු පිටි සහනය ඇස් බැන්දුමක් බවට චෝදනා එල්ල වී තිබේ.


ඇමෙරිකානු සංචාරයෙන් පසු යළි දිවයිනට පැමිණි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ විසින් හදිසි සහන ලෙස සෑම වතු පවුලකටම කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 80
බැගින් මසකට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 ක් ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

''වතු කම්කරුවන්ව රවට්ටන්න දැන් දවසකට පාන් පිටි ග්‍රෑම් 500 ක් අඩු ගානකට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩුකිරීම තමයි වතු කම්කරුවන්ට දෙන්න පුළුවන් හොඳම විසඳුම,'' යැයි කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්ණන් පවසයි.

නුවරඑළියේදී  කඳුකරයේ මාධ්‍යවේදීන් ඊයේ හමුවූ  කඳුරට ජනතා පෙරමුණේ නායකයා කියා සිටියේ කොරෝනා පැතිරීමට පෙර සිට අද දක්වාම මෙරට ආර්ථිකයට දායකත්වයක් ලබා දුන්නත් ආණ්ඩුව ඔවුන් වෙනුවෙන් කිසිවක් ලබා දී නොමැති බවය.



''දවසක වැටුප රුපියල් දාහක් ලබා දෙනවා කියලා රවටනවා. වතු කොම්පැනිකාරයෝ රුපියල් දාහ ගෙවන්නේ නැහැ. කොන්දේසි දානවා. ඒ ගැන ආණ්ඩුව කිසිම දෙයක් කොම්පැනිකාරයන්ට කියන්නේ නැහැ,'' යැයි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා චෝදනා කරයි.


ජිවන වියදම ඉහල යන සෑම මොහොතකම පීඩාවට පත්වන්නේ වතු කම්කරුවන් බව ඔහු අවධාරණය කරයි.

''ඒ අයට හරි හැටි පඩිත් නැතුව, වැඩත් නැතුව ළමුන්ට කන්න බොන්න දෙන්න අධ්‍යාපනයක් දෙන්න බැරිවෙනවා,''  යැයි පවසන රාධාක්‍රිෂ්ණන් පෙන්වා දෙන්නේ රජයේ සේවකයන් ආණ්ඩුවට බරක් කියූ අයම මුදල් මුද්‍රණය කොට ඔවුන් ද රැවටීමට රුපියල් 5000 ක අමතර දීමනාවක් දෙන බවය.

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්