එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තරග වදින ලකුණ පිළිබඳ කිසිඳු ගැටලූවක් ඇති කර ගතයුතු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. ඔහු කියාසිටියේ තරගවදින ලකුණ වැනි සුළු ගැටලූවක් මුල්කර ගනිමින් ගැටලුවක් ඇති කරගත යුතු නැති බවයි. 

ඔහු එබව සඳහන් කර තිබුනේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පසුගියදා කර තිබු ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වන්නේ නම් පොදු ලකුණක් අනිවාර්යයෙන්ම තීරණය කළ යුතුබවත් එසේ නොවන්නේ නම් විකල්ප තීරණයක් ගැනීමට සිදුවන බවත් නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අවධාරණය කර තිබිණ. 
 
Audio


ඊට ප්‍රතිචාර දක්වමින් උදය ගම්මන්පිල වැඩිදුරටත් කියාසිටියේ වඩා වැදගත් වන්නේ ලකුණ නොව ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති වූ පසු සිදු කරන වැඩපිළිවෙළ බවයි.  

ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා මේවනවිට අවස්ථා 08 කදී දෙපාර්ශවයේ නියෝජිතයින් සාකච්ඡා පවත්වා ඇත.pohottuwa 2019.09.9  


මේ අතර ශ්‍රීලනිප වත්මන් භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී  ලසන්ත අලගියවන්න පැවසුයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ජා අසාර්ථක වන්නේනම්, ඊට විකල්පයක් ලෙස ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ධූර අපේක්ෂකයෙකු නම් කිරීමට තීරණය කර ඇති බවයි.

ඔහු කියා සිටියේ එම සාකච්ඡා සාර්ථකවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් වනු ඇති බවයි.

හඬපටය 


බැසිල්ගේ ස්ථාවරය ?

මැතිවරණයට ඉදිරිපත්වන ලකුණ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය සමග මතුව ඇති ගැටුම සම්බන්ධයෙන් theleader.lkකළ විමසීමක දී බැසිල් රාජපක්ෂගේ සමීප අනුගාමිකයකු පැවසුයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 'පොහොට්ටුව' ලකුණ ශ්‍රීලනිපයට පමණක් නොව විමල් වීරවංශට හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන්ට ද හිසරදයක් වී ඇති බවයි.

විමල් වීරවංශට හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් මේවනවිටත් බැසිල් විරෝධයකින් පසුවේ. 
 
'ශ්‍රීලනිපය නැතත් ගෝඨාබය දිනන්න පුළුවන්' -ශෙහාන් 

මේ අතර 'පොහොට්ටුවේ' පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පවසන්නේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහයක් නොලැබුනද ගෝඨාබය රාජපක්ෂ ජය ගන්නා බවයි.

කෙසේවුවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස්ගුණවර්ධන පවසන්නේ, ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කිසිඳු වාසියක් අත්නොවන බවයි. 
 
බලපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසු ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පක්ෂ දෙකෙහි පාක්ෂිකයන් විරුද්ධ මත දරන්නන් වන බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්