1200 x 80 DMirror

රජය චීනයෙන් ඇනවුම් කළේ රටට, පොළවට අහිතකර නොමැති හිතකර පොහොරක් බවත්, එම පොහොර ගුණාත්මයෙන් තොර ඒවා බව මෙරටදීත්,

තත්වය හොඳ ඒවා බව සිංගප්පූරුවේදීත් හඳුනාගැනීම විශාල ප්‍රශ්නයක් බවත් පවසන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, ඒ ගැන පරීක්‍ෂණයක් කරන බව පැවසිය.

එම පොහොර නැව ආපසු හරවා යැවූ නමුත්, ගනුදෙනුවේදී එකඟ වූ පරිදි ගුණාත්මක පොහොර ලබාදෙන ලෙස යළි නිර්දේශ කර ඇති බවත්, ඒ අනුව ගුණාත්මක පොහොර නැවත ලැබුණොත් භාරගැනීමට සූදානම් බවත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කීවේය.

ශ්‍රී ලංකාවෙන් ප්‍රතික්‍ෂේප වූ පොහොර භාවිතයට සුදුසු බව සිංගප්පූරුවේදී ඔප්පුවීම තුළ නොදකින ප්‍රශ්න රාශියක් ඇති බවත්, ඒ අනුව යම් වරදක් වී ඇතැයි පෙනෙන බවත් හෙතෙම සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේදී ඊයේ (10) පැවති කාබනික වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.


''සීයට සියයක් කාබනික වගාවට‍ යොමුවීම තනිව කළ නොහැකියි''


රට සීයට සීයක් කාබනික වගාවට රැගෙනයාම තනිව කළ හැකි දෙයක් නොවන බව රජය මේ වන විට ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇතැයි ද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මෙහිදී පැවසිය.

එමෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා ගොවිජනතාව මේ පිළිබඳව අවශ්‍ය දැනුම ලබාදීමේදීත් අඩුපාඩු රාශියක් සිදුවූ බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

කෙසේ වුවත් ඉදිරි යල කන්නයට මුහුණදීමේදී කාබනික වගාව සාර්ථක කරගැනීමට රජය විශාල උත්සාහයක් දරණ බව කී ශෂීන්ද්‍ර රාජපක්‍ෂ රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික ආයතන, රජයේ මේ හා සම්බන්ධ ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කරගෙන කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

 
 
 

Leader Whats app

 
 
 
 
 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
රාජපක්‍ෂලා ඉන්නා තුරු හදිසි ණයක්වත් ගන්න බෑ ! | මොණරවිලගේ ලියමන
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
රනිල් ඇන්ටික් කඩේ යද්දි BR ගෙන් GR බේරා ගැනීමේ මෙහෙයුමක් !| Gossip
 


அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය