leader s

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිලි පාර්ශවය

වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ අද (12) අභියාචනාධිකරණය හමුවේ පෙනි සිටියේය.

පොහොට්ටුව පක්ෂය යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත් වූ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, පොහොට්ටුවේ ජාතික සංවිධායක සහ මහ මොළකරු ලෙස හැඳින්වෙන බැසිල් රාජපක්ෂට එරෙහිව මෙහිදී කරුණු දැක්වීම දේශපාලනික වශයෙන් සුවිශේෂී කාරණයකි.

මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අමාත්‍ය බැසිල් රාජපක්ෂට නොතිසියක් මගින් දැනුම් දෙන ලෙසට අභියාචනාධිකරණය අද (12) පෙත්සම්කරුවන්ට නියෝග කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති  උලපනේ සුමංගල හිමි, බරපතල වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සහ සුරාජ් වල්ගම යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිනේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නිතිපතිවරයා ය.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිව්වුරුම්දීම නීති විරෝධී සහ වලංගු වෙනාවන බවත්, මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් දිවුරුම ද නිතිවිරෝධී සහ වලංගු නොවන බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් අවධාරණය කර තිබේ.

බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතිපතිවරයා කරුණු දැක්වීමට සිදු නොවිය යුතු බවත්, බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පුද්ගලික නීතිඥයින් ඉදිරිපත් කළ යුතු බවත් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ අභියාචනාධිකරණයේ දී කියා සිටියේය.

 

Leader Whats app

 
  
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
පෝට්සිටිය අපිට අයිති නෑලූ ! | මොණරවිලගේ ලියමන 
 
 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
ඩොලර් රහස | Mr. Opposite 
 

அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්