ඒකීය ශ්‍රී ලංකාවක් තුල උපරිම බලය බෙදා හැරීමකට තමා එකඟ බව එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.

'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' යාපනය ප්‍රදර්ශනයේ ඊයේ සඳුදා (09) ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, ප්‍රදර්ශන කුටි නැරඹීමෙන් පසු ප්‍රදර්ශන භුමියේ මාධ්‍ය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී විය. එහිදී මාධ්‍යවේදියකු පළාත් සභා හා බලය බෙදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ස්ථාවරය විමසා සිටි අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

''එකක් පැහැදිළිව කියන්න ඕනේ. පිටරට ගියහම ධන වෙන, ප්ලස්වෙන, ආපහු ලංකාවට ආවම රින වෙන, නෙගටිව් වෙන දෙබිඩි කතා මම ලඟ නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමක් ඉෂ්ට සිද්ධ කරලා ඒ වැඩපිළිවෙළ තුළින් දේශපාලන සවිබලගැන්වීම, ආර්ථික සවිබල ගැන්වීම, සමාජීය සවිබලගැන්වීම, මේ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධවෙන ගමනක් අපි යන්නට බලාපොරොත්තු වෙනවා.  Sajith text 1 2019.10

 නොබෙදුණු නොකැඩුණු ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා හැරීම ලබාදෙනවා.  මෑත කාලයේ 13 වැනි සංශෝධනය හරහා නිර්මාණය වුණු පළාත් සභා ශක්තිමත් කළේ නැහැ.  පළාත් සභාවලට ලබා දියයුතු අරමුදල් ලැබුණේ නැහැ. එතනින් ඇත්තටම 13 වැනි සංශෝධනය හරහා පිහිටවූ මේ ආයතන මම දකින විදිහට විහිළුවක් බවට පත්වුණා. 

අපි එහෙම නෙවෙයි. අපි 13 වැනි සංශෝධනය හරහා බිහිවුණු පළාත් සභාවලට ඒ ලබාදිය යුතු ප්‍රතිපාදන, ඒ ලබාදිය යුතු ආශිර්වාදය අනුග්‍රහය ලබා දීල, ඒ පළාත් සභා හරහාත් අපි කාර්යක්ෂම පරිණත ජනතා සේවාවක් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා.

2015 ජනාධිපතිවරණයේ දී වර්තමාන ජනාධිපතිතුමත්, වර්තමාන අග්‍රාමාත්‍යතුමත් ඉදිරිපත් කරපු ස්ථාවරය අදටත් වලංගුයි. ඒ ඉදිරිපත් කරපු ස්ථාවරය තමයි, ඒකිය ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදීම. ඒකීය ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදීමට එදා උතුරෙත් නැගෙනහිරත් ජනතාව පූර්ණ ආශිර්වාදය ලබාදුන්නා. එදත් ඒදේ වලංගුයි. අදටත් ඒ දේ තමයි වලංගු.


''එක රටක්, එක මාතෘභූමියක්, එක ජනතාවක්''

Sajith tex t 12  එතකොට මම තවත් එකක් කියන්න කැමතියි. දැන් අපි වචන එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් මේ වචනවලින් එන අර්ථය මේ ජනතාවගේ හදවතේ තියෙන්නට ඕනේ. එතකොට ඇත්තවශයෙන්ම කතාකරනවා නම් මේ රටේ කිසිම ජන කොට්ඨාසයකට හැඟීමක් එන්නට හොඳ නැහැ අපි දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ පුරවැසියන් කියලා. අපි හැමෝම එකයි. එක රටක්, එක මාතෘභූමියක්, එක ජනතාවක්. එතනදී ජන කොට්ඨාස අනුව, ආගම අනුව උස් පහත් භේද නැහැ. සැවොම එකයි. සැවොමට සලකන්නේ එක විදිහට. 

ඒ නිසා මේ හැම ජන කොට්ඨාසයකටම හැඟීමක් එන්නට ඕනේ අපිට ඔක්කොටම එක හා සමානව සාධාරණව සලකනවායි කියන එක. මොනයම් හෝ ජන කොට්ඨාසයකට හැඟීමක් ආවොත් අපිව කොන් කරනවා අපිව පැත්තකට වීසි කරනවා කියලා, එක බරපතල කාරණයක්. එහෙම හැඟීමක් එන විදිහට අපි වැඩ කරන්නේ නැහැ. එහෙම හැඟීමක් ඇති නොවන විදිහට තමයි අපි රාජ්‍ය තාන්ත්‍රික කළමණාකරන සහ පරිපාලන ව්‍යූහය අපි නිර්මාණය කරන්නේ සහ විසඳුම් ලබාදෙන්නේ. රටේ නීතියට අනුකූලව මම ඒ විසඳුම් ලබාදීමට කටයුතු කරනවා.

මේ රටේ ජීවත්වන සෑම ජන කොට්ඨාසයකගේම විශ්වාසය දිනාගන්න ඕනේ. මේක මේ කවුරුවත් දේශපාලන පාපන්දුවක් කරගෙන එහෙන් මෙහාට බෝලේ දානවා, මෙහෙන් එහාට බෝ‌ලේ දානවා. එහෙම රටේ ප්‍රශ්න විසඳන්නට බැහැ. මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේ රට තුළ සාමය, සමෘද්ධිය, සෞභාග්‍ය, එකමුතුභාවය, මිත්‍රශීලීත්වය, සහෝදරත්වය, සංහිඳියාව ඒ සියල්ලක්ම ක්‍රියාත්මක වන ආකාරයට හැම ජන කොට්ඨාසයකගේම විශ්වාසය දිනාගෙන ඒ යුතුකම ඉෂ්ඨ කරන්න මට පුළුවන්.


''එජාපය ඒකාධිපති හෝ පවුලේ පක්ෂයක් නෙමෙයි''                                                                Sajith text4


මාධ්‍යවේදියකු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව  විමසීමේදී ඔහු මෙසේ සඳහන් කළේය.               

'' අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් තුළ ඒකාධිපතිත්වය නැහැ. ආඥාදායකත්වයක් නැහැ. ඒකපුද්ගල රංගන නැහැ. ඒ නිසා සාකච්ඡාවෙන්, සංහිඳියාවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව අපි තීන්දු තීරණවලට එළඹෙනවා. 

ඒ කියන්නේ විවිධ මත තියෙන කොට ඒ විවිධ මත තුළින් නිර්මාණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. මේක එක පුද්ගලයෙකුට, එක පවුලකට, එක ඥාතී සමූහයකට සම්බන්ධ පක්ෂයක් නෙවෙයි. 

ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදයට නුහුරු නුපුරුදු පුද්ගලයින් මේක අර්බුදයක් හැටියට පෙනෙන්නට පුළුවන්. ඒ මොකද ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදයේ අත්දැකීම් නොමැති නිසා. ''

වීඩියෝ 


සබැඳි පුවත් :
යාපනයට ගිය සජිත්ට දෙමල නායකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්