ජනාධිපතිවරයා නොමග යවමින් තෙසර ජයසිංහ තවදුරටත් ලිට්රෝ ගෑස් සභාපති ලෙස තබාගැනීමට කටයුතු කර ඇත්තේ

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති විසින් බවට බැසිල්වාදීන් සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කරමින් සිටියි.

තෙසර ජයසිංහ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් වහාම ඉවත්කර 'පොහොට්ටු' පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා එම තනතුරට පත්කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝගය මත ජනවාරි 12 දා නිකුත්කර ඇති ලිපිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙත නියෝගකර සිටියේ, පසුගිය 13 දා පෙරවරුවේ කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේදී වෘත්තීය සමිති නායකයින් සමග ද සාකච්ජා කිරීමෙන් අනතුරුවය.



ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ තීරණාත්මක දේශපාලන නියෝගයක් මෙසේ හෑල්ලු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවා බැසිල්වාදීන් දැඩි විවේචනයකට ලක්වූ අතර පුවත්පත් මණ්ඩල සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ සටහන් දෙකක් ම පළකර තිබිණ.




බැසිල්වාදී මහින්ද පතිරණ ගේ එක් සටහනක මෙසේ සඳහන් වේ.

''ඊයේ ජනාධිපතිවරයා ලිත්‍රෝ සමාගම් පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේ දී, එහි සභාපතිවරයා තවදුරටත් තබා ගන්නා ලෙස ජනතිගෙන් ඉල්ලා සිටි තිදෙනා පහත දැක්වේ. තිදෙනාම පසුගිය යහපාලන රජයේ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් බව ප්‍රසිද්ධ කරුණකි. එක් අයෙකු, එනම් ටෙරන්ස් නැමැත්තා එජාප වෘත්තීය සමිතියේ නායකයාය.

මේ සියළු දෙනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සභාපතිවරයා තවදුරටත් තබා ගන්නා ලෙසයි. හේතුව පැහැදිලි ය. ඔවුන්ගේ නායකයින්⁣ට අවශ්‍ය වන්නේ ගෑස් අර්බුදය තවදුරටත් තබා ගනිමින් ජනාධිපතිවරයා හා ආණ්ඩුව දිනෙන් දින පිරිහීමට ලක් කිරීමය. පුවත් සිරස්තල මැවීමය. පෝලිම්වල සිට ආණ්ඩුවට හෙණ ඉල්ලීමය.  

තම පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන්, රටක් හා ආණ්ඩුවක් බිල්ලට දෙන අතරතුර, වෘත්තිය සමිති නායකයින්⁣ යොදාගෙන රටේ ජනාධිපතිවරයා පවා නොමග යවමින් කටයුතු කිරීම කොතරම් පිළිකුල් ද?



trytyමහින්ද පතිරණගේ FB පිටුවෙන්...


ජනාධිපතිට සිහි කැඳවීමක් ! - ''භූමිය තුළ දේශපාලනය කරන්නේ පොහොට්ටුවයි.. ''

සිද්ධිය වූ දිනයේම (13) මහින්ද පතිරණ ෆේස්බුක් සටහනක් පළකරමින් ජනාධිපතිවරයාට දැනුම්දී සිටියේ, ''පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා මහජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ගෑස් අර්බුදය විසඳීමට ආණ්ඩුව කටයුතු කළ යුතු මොහොත එළඹ තිබේ.'' කියයි.

එම සටහනේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

''පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා මහජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ගෑස් අර්බුදය විසඳීමට ආණ්ඩුව කටයුතු කළ යුතු මොහොත එළඹ තිබේ. ලිත්‍රෝ සමාගම හා එහි සභාපතිවරයා පසුගිය තෙමස පුරාම ලංකාවම අසමත් කළේය. ඒ අර්බුදයේ එක්  පැත්තකි.

අනෙත් අතින් එහි විශාල දේශපාලන බරක් ඇත. එහි දේශපාලන බර අන් කාටවත් නොව, පොදුජන පෙරමුණටය. ඒ බව රූපවාහිනී යන්ත්‍රයක් ඉදිරිපස වාඩි වූ ඕනෑම කෙනෙකුට අත්විඳිය හැකිය. භූමිය තුළ දේශපාලනය කරන්නේ එම පෙරමුණයි. ජනාධිපතිවරයා පවා පත් කළ පොදු ජන පෙරමුණටයි.

ඒ අනුව, ආණ්ඩුව තීරණය කළ යුත්තේ තවදුරටත් අදාළ සභාපතිවරයා ආරක්ෂා කරනවා ද නැතිනම් ජනතාව ආරක්ෂා කරනවා ද යන්නයි. තම නොහැකියාවන් වසා ගැනීමට  "මාෆියා" පිටුපස සැඟවීම හෝ ඒවායින් ආවරණය ලබා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

 
සබැඳි පුවත් :

ඒකත් රිවර්ස්...! - ජනපති, බැසිල්ගේ නියෝගය අත්හිටුවයි

තෙසර නිසා ගෝඨා - බැසිල් ගැටුමක් ! - ජනපති කෙරවලපිටියේ
 

 

Leader Whats app


 
 
 
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
 
 
 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 


225ටම ඇමතිකම්! | වියත්කතා
 



මේ පාර දෙන්නෙ හූ නොවෙයි චූ ! | මොණරවිලගේ ලියමන
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්