තෙසර ජයසිංහ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් වහාම ඉවත්කර 'පොහොට්ටු' පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා එම තනතුරට පත්කරන ලෙස නිකුත්කර ඇති ලිපිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස

ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙත මිට සුළු මොහොතකර පෙර දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) පෙරවරුවේ කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයකට එක්වූ අතර එහිදී සභාපතිවරයාගේ කාර්යාලයේ පැවති සුහද සාකච්ජාවකින් පසු අදාල නියෝගය ලබාදී තිබේ.


වාර්තාවන අකාරයට ජනාධිපතිවරයා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයට පැමිණි අවස්ථාවේදී එහි සේවකයින් ආයතනයේ සභාපතිවරයා ඉවත්කිරීම සම්බන්ධයෙන් විමසා තිබේ. ජනාධිපති වරයා එහිදී පවසා ඇත්තේ තම එවැනි දෙයක් තමා නොදන්නා බවයි.


අනතුරුව ජනාධිපතිවරයා  ඒ පිළිබඳව මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයාගෙන් විමසීමක් කර ඇත. එහිදී වහාම අලුත් සභාපතිවරයෙක් පත්කිරීමේ ලිපිය ඉල්ලා අස්කර ගන්න ලෙස ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.



බැසිල්ගේ උපදෙස් මත දුන්න නියෝගයක් !


රේණුක පෙරේරා ව ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට හා සභාපති ධුරයට පත්කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලේකම්වරයාට ඊයේ (12) දැනුම් දී තිබිණ.  (ලිට්රෝ ගෑස් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ඇති ආයතනයකි.)

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල එම ලිපිය නිකුත්කර ඇත්තේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ නියෝගයක් මතයි.

 

GR latter

 

 'එකමුතුව' නමැති සංවිධානයේ කැඳවුම්කරු වන තෙශර ජයසිංහ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේදී එම සංවිධානය හරහා විශාල කාර්ය භාරයක් සිදුකල අයකු ලෙස සැලකේ. ඒ අනුව ගෝඨාභය ජනාධිපති ධුරයට පත්වූ වහාම ඔහුව තරුණ සේවා සභාවේ සභාපති ලෙස පත්කරනු ලැබිය.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ අනිල් කොස්වත්ත ඉවත්කර තෙසර ජයසිංහ සභාපති ලෙස පත්කළේ 2021 ජුලි 08 වෙනිදා ය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝගයක් මතය.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙසර ජයසිංහ (Theshara Jayasinhge) සම්බන්ධයෙන් පැනනැගී ආරවුලක් නිසා ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා අතර මත ගැටුමක් මතුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් 'ද ලීඩර්' අද පෙරවරුවේ වාර්තා කළේය.

{gallery}Litro Gas{/gallery}



සබැඳි පුවත් :

තෙසර නිසා ගෝඨා - බැසිල් ගැටුමක් ! - ජනපති කෙරවලපිටියේ


නිමල් ලංසා යයිද ? කැබිනට් එයිද?


බැසිල් කුට්ටම අනයි : කැටගොඩ රක්ෂණයට - ලිට්රෝ තෙශර ට - අනිල්ට උසස්වීමක්

 

Leader Whats app


 
 
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.  

 

இலங்கையில் அவசர பொதுத் தேர்தல்? பிரதமர் வேட்பாளராக களமிறங்கும் பசில்!

 

  
කලින් ජනමත විචාරණයක් ! | මොණරවිලගේ ලියමන
 
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 

 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්