leader s

 වහාම ක්‍රියාත්මක වන පරිදි තෙසර ජයසිංහ (Theshara Jayasinhge) ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත්කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පියවර ගෙන තිබේ. 
ඒ අනුව ඔහුව ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට හා සභාපති ධුරයට පත්කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලේකම්වරයාට දැනුම් දී ඇත. (ලිට්රෝ ගෑස් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ඇති ආයතනයකි.)
 
තෙසර ජයසිංහගේ පත්වීමේ ලිපිය යොමුකර ඇත්තේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශයේ වැඩබාර ගත් දිනයේමය.
 
 'එකමුතුව' නමැති සංවිධානයේ කැඳවුම්කරු වන තෙශර ජයසිංහ, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ වහාම ඔහුව තරුණ සේවා සභාවේ සභාපති ලෙස පත්කරනු ලැබිය.
 
 
 
WhatsApp Image 2021 07 12 at 10.10.55 PM
 
 
අනිල් කොස්වත්තට උසස්වීමක් :
 
 
මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ අනිල් කොස්වත්තට රජයේ ප්‍රමුඛතම ආයතනයක සභාපති තනතුරක් හිමිවන බව පැවසේ. ඔහු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු ලෙස සැලකේ.
 
ඒ අතර ශ්‍රී ලංකා රක්ෂණය සංස්ථාවේ සභාපති ධුරයට පසුගියදා ජාතික ලැයිස්තුවෙන් ඉවත්වූ ජයන්ත කැටගොඩ පත්කිරීමට තීරණය කර තිබේ.
 
ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණය සංස්ථාවේ දැනට සභාපති ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්තට ඉල්ලා අස්වීමට නියමිත අතර ඔහුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් තීන්දු කර ඇතැයි වාර්තාවේ.
 
 
කැටගොඩ තනතුරු එපා කියයි !
 
කෙසේවුවද 'ද ලීඩර්' වෙත වාර්තා වන්නේ, ජයන්ත කැටගොඩ හිටපු මන්ත්‍රීවරයා  ශ්‍රී ලංකා රක්ෂණය සංස්ථාවේ සභාපති ධුරය ප්‍රතික්ෂේප කර ඇති බවයි. ආණ්ඩුකාර ධුරයක් බාර ගන්න ලෙස ඔහුගෙන් කරතිබූ ඉල්ලීමද ඔහු විසින් කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබිණ.
 
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ යටතේ පවතින ආයතනයක සභාපති ලෙස දැඩි බැසිල්වාදියකු පත්කිරීමට ජනාධිපති ලේකම්වරයා විසින් දැරූ උත්සාහයක් අගමැතිවරයාගේ දැඩි විවේචනයට ලක්ව ඇතැයි ද ආණ්ඩුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
 
 
සබැඳි පුවත් :
 
 
THE LEADER TV 
 
##################
 
කෞෂිගේ ලේකම් පත්වීම බොරුවක්!
 

 
පොහොර වැඩෙනුත් : ප්ලෑන් කරලා බැසිල්ව ඇන්නුවද ? 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්