leader s

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙසර ජයසිංහ (Theshara Jayasinhge) සම්බන්ධයෙන් පැනනැගී ආරවුලක් නිසා ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා අතර මත ගැටුමක් මතුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි

මාර්ග පවසයි.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ, තෙසර ජයසිංහ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් වහාම ඉවත්කර 'පොහොට්ටු' පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා එම තනතුරට පත්කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පියවර ගෙන තිබීමයි.

මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, රේණුක පෙරේරා ව ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට හා සභාපති ධුරයට පත්කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලේකම්වරයාට ඊයේ (12) දැනුම් දී තිබේ. (ලිට්රෝ ගෑස් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ඇති ආයතනයකි.)



මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ නෙලුම් මාවත 'පොහොට්ටු' කාර්යාලයේ ප්‍රධානියකු පැවසුයේ, රේණුක පෙරේරා ගේ පත්වීම සිදුකලේ ජනාධිපතිවරයා දැනුවත්ව බවයි. ඒ අනුව තෙසර ජයසිංහට අලුත් පත්වීමක් ලබාදීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.



ගෑස් හිඟය සහ ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් රට තුළ ඇතිව තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් තේෂාර ජයසිංහ සභාපති ධුරයෙන් ඉවත් කෙරෙන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.


ජනාධිපති හා තෙසර අතර සුහඳ කතාබහක් !


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයකට එක්වී ඇති අතර සභාපතිවරයා සමග ඔහුගේ කාර්යාලයේ සුහදසාකච්ජාවක් පවත්වමින් සිටින බවද වාර්තාවේ. 


 'එකමුතුව' නමැති සංවිධානයේ කැඳවුම්කරු වන තෙශර ජයසිංහ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේදී එම සංවිධානය හරහා විශාල කාර්ය භාරයක් සිදුකල අයකු ලෙස සැලකේ. ඒ අනුව ගෝඨාභය ජනාධිපති ධුරයට පත්වූ වහාම ඔහුව තරුණ සේවා සභාවේ සභාපති ලෙස පත්කරනු ලැබිය.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ අනිල් කොස්වත්ත ඉවත්කර තෙසර ජයසිංහ සභාපති ලෙස පත්කළේ 2021 ජුලි 08 වෙනිදා ය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝගයක් මතය.


emanisa new 1

මෙම සිද්ධිය ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය විසින් වාර්තාකර ඇත්තේ, ගෑස් මාෆියාවේ ජයග්‍රහණයක් ලෙසයි.

ගෑස් සංයුතිය වෙනස් කිරීම සහ ගෑස් හිඟය හටගත්තේ තෙෂාර ජයසිංහ වර්තමාන ගෑස් කොන්ත්‍රාත් ගිවිසුම වසර දෙකකින් දීර්ඝ කිරීමට අකමැති වීමත් සමග බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

අදාළ කොන්ත්‍රාත්තුව දීර්ඝ කළහොත් රටට රුපියල් කෝටි දහසක පාඩුවක් සිදුවනු ඇතැයි තෙෂාර ජයසිංහ ප්‍රකාශ කර තිබිණි.



සබැඳි පුවත් :

නිමල් ලංසා යයිද ? කැබිනට් එයිද?

බැසිල් කුට්ටම අනයි : කැටගොඩ රක්ෂණයට - ලිට්රෝ තෙශර ට - අනිල්ට උසස්වීමක්

 

Leader Whats app


 
 
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.  

 

இலங்கையில் அவசர பொதுத் தேர்தல்? பிரதமர் வேட்பாளராக களமிறங்கும் பசில்!

 

  
කලින් ජනමත විචාරණයක් ! | මොණරවිලගේ ලියමන
 
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 

 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්