The Leader News
BREAKING
එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●
Top Ad
පුවත්

උත්සව සමයේ අන්තර්ජාල වංචා ගැන CERT වෙතින් අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

March 13, 2026 • 10:02 AM

උත්සව සමයේ අන්තර්ජාල වංචා ගැන CERT වෙතින් අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යාජ දැන්වීම් ප්‍රචාරයක් ව්‍යාජ වට්ටම් සහ තෑගි - අධික මිල අඩු කිරීම් සහිත ආකර්ෂණීය වෙළඳ දැන්වීම්.
  • එසේම වෙසක් සහ පොසොන් වැනි ආගමික උත්සව සමයන්හිදී ද "පොසොන් මහ ඩේටා දන්සැල" වැනි නාමයන් යටතේ මෙවැනි උපක්‍රම ක්‍රියාත්මක විය හැකි බවයි.
  • උත්සව සමයන්හිදී සයිබර් වංචා අවදානම සාමාන්‍යයෙන් ඉහළ යන බැවින්, අන්තර්ජාලය භාවිතා කිරීමේදී සහ විවිධ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ සම්බන්ධ වීමේදී වඩාත් විමසිලිමත් වී තම පුද්ගලික දත්ත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස SL CERT ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
  • කළ යුතු දේ මූලාශ්‍රය පරීක්ෂා කරන්න - නොදන්නා පාර්ශවවලින් එන සබැඳි (links) මත ක්ලික් කිරීමෙන් වළකින්න.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වසරේ මුල් මාස දෙක තුළ පමණක් මෙවැනි අන්තර්ජාල වංචා සිද්ධි කිහිපයක් වාර්තා වී ඇති බව පවසන SL CERT හි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ සඳහන් කර සිටියේ උත්සව සමයේ පවතින උද්යෝගය ප්‍රයෝජනයට ගනිමින් වංචාකරුවන් ආකර්ෂණීය දීමනා, තෑගි හෝ විශේෂ වට්ටම් ලෙස පෙනෙන ව්‍යාජ දැන්වීම් ප්‍රචාරය කරන බවයි.

 

ව්‍යාජ දැන්වීම් ප්‍රචාරයක්

6u5bu6
ව්‍යාජ වට්ටම් සහ තෑගි - අධික මිල අඩු කිරීම් සහිත ආකර්ෂණීය වෙළඳ දැන්වීම්.

සැකසහිත සබැඳි (Links) -සමාජ මාධ්‍ය සහ WhatsApp හරහා ලැබෙන කෙටි පණිවිඩ.

මේවා හරහා ඔබව වංචාකාරී වෙබ් අඩවි වෙත යොමු කර, බැංකු ගිණුම් තොරතුරු සහ පුද්ගලික දත්ත සොරකම් කිරීමට උත්සාහ කරයි.  
 
මෙවැනි සබැඳි මඟින් පරිශීලකයින් වංචාකාරී වෙබ් අඩවි වෙත යොමු කර පුද්ගලික තොරතුරු සහ සංවේදී දත්ත ලබාගැනීමට උත්සාහ කරන බැවින්, විශේෂයෙන්ම නොදන්නා හෝ අනවසර මූලාශ්‍රවලින් ලැබෙන සබැඳි මත ක්ලික් කිරීමේදී මහජනතාව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ඔහු සඳහන් කර යි.
 
එසේම වෙසක් සහ පොසොන් වැනි ආගමික උත්සව සමයන්හිදී ද "පොසොන් මහ ඩේටා දන්සැල" වැනි නාමයන් යටතේ මෙවැනි උපක්‍රම ක්‍රියාත්මක විය හැකි බවයි. උත්සව සමයන්හිදී සයිබර් වංචා අවදානම සාමාන්‍යයෙන් ඉහළ යන බැවින්, අන්තර්ජාලය භාවිතා කිරීමේදී සහ විවිධ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ සම්බන්ධ වීමේදී වඩාත් විමසිලිමත් වී තම පුද්ගලික දත්ත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස SL CERT ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
කළ යුතු දේ
4u656
මූලාශ්‍රය පරීක්ෂා කරන්න - නොදන්නා පාර්ශවවලින් එන සබැඳි (links) මත ක්ලික් කිරීමෙන් වළකින්න.

නිල වෙබ් අඩවි පමණක් භාවිතා කරන්න: -වට්ටම් හෝ දීමනා පරීක්ෂා කිරීමේදී අදාළ ආයතනයේ නිල වෙබ් අඩවියට හෝ පිටුවට පිවිසෙන්න.

පුද්ගලික තොරතුරු සුරකින්න - කිසිදු විටක ඔබගේ මුරපද (Passwords) හෝ OTP අංක අන් අය සමඟ හුවමාරු කර නොගන්න.
මෙම වසරේ මුල් මාස දෙක තුළ පමණක් මෙවැනි අන්තර්ජාල වංචා රැසක් වාර්තා වී ඇති බවත්, උත්සව සමයේ උද්යෝගය හේතුවෙන් පවතින අවධානය ගිලිහී යාමට ඉඩ නොදෙන ලෙසත් SL CERT ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...