කවීහු සෞන්දර්යවේදය ස්පර්ශ කරති. එමගින් අපේක්ෂා කරන්නේ ජීවිතයේ සංස්කෘතික පැවත්මේ තානය අල්ලා ගැනීමය. එය ඉතා පැහැදිලි සාමාන්‍යයක් වන අතර දෘශ්‍යමාන සෞන්දර්ය වෙනුවට එම ප්‍රස්තූතයෙහිම
ප්‍රතිසෞන්දර්ය ස්ප්ශ කිරීම යනු කවර කරුණක් විය හැකිද?
 
ප්‍රතිසෞන්දර්යවේදය ස්පර්ශ කිරීමට යාමේදී ක්‍රියාවට වඩා ප්‍රතික්‍රියාව හසුවෙයි. ප්‍රතික්‍රියාව මගින් ක්‍රියාව තවදුරටත් අර්ථ සම්පන්න කෙරෙනු දැක්ක හැකිවන අතර ප්‍රතික්‍රියාව විසින් ජීවිතය සහ සංස්කෘතික පැවත්ම තවදුරටත් විසංයෝජනයට ලක්කරයි. ඒ අනුව ප්‍රතිසෞන්දර්යවේදය යනු ස්පර්ශ කිරීමට අසීරු විෂයපරාසයක්ද? නැත.
සාමාන්‍යයෙන් මිනිස් දෘශ්‍යමානයට හසුවන්නේ තමන් යන මගෙහි ඉදිරිය හෝ පසුපසය. තමන් දකින භෞතිකයට මානසිකව පිටස්තරයෙකු වී ඉදිරිය සහ පසුපස බලන්නට යම් කෙනෙකුට හැකිද?'එමගින් ප්‍රතිසෞන්දර්යවාදී අදහසක් පරිපාකයට පත්වෙනු ඇත. 
 
'විල නිසොල්මන
ගල් කැටය කැළඹිණ.
(පිටුව 19)
 
මේ කවිය උපුටා ගත්තේ සරත්චන්ද්‍ර වල්පොල විසින් රචිත 'බෝ දෑ නික්මෙති' කාව්‍ය සංග්‍රහයෙනි. ගල් කැට යනු මෙහිදී දී අජීවි වස්තුවක් නොව පණ  ගැහෙන මිනිස් මනසය. ගල්කැටයෙන් සංකේතවත් වන මනස, විල ආක්‍රමණය කිරීමෙන් කැළඹෙන්නේ විල නොවේ. සසැළෙන මනසය. බාහිර කැළඹීම දකින්නේ පුද්ගල මවසෙහි කැළඹීම නිසා නොවේද? ඔව් එසේ විය හැකිය. මන්ද බාහිර වස්තූන් හැම විටම සාමාන්‍යයෙහි පවතීයි. සාමාන්‍යයෙහි නොපවතින්නේ මනස පමණි.
 
බේ දෑ නික්මුණත් තමන් එහිම සිටින බව සරත්චන්ද්‍ර වල්පොල සිය කවිය මගින් විදාරණය කරනු දිසේ. එය ඔහුකරන්නේඉහත කී ප්‍රතිසෞන්දර්යවාදී අදහස ඔස්සේ ම ය. 
 
desktop wallpaper vintage painting motorcycle oil paint
 
'හති හලන දුම්රි⁣යේ
ගමනාන්ත ය නොදත් 
දුම් දමන මගියෙනි.'
(පිටුව 46)
 
ඇත්තට ම ගමනාන්තයට පෙර සිට ම හති හලන බව සිතෙන්නේ දුම්රිය යි. එහෙත් ඇත්තට ම හති හලන්නේ මගියා ය. දුම්රියට ගමනාන්තයක් ලියැවී තිබේ. සරත්චන්ද්‍ර වල්පොල සිය කවියේදී දුම්රිය හති හැලීමත්, මගියා දුම දැමීමත් රූපක බවට පත්කරගෙන යළි අවධාරණය කරන්නේ ජීවිතයේ කැළඹීම ම ය. මඟියා දුම් දමන්නේ රූපකමය දුම්රියක් උදෙසාය. රූපකමය දුම්රිය තෙමේම මිස එන්ජිම සහිත යන්ත්‍රය නොවේ. මගියා හති හලන දුම්රියටත්, දුම් දැමීම මගියාටත් ආරෝපනය කිරීම තුලින් කවියා ප්‍රස්තූතයේ ප්‍රතිසෞන්දර්යවාදී අදහස මනාකොට කුළු ගන්වයි. මෙහිදී කවියා ආතර් ෂෝපන්හවර්ගේ අදහසක ඡායාවක් ගුරුකොට ගන්නා බවද පෙනේ. එය නම් වස්තුව හා සංකල්පය අතර නොගැලපීමක් අවධාරණය කිරීමෙන් මතු කරගත හැකි අර්ථ සමුදාය වෙත සමුදාය වෙත සමීප වීමට යත්න දැරීම ය. වස්තුව හා සංතල්පය එකක් මත එකක් අතිපිහිත කර බලන සරත්චන්ද්‍ර වල්පොල කවියා, අතිපිහිත කිරීමෙන් මතුවිය හැකි හාස්‍යයේ අනතුර කෙස් ගහෙන් බේරා ඒ කෙස් ගසේ ප්‍රමාණයෙන් මහා ජීවිත පරිඥානයක් ප්‍රතීයමාන කිරීමට යත්න දරයි. 
 
සරත්චන්ද්‍ර වල්පොල කවියා නිමවන්නේ ක්ෂුද්‍ර කවියකි. එය මහා ආඛ්‍යාන කාව්‍ය රටාවට එරෙහි කවියක් යැ යි කිව නොහැකිය. මහා ආඛ්‍යානයට විසුරුණු රූපාවලියක් නිසගයෙන් ශේෂ වන විට ක්ෂුද්‍ර කවියට අවසන් සංස්කරණයට ලක් කළ කාව්‍යාත්මයක් ශේෂ වනු දැක්ක හැකිය. එහෙත් මෙහි අන්තර්ගතයෙන් ඉස්මතුවන චිත්ත රූපාවලිය නොපටුය. භාවිත අල්පෝක්තිය තුලින් කවියා ගවේෂණය කරන්නේ එක්තරා ආකාරයකින් ජීවිතයේ හරස් කඩකි. 'වචන තෘෂ්ණාව මඩිමි' යනුවෙන් කවියා පළවෙනි කවියේ ම සඳහන් කරයි. සැබවින්ම ඔහු වදන් බාහුල්‍යය පරදා අර්ථ බාහු⁣ල්‍යය ඉස්මතු කෙරෙන ක්ෂුද්‍ර කවියක තම කාව්‍යාත්මය අවක්⁣ෂේප කර තිබේ.
'හදවතක් සතපවන
නිවහනක් උරහිසක"
(පිටුව 63)
 
ලාංකීය කෙටි කවියට බෝ දෑ රැගෙන එන ''බෝ දෑ නික්මෙති'' - (ජයසිරි අලවත්ත)
 
එකී ක්ෂුද්‍ර කවිය අල්පෝක්තිකවාදයේ උපරිම ඉම සනිටුහන් කරයි. කවියාට යාමට ඊට වඩා තැනක් නැත. උරහිස මත හැම තිස්සේ ම ලෝකයක් නිර්මිතව තිබේ. මහන්සි වී වැඩ කරන විටත්, සෙනෙහස ප්‍රදානය කරන විටත් උරහිස මත ලෝකය සක්‍රිය වනු පෙනේ. ඉහළ ම සහනය ඇත්තේ ලෝකයට වඩා නිවහන තුළ යැ යි විශ්වාස කරන කවියා උරහිස මත ඉසිඹු ලෑමෙන් පසු අලුත් ජීවිත ප්‍රාර්ථනාවක් සමර්පණය වන බවද  මෙම කවෙහි දී හඟියි. 
 
'කුඩ ඉහළන්
පෙම හකුලන්'
(පිටුව 99)
 
සරත්චන්ද්‍ර වල්පොල කවියා ලියන එම කවියෙන් ඔහු කුඩය ඉහලූ විට පෙම හැකිලෙන බව සිතන්නේ මන්දැයි පැහැදිලි නැත. ප්‍රේමය පවතින්නේ කුඩයක් ඉහලා නොගත් විටද? කුඩ ඉහලූ විට පෙම අතුරුදන්ව එතැනට රාගය ආදේශ වී යැ යි සිතමු. රාගය යනු පෙම නොවේ යැ යි කවියා හඟිනවාද? ප්‍රේමය හා රාගය අතර රස සම්බන්ධයක් තිබේ. කුඩය ඉහලන්නේ ප්‍රේමයෙන් උපදින රාග ක්‍රියාව එකිනෙකා අතර පුද්ගලික යැ යි විශ්වාස කරන නිසා මිස වෙනකක් නිසා නොවේ. 
 
'සරමෙ ඉඳිකටු තුඩු ඇනී
ගවුමෙ මල් පෙති පෑරුණී
(පිටුව 86)
 
jana brike watercolor vulvaසරත්චන්ද්‍ර වල්පොල කවියාගේ කවි මග, අල්පෝක්තිය පදනම් කරගත් රූපක ගුණයෙන් අනූන අර්ථ බාහුල්‍යය වෙත පාඨකයා කැඳවන ව්‍යායාමයක් යැ යි සනාථ කරන එබඳු කවි මේ කෘතියේ බොහෝ ය. මෙම කවියේ සරම සහ ගවුම මගින් ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය සංකේතවත් කරන අතර සරමෙ ඉඳිකටු තුඩු හා ගවුමේ මල් පෙති මේ සංකේත ලෝකයට රුධිරමය අරුතක් දනවයි. ඉඳිකටු තුඩු ඇනී මල් පෙති පෑරීම සිදුවිය යුතුම ය. ජීවිතය ඇත්තේ ඒ හාරා පාරා බැලීම තුළය. ජීවිතය යනු එක්තරා ලිංගිකමය තුවාලයක් ය. මිනිසා ගත කරන්නේ එම තුවාලය පාර පාරා ගෙවන දිවියකි. මල් පෙති හාරා පාරා දමන්නට බැරි දවසට පුද්ගල ලෝකය නිරුදක කතරක් බවට පත්වනු ඇත. ඉන්පසු ඇත්තේ ලෞකික ලෝකය අත්හළ වෙනත් ලෝකෝත්තර මගක් විය හැකිය.
 
'කන්ද උඩ සාදය
තැනිතලා වාදය'
(පිටුව 64)
 
මෙම කවිය දේශපාලන රූපකයකට වඩා සමීපතාව දක්වන අතර තැනිතලාවේ හැමදාම වාද විවාද සිදුවූ බවත් කන්ද උඩට නැගගත් අය සාද දිවියක් ගෙවන බවත් කවියා සාධනය කරයි. වැදගත්ම දේ කෙටි වදන් පහකින් න්‍යායික කාරණයක් නැතහොත් සුලභ අත්දැකීමක් කීමට කවියා දක්වා ඇති බුහුටි බවය. එවැනි කවියක් ලිවීමට මනා දේශපාලන පරිඥානයක් කොහොමටත් උවමනා වන අතර වාග් බාහුල්‍යය වෙනුව⁣ට එහි ප්‍රතිපක්ෂ ක්ෂුද්‍රත්වය ස්පර්ශ කිරීම මෙවැනි කවියක අසීරුම ගොඩනැගීම බව ක්ව යුතුය.
 
 'බෝදෑ නික්මෙති' කාව්‍ය සංග්‍රහයේ ඇතම් කවිවලට ඇත්තේ මතුපිටවාදී සෞන්දර්ය අරුත් පමණි. ඒ සමහර කවි තෙවැනි අරුතක් මතු කිරීමට නොසමත්ය. ඇතම් ව්ට කවියා මේ සංග්‍රහයේ නිමවන විශිෂ්ට කවි අතරේ එවැනි අර්බුදයකට මුහුණ දෙන්නේ අල්පෝක්තිය තුළින්ම කාව්‍යාර්ථ මතු කිරීමට දරන ප්‍රයත්නයේ දී විය හැකිය. එහෙත් ඒ කවි සියල්ලටම පාහේ සෞන්දර්යවාදී ලයක් දීමේ කවියාගේ තැත සාර්ථක ය. හයිකුවෙන්, ක්ෂුද්‍ර කවියෙන් හෝ සකෙව් කවියෙන් මනා අභ්‍යාසයක් ලබා ඇති බව ප්‍රකට කරන සරත්චන්ද්‍ර වල්පොල කවියා ඒවා මත නොයැපී තමන්ට අනන්‍ය කාව්‍ය මාර්ගයක් සොයා ගැනීමෙහි ව්‍යාවෘත වී ඇති බවද ඔහුගේ කවි පරිශීලනයේ දී පෙනීයයි. 
 
 
ගාඩි: රාජධානිය වෙනුවට ආදරය මුණගැසීම - (විමලනාත් වීරරත්න)(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්