''මට මහලු වයසේ
බැරිය දඩිබිඩි ගමන් පෙරසේ


''මගේ මතක'' එළිදකින දවසේ
හමුවෙලා අපි දොඩමු රිසිසේ''

ලේඛන දිවියේ පනස් වසරක අත්දැකීම් ඇතුලත් කරමින් කරුණා පෙරේරා ලේඛිකාව විසින් රචිත ''මගේ මතක'' චරිතාපදානය හෙට දින එනම්, සැප්තැම්බර් 30 වැනිදා එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ එදින පෙරවරු 10ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන පීඨිකාවේ දී ය.

එහි දෙසුම් ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ සහ බුද්ධදාස ගලප්පත්ති විසිනි.

තමන් ලියූ පළමු කෘතිය වන ‘අඳුරට එළියක්’ කෙටිකතා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගන්නා (1971) කරුණා පෙරේරා කෙටිකතාකාරිණියක් ලෙස විචාරක අවධානය දිනාගැනීමට සමත් වූ අතර ඇය මේ වනවිට කෙටිකතා සංග්‍රහයන් 11කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කර ඇත.

ගාමිණි වියන්ගොඩ සරසවියට

ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ අද (29) දින පස්වරු 2 සිට පස්වරු 5 දක්වා BMICH සරසවි පොත්හලේ දී මුණ ගැසීමට පාඨක ඔබට අවස්ථාව හිමිවන අතර ඔහු ලියු කෘති අත්සන සහිතව මිල දී ගැනීමේ අවස්ථාව ද හිමිවේ.

384996907 301347585842683 5675706125603973179 n


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්