කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සමාජය ඉදිරිපත් කරනු ලබන "විප්ලවයට පසු රුසියානු කලාව" දේශනය සහ දීප්ති කුමාර ගුණරත්න ගේ "සුන්දරත්වයට පසු කලාව" කෘතිය එළිදැක්වීමේ

වැඩසටහන ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා සවස 2.30ට කොළඹ රුසියානු මන්දිර ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. 

"විප්ලවයට පසු රුසියානු කලාව" මැයෙන් එදින දේශනය දීප්ති කුමාර ගුණරත්න විසිනි.


දීප්ති කුමාර ගුණරත්න ගේ "සුන්දරත්වයට පසු කලාව" 

"සුන්දරත්වයට පසු කලාව" යන පොත මගින් සංවාදයට ලක් කරන්නේ කලාව සහ සංස්කෘතිය සහමුලින්ම හුවමාරැ වටිනාකම් නැතහොත් විකුණුම් භාන්ඩයක් බවට පත් වු පසු සමාජයට සහ ජනයාට සිදු වන විපර්යාසයයි.

එවැනි විටෙක කලාවක් ලෙස සහ අධ්‍යාත්මික වස්තුවක් වු "සමාධි පිළිමය" සංචාරක ප්‍රවර්ධනයට අදාල මෙවලමක් බවට පත්වෙයි.

දැනුම සහ බලය අතර සම්බන්ධය මාධ්‍ය මගින් වසඟකාරීව වෙනස් කරන අතර සත්‍යය සතු ප්‍රබන්ධ මානය යථාර්ථය බවට පරිවර්තනය කරයි.

මිනිසුන්ට සෙල්ලම් කිරීමට සිදු වී ඇත්තේ තමන්ම නිපදචු ප්‍රබන්ධ සමඟ මිස බාහිර යථාර්ථය සමඟ නොවේ.

වේෂ නිරුපණය සත්‍යයේ හැඩය ගෙන ඇති අතර සත්‍යයේ හැඩය වේෂ නිරුපණය වී ඇත.

සබැඳි පුවත්:

'විප්ලවයට පසු රුසියානු කලාව' ගැන දීප්ති කතා කරයි


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්