'කුරුලු සුන්දර මතක ඇහිඳමි' කුලුඳුල් කාව්‍ය එකතුව සමගින් කුමුදුනී මෙන්ඩිස් කළ විශේෂ හෙළිදරව්ව.
ප්‍රතිභාපූර්ණ කවියාගේ අනාවරණ ශක්තිය සහ එකදු කවියක්වත් ඉවතලිය නොහැකි අපූරු කාව්‍ය සංග්‍රහයක ඇතුළාන්තය.
''ප්‍රතිභාපූර්ණ උසස් කවියාගේ විශිෂ්ට ලක්ෂණයකි අනාවරණ ශක්තිය. පෙර නොවූ අදහසක් නිර්මාණය කිරීමේ නුවණ ප්‍රතිභාවය යැයි භට්ට තේත නමැති පඬිවරයා කීවේ ය. මිනිහා වෙසෙන මේ ලෝකයේ අත්හදා බැලීම්වලට ගොදුරු වන විශාල සමාජයකි. මෙහි ඉන්ද්‍රීය ගෝචර සෞන්දර්ය පදාර්ථයන් මෙන් ම අධ්‍යාත්මයෙන් උකහා ගත යුතු අතින්ද්‍රීය පදාර්ථ සමූහයක් ද විද්‍යමාන වේ. මේ දෙවැදෑරුම් අර්ථය මතු කර දෙන්නේ කවියා ගේ අනාවරණ ශක්තියේ බල මහිමයෙනි. මෙය මෙසේ නොවුව හොත් බාහිර ලෝකයේ ස්වාධීනව පවත්නා ධර්මතා මිනිසාට සම්බන්ධ වන්නේ කෙසේ ද? මෙහි නිර්මාණශීලි ප්‍රතිභාවයේ අනුග්‍රහය නොතිබෙන්නට අපි සියල්ලෝ ම ලෝකය නමැති ලෝකාන්තරයෙහි අතපත ගානා අන්ධයෝ නොවෙමු ද? විශ්ව සාහිත්‍යයේ ආරම්භය පද්‍යයෙන් සිදු වී තිබෙන්නේ මේ ෙඒන්ද්‍රීය අවශ්‍යතාව නිසා ම නොවේ ද?"
ධවන්‍යාලොක විවරණය: ජී. එස්. බී. සේනානායක: පිටුව LII: පළමු මුද්‍රණය 1969: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
ප්‍රතිභාව සහ කවියාගේ අනාවරණ ශක්තිය
යට දැක්වූ සටහනට සමපාත වීම කෙසේ වුව ද එම ප්‍රකාශයට ආසන්න වූ කාව්‍ය සංග්‍රහයක් වුව ද වර්තමානයෙහි දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. 2026 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද, අනුරාධා නිල්මිණි කිවිඳිය විසින් රචිත ''මුහුලු මුක්තක'' කාව්‍ය සංග්‍රහය ද යට කී ප්‍රකාශය සනාත කරන සහ ඊට සමපාත වූ කෘතියකි.
නමුදු මා මේ සඳහන් කරන්නට සුදානම් වන්නේ එම කෘතිය පිළිබඳව නොව කාව්‍ය සංග්‍රහයක අන්තර්ගත කිසිදු කවියක් ඉවතලිය නොහැකි වූ මා කියවා, විඳි කාව්‍ය සංග්‍රහයක් පිළිබඳව ය.
ඉවතලිය නොහැකි කවි පිරුණු ‘කුරුලු සුන්දර මතක ඇහිඳමි’
කෘතියේ නම ''කුරුලු සුන්දර මතක ඇහිඳමි'' ය; කෘතිය රචනා කර ඇත්තේ කුමුදුනී මෙන්ඩිස් කිවිඳිය යි.
මතු පළ වන්නේ කුමුදුනි මෙන්ඩිස් කිවිඳිය සිය කුලුඳුල් කාව්‍ය සංග්‍රහය වන''කුරුලු සුන්දර මතක ඇහිඳමි'' කෘතිය පිළිබඳ ව The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)







