දැනටමත් ඔබ වෙත නිකුත් කර ඇති PIN අංකයේ වලංගුභාවය 2025.11.30 දක්වා දීර්ඝ කර ඇති අතර PIN අංකය තනි පුද්ගල බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනා කරණ තොරතුරු පද්ධතියේ (RAMIS) ඇති සිය ගිණුම වෙතපිවිසීම සඳහා ලබා දී ඇති මුර පදය වේ.
PIN අංකය හවුල් ව්යාපාර, වාසික සමාගම්, නිර්වාසික සමාගම්, අස්ථිත්ව සහ සංස්ථාවන්ට RAMIS පද්ධතියේ ඇති කාර්ය මණ්ඩලයට / බදු අනුනියෝජිතයින්ට බලය ලබා දීමේ වෙබ් ද්වාරය වෙත පිවිසීම සඳහා ලබා දී ඇති මුරපදය ද වේ.
හවුල් ව්යාපාර, වාසික සමාගම්, නිර්වාසික සමාගම්, අස්ථිත්ව සහ සංස්ථා වලට සිය බදු වාර්තා ගොනු කිරීමට අවශ්ය වන සිය කාර්ය මණ්ඩලය හඳුනා ගැනීමේ අංක (SSID) කාර්ය මණ්ඩලයට බදු අනුනියෝජිතයින්ට බලය ලබා දීමේ වෙබ් ද්වාරය තුළින් පද්ධතියට පිවිසි පසු ඉල්ලා සිටිය හැකි ය.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 113 වගන්තිය ප්රකාර සරල කරන ලද තනි පුද්ගල ආදායම් බදු වාර්තා, තනි පුද්ගල ආදායම් බදු වාර්තා, හවුල් ව්යාපාර ආදායම් බදු වාර්තා, සහ වාසික සමාගම, නිවාසික සමාගම්, අස්ථිත්ව සහ සංස්ථා විසින් භාර දීමට නියමිත 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ බදු වාර්තා මාර්ගගතව භාර දීම අනිවාර්ය වේ.
ඔබට ඔබගේ PIN අංකය අමතක වී ඇත්නම්, නව අංකයක් ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ ඊ - සේවාව ඔස්සේ නව ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු ය. ඊ - සේවාව මගින් PIN අංකය නිකුත් කරන්නේ ඔබගේ විද්යුත් තැපැල් ලිපිනයට පමණි: එම නිසා, ඔබ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති විද්යුත් තැපැල් ලිපිනය දැනට භාවිතනොකරන්නේ නම්, පළමුව ඹබ නව විද්යුත් තැපැල් ලිපිනය හා සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කළ යුතු ය.
විද්යුත් තැපැල් ලිපිනය හා සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා ඔබගේ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) සහ දුරකථන අංකය සමග ඔබගේ ඉල්ලීම cil@ird.gov.lk හරහා බදු ගෙවන්නන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ අංශය වෙතයොමු කරන ලෙසද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.
(සටහන |ජේ.මුණසිංහ)





