The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිස් ලොක්කෝ අතර ලොකු ගැටුමක් ! SDIG ට එරෙහිව පොලිස්පති, පොලිසි යයි !!

T

The Leader Desk

October 29, 2025 • 7:44 AM

පොලිස් ලොක්කෝ අතර ලොකු ගැටුමක් ! SDIG ට එරෙහිව පොලිස්පති, පොලිසි යයි !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා, යූ ටියුබ් නාලිකාවක හිමිකරුවෙකු හා සම්බන්ධ වී, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ට, පොලිස්පතිවරයාට මෙන්ම වත්මන් රජයටද අපකීර්තියක් වන පරිදි ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.
  • සමාජ ක්‍රියාකාරිකයකු විසින් පොලිස්පතිවරයා වෙත කරන ලදැයි කියන පැමිණිල්ලක් පදනම් කරගෙන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව පවතින චෝදනාව සම්බන්ධයෙන් ඉදිරියේදී රහස් පොලිසිය විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
  • පොලිස්පතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිසියට භාර දී ඇති අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇත.
  • මෙම සිද්ධියට මූලික වී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන පුද්ගලයකු විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ට, පොලිස්පතිවරයාට මෙන්ම වත්මන් රජයට අපහාස වන ආකාරයේ ප්‍රචාර සිදු කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා, යූ ටියුබ් නාලිකාවක හිමිකරුවෙකු හා සම්බන්ධ වී, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ට, පොලිස්පතිවරයාට මෙන්ම වත්මන් රජයටද අපකීර්තියක් වන පරිදි ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.

සමාජ ක්‍රියාකාරිකයකු විසින් පොලිස්පතිවරයා වෙත කරන ලදැයි කියන පැමිණිල්ලක් පදනම් කරගෙන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව පවතින චෝදනාව සම්බන්ධයෙන් ඉදිරියේදී රහස් පොලිසිය විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

 

පොලිස්පතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිසියට භාර දී ඇති අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇත. පොලිස් කොමිෂන් සභාව ද මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

 

මෙම සිද්ධියට මූලික වී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන පුද්ගලයකු විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ට, පොලිස්පතිවරයාට මෙන්ම වත්මන් රජයට අපහාස වන ආකාරයේ ප්‍රචාර සිදු කිරීමයි.

මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයා වෙත මෙම යු ටියුබ් හිමිකරුට එරෙහිව පැමිණිලි කර ඇති අතර, ඊට අදාළ හඬපට ද ඔහු විසින් ලබා දී ඇත.

මේ වන විටත්, යු ටියුබ් නාලිකාවේ හිමිකරුගෙන් විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සබැඳි පුවත් :

පොලිස්පති ඇතුළු ලොක්කන් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ CIDයේ විමර්ශනයට

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...