පාස්කු ප්‍රහාරය දියත් කිරීමට පෙර සහරාන් ඇතුළු සහචරයින් ඔහුන්ගේ සියදිවි නසාගැනීම සඳහා හේතු ඉදිරිපත් කරමින් වීඩියෝවක් පටිගත කර ඇත.



ප්‍රහාරයට දිනකට පෙර එනම් 2019 අප්‍රේල් මස 20 වැනි දින පස්වරු 1.20 ට පමණ ගල්කිස්සේ පිහිටි ස්පෑන් ටවර් හී පිහිටි මහල් නිවාසයකදී මෙම පටිගත සිදුකළ බව අපරාධ විමර්ශකයින් විසින් පසුව සොයා ගනු ලැබීය.

අරාබි සහ දෙමළ බාසාවෙන් පැයකට අධික කාලයක් තිස්සේ මෙම පටිගත කිරීම සිදුකොට ඇති අතර එහි පිටපත පසුව සහරාන්ගේ සොයුරාවන රිල්වාන් වෙත ලබාදී තිබිණ. ඒ, එම වීඩියෝවේ ප්‍රතිඥා දෙන කොටස ප්‍රහාරය සිදුවීමෙන් පසු අන්තර්ජාලයට මුදා හැරීම සඳහා යි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් සුවිශේෂී අනාවරණ කිහිපයක් සහිත විශේෂ වැඩසටහනක් පසුගියදා විකාශනයක කරනු ලැබූ අතර ඉන් අනතුරුව මෙම ප්‍රහාරය දේශපාලනික මුහුණුවර සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් සංවාදයක් හටගෙන ඇත.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහා මොළකරුවෙකු සිටි බවත් එය දේශපාලන අරමුණු මුදුන් පත් කිරීම සඳහා සිදු කළ දෙයක් බවත් එක් පාර්ශවයක් කියද්දී , තවත් පාර්ශවයක් පවසන්නේ එය හුදෙක් ආගමික අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බවයි.

එවැනි තත්වයක් තුළ සහාරන්ගේ අවසන් ප්‍රකාශය යළි අධ්‍යනය කිරීම මේ දෙපාර්ශවයටම එකසේ වැදගත්විය හැක.

 
එහි සිංහල පරිවර්තනය පහත පරිදි වේ.


අස්සලාමු අලයික්කුම් වරහමතුල්ලාහි වබරකාතුහු!

අරාබි බසින් දෙවියන් හට ප්‍රසංසා කරමු! අපි උන්වහන්සේට ප්‍රසංසා කරමු! අපගේ උපහාරය හා සමාව අයැද සිටිමු! හරි නේද? දෙවියන් හට ප්‍රසංසා කරමු! අපි උන්වහන්සේට ප්‍රසංසා කරමු! අපගේ උපහාරය හා සමාව අයැද සිටිමු! අපි අපගේ වැරදි ක්‍රියා වලින් සහ නරක ක්‍රියාවෙන් දෙවියන්ගෙන් රැකවරණය පතමු! දෙවියන් විසින් මග පෙන්වන තැනැත්තා නොමග නොයනු ඇත. නොමග යන්නන් නොමග යවයි ඔවුන්ටද මග පෙන්වනු ලබයි. අල්ලාහ් දෙවියන් හැර වෙනත් දෙවියෙක් නොමැති බව ද මම සාක්ෂි දරමි. මොහම්මද් යනු ඔහු විසින් එවන ලද අවසන් ශාස්තෘවරයා ලෙස මම සාක්ෂි දරමි.

අල්ලාහ් දෙවියන් අපිට තාහූත්ව ප්‍රතික්ෂේප කිරීම පිළිබදව වැදගත් කම පැහැදිලි කරමින් තව්හීද් (ඒක දේව වාදය) වෙත මග පෙන්වන ලදී. අල්ලාහ් දෙවියන්ට ප්‍රසංසා වේවා. තව්හීද් හී පැහැදිලි කිරීමෙන් අනතුරුව එම තව්හීදය පණගැන්වීමේ අරමුණින් ජීහාද් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුම යන අති උතුම් යාඥාවට අල්ලහ් දෙවියන් අපිට මග පෙන්වන ලදී.

අල්හම්දුලිල්ලාහ් ජිහාද් මාර්ගයෙන් තමයි අපි උතුම් වුනේ අද දින සහෝදරවරුණි,



අද දිනයේ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය දේශයේ මුජාහිදීන්වරුන් (සටන්කරුවන්) වන අපි ඉෂ්තිසාද් යනුවෙන් පවසන වීරත්වයේ මරාගෙන මැරෙන ප්‍රහාරයට අපි එකතුවී සිටින්නේ. මෙම ප්‍රහාරය ආශිර්වාදය ලත් ශාම් දේශයේ දී (සිරියාව,ලෙබනනය, ඊශ්‍රායලය, පලස්තීනය,ජෝර්දානය හා සයිප්‍රස්) ආරම්භ වන ආක්‍රමණය ඒ අරමුණ යටතේ තමයි මෙම ප්‍රහාරය සිදුකිරීමට මුජාහිදීන්වරුන් වන අපි එකතුවී සිටින්නේ.



ගෞරවනීය සහෝදරවරුනි,
අල්ලාහ්ගේ අනුගාමිකයනි,

 

ඉෂ්තිස්හාද් කියන්නේ කුමක්ද ඉෂ්තිස්හාද් කියන්නේ වීරත්වයෙන් මරාගෙන මැරෙන ප්‍රහාරය යන අර්ථයයි, පරිත්‍යාගයේ ප්‍රහාරයයි යන අර්ථයයි. අල්ලාහ් දෙවියන්ගේ මාර්ගයෙන් ඔහුගේ ආගම ඉදිරියට ගෙන ඒමට, අල්ලාහ් දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නන් නැති කිරීමේ අරමුණින්, මුහ්මින්වරුන් (දේව විශ්වාසය ඇති පුද්ගලයින්) වන අපේ සහෝදරයින්ව, මරා දමන අනුකම්පාවක් නොමැතිව තැන් තැන් වල මරා දමන, අන්‍යාගමිකයින්ට එරෙහිව පළිගැනීමේ අරමුණින්, ඇයි අපේ ජීවිත පූජා කර ස්වර්ගය ලබා ගැනීමට, මුහ්මින්වරුන් වන අපි අල්ලාහ් දෙවියන් සමග සිදුකරන ව්‍යාපාරය තමයි.



ඉෂ්තිස්හාද් කියන ස්වයං පරිත්‍යාගයේ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරය නොව, ස්වයං පරිත්‍යාගයේ ප්‍රහාරයයි. මෙය අල්ලාහ් දෙවියන් සමග සිදුකරන ඉමහත් ව්‍යාපාරයකි. අල්ලාහ් දෙවියන් අල් කුරානයේ සඳහන් කරනවා නියත වශයෙන් අල්ලාහ් දෙවියන් මුහ්මින්වරුන්ගෙන් ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ ආර්ථිකය ඔවුන්ට ස්වර්ගය ලබාදීම වෙනුවට, අල්ලාහ් නියත වශයෙන්ම මුදලට ලබාගෙන ඇත. එම වචනයේ දීර්ඝ වශයෙන් පවසනවා මුහ්මින් වරුන් අල්ලාහ්ගේ මාර්ගයේ ආයුධ සන්නද්ධව සටන් සටන්වදින බව. සතුරන්ව කපා දමයි, හතුරන්ගේ ප්‍රහාරයට ලක්වේ. සුභ ආරංචිය හා අල් කුරානය සත්‍ය වශයෙන්ම මේ පිළිබඳව තව්රාද් ඉන්ජීල් හා අල් කුරාණයේ පවසා ඇත.

අල්ලාහ් දෙවියන්ගේ මාර්ගයෙන් ආයුධ සන්නද්ධව සටන් කිරීම, මූසා නබිතුමාගේ කාලයේ පටන් ආරම්භ වු යාඥාවකි. එය පිළිබඳව අල්ලාහ් දෙවියන් අල් කුරානයේ පවසනවා මේ පිළිබද පොරොන්දුව සත්‍ය වශයෙන්ම තව්රාද් ඉන්ජීල් වල හා කුරාණයේ පවසා ඇති බව, අල්ලාහ් දෙවියන් හැර ලබා දුන් පොරොන්දු සත්‍ය වශයෙන් ඉටු කරන්නේ කවුද අල්ලාහ් දෙවියන් සමග ඔබලා සිදු කරගත් ව්‍යාපාරය සමග මුහ්මින්වරුන් වන ඔබ හොඳ දෙයක් ලබාගන්න. මෙයයි ඉමහත් ජයග්‍රණය කියා, අල් කුරානයේ අල්ලාහ් දෙවියන් අපිට කියාදෙනවා.

අද දින ශ්‍රී ලංකාවේදී ඉෂ්තිස්හාද් යන මෙම වීරත්වයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කරන්නේ ඇයි?

පළවෙනි හේතුව මුහ්මින්වරුන් වන අපි, දෙවියන්ව විශ්වාස කරන අපි, මතයෙන් එකතුවූ ජනතාවයි. අන්‍ය ආගමිකයින් විසින් අඳින ලද දේශසීමාවන් නිසා රට දේශය යනුවෙන් වෙන්වූ පුද්ගලයින් නොවෙයි. බටහිර මුස්ලිම්වරයෙකුට වේදනාවක් නම් බටහිර මුස්ලිම් වරයෙකුට පහර දුන්නොත්, නැගෙනහිර සිටින මුස්ලිම්වරයෙකුට වේදනාව ඇතිවෙයි, මෙයයි ආගමක කියන අල් වලා (පක්ෂපාතීත්වය). අපගේ මතය හා හඬ කුමක්ද කියා දන්නවාද? ඊමාන් (විශ්වාසයේ) මුදුන්මුල, අල්ලාහ් දෙවියන් නිසා කැමතිවීම අල්ලාහ් දෙවියන් නිසා අකමැති වීම, පාට නිසා, දේශ සීමාවන් නිසා අපි ජනතාව වෙන්කර බලන්නෑ.



ඇමරිකාවේ සිටින මුස්ලිම්වරුත් අපේ සහෝදරයො. ශ්‍රී ලංකාවේ සිටින අන්‍ය ආගමිකයින් අපේ හතුරන්ය. ගෞරවනීය සහෝදරවරුනි, මෙම ප්‍රහාරය සිදු කිරීමට ප්‍රධාන හේතුව, අල් වලා මුහ්මින්වරුන්ට ඇති ආදරයයි.


දෙවනුව ශාම් දේශයේ, අල්ලාහ් දෙවියන්ගේ පැසසුමට ලක් වු ශාම් දේශයේ, කලීෆා( නායකයා) අබුබකර් අල් බැග්ඩාඩිගේ නායකත්වයෙන් ඉස්ලාම් පාලනයක් ක්‍රියාත්මකයි. එවැනි පාලනයක් සිදුවු කුඩා ගම්මානයක් තමයි භාහූස් යන ගම්මානය, එම භාහුසය, අල්ලාහ් ව පමණක් විශ්වාසය කළ ජනතාවගෙන්, අල්ලාහ් දෙවියන්ගේ ෂරීයා නීතිය යටතේ පාලනය වු එම භූමිය, කුරුස බැඳගත් බල්ලන් කණ්ඩායමක්, භේදයකින් තොරව එහි සිටි මුස්ලිම්වරුන්ව විනාශ කරන ලදී. රටවල් 80කට වඩා ඔවුන් විසින්ම තහනම් කරන ලද වයිට් ඒ කියන්නේ ඔවුන් විසින්ම තහනම් කරන ලද වයිට් පොස්ෆරස් යන බෝම්බ විශාල වශයෙන් දමා එම ජනතාව විනාශ කරන ලදී. නමුත් එම ජනතාව ආගම අත්හැරියේ නෑ. ආගම වෙනුවෙන් ඔවුන් මිය යන ලදී. විනාශ වන ලදී. සත්‍ය වශයෙන්ම ඔවුන් පණපිටින් සිටින සුහදාවරුන්ය (යහපත් මිනිසුන්). ඔවුන් නොනවතින සොල්දාදුවන්.



ඒ නිසයි මුජාහිදීන්වරුන් වන අපි පවසන්නේ, භාහූස්වල දෙවියන්වයි අපි විශ්වාස කළේ. භාහූස් ජනතාව වෙනුවෙන්, එම ජනතාව මරාදැමු අයවලූන්ගෙන් පළිගැනීමේ අරමුණින් තමයි අපි අපේ ජීවිතය අල්ලාහ් දෙවියන් වෙනුවෙන් පූජා කරන්නේ. එපමණක් නොව, ඉරාකයේ මොසූල් යන ඉස්ලාමීය දේශය මුස්ලිම්වරුන් විසින් පාලනය කරන ලද, මුජාහිදීන්වරුන් විසින් පාලනය කළ අල්ලාහ් දෙවියන්ගේ නීතිය ඔසවා තිබු ඒක දේව වාදයේ කොඩිය බබළමින් සිටි එම මොසූල් නගරය සිරියාවේ රක්කා, ලිබියාවේ සිරුත් යන නගරයන් විනාශ කළ කුරුසකරුවන්ව මුලිනුපුටා දමන්නයි අපි ඉෂ්තිස්හාද් කරන්න ඉදිරිපත් වුණේ.

 

sdtw4rt5'' අපේ ඉෂ්තිස්හාද් ප්‍රහාරයේ ක්‍රිස්තියානි ආගමික ස්ථාන ඉලක්කය වී තිබේ. පල්ලි ඉලක්කය වී තිබේ''


අපේ ඉෂ්තිස්හාද් ප්‍රහාරයේ ක්‍රිස්තියානි ආගමික ස්ථාන ඉලක්කය වී තිබේ. පල්ලි ඉලක්කය වී තිබේ. ඇයි දන්නවාද අන්‍යආගමිකයින් වන ඔබලාගේ ලේ, අපිට අනුමත බවට අපේ ආගම, අපට පවසනවා අල් කුරානයේදී අල්ලාහ් දෙවියන් පවසනවා අල්ලාහ් දෙවියන්ව විශ්වාසය නොකරන අවසන් දිනය පිළිනොගෙන සිටින අල්ලාහ් දෙවියන් හා ඔහුගේ දූතවරයා විසින් අනුමත නොකළ දේ අනුමත කර සත්‍ය ආගම වන ඉස්ලාම් ආගම ආගමක් වශයෙන් පිළිනොගත් එම ආගමිකයන් ඔවුන් ජසියා බද්ද (මුස්ලිම් රටක මුස්ලිම් නොවන අය විසින් රජයට ලබා දෙන බද්ද) ලබාදෙන තුරු ඔවුන්ට විරුද්ධව ආයුධ සහිතව ප්‍රහාර එල්ල කරන්න. මෙය කාගේ වචනයද? මෙය අල්ලාහ් දෙවියන්ගේ වචනයයි. අල්කුරානයේ දී අල්ලාහ් දෙවියන් පවසනවා ක්‍රිස්තියානි ආගමිකයින් බද්ද ලබාදෙන තුරු සටන් කරන්න. ක්‍රිස්තියානි වරුන් වන ඔබව අන්‍යආගමිකයින් වන ඔබව ඔබ අපිට ප්‍රහාරයක් දියත් නොකළත් ඔබලාට ප්‍රහාර එල්ල කරන්න කියලයි, ආගම අපට පවසන්නේ.

නමුත් අපේ ජනතාව මුස්ලිම්වරුන් ලෞකික දේවල් වලට ඇලී ගැලී සිටීම නිසා එම ජිහාදය ඔවුන් නොකර සිටී. ක්‍රිස්තියානිවරුන් වන ඔබ ලඟට පැමිණ අන්‍ය ආගමිකයින් වන ඔබ ළඟට පැමිණ එක්කො ඉස්ලාම් ආගමට පැමිණෙන්න නැතහොත් බද්ද ලබා දෙන්න. එසේ නොවුනහොත් ඔබ සමග ආයුධ සන්නද්ධ සටන් කළ යුතු බවට ඔවුන් පැවසිය යුතුයි. ආගම එසේ පැවසුවත් අපේ ජනතාව එය නොකර සිටි. කීහිපදෙනයි එය සිදුකරන්න ඉදිරිපත්වුණේ. එම සටන්කාමීන්ව ඔවුන් ත්‍රස්තවාදීන්, ආගම අත්හරින ලද පුද්ගලයින් යනුවෙන් ලේබල් ගසා ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම නිසා බහුතර ජනතාව ගංගාවක් දිගේ ගලාගෙන යන රොඩු වගේ සිටින නිසා ක්‍රිස්තියානිවරුන් වන ඔබ මොකක් ද කරේ අපේ ජනතාව මරාදමන එක ඔබේ විනෝදාංශයක් කර ගත්තේය.




නවසීලන්ත පල්ලියේදී අපේ ජනතාව අසාධාරණ ලෙස වෙඩිතබා ඝාතනය කලා. ඊට පළිගැනීමක් ලෙසයි, අපි ඔබලාගේ ක්‍රිස්තියානි ආගමික ස්ථාන ඉලක්ක කර පහර දෙන්නේ. ප්‍රංශයේ සුනඛයන්, ඊරිසියාව සහිත ප්‍රංශයේ සුනඛයන් එදා පටන් අද වන තුරු අපේ ජනතාව මරා දමනවා. ඇමරිකානු සාතන් (යක්ෂයින්) අපේ ජනතාව මරාදැමීම එදිනෙදා පුරුද්දක් වශයෙන් සිදු කරමින් සිටී. රුසියාව, ඊශ්‍රායිලය, ඉතාලිය, හෝලන්ඞ්, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපය මෙවැනි රටවල් වල වැඩේ කුමක්ද? අපේ ජනතාව මරා දැමීම. එය වෙනුවෙන් මුදල් වෙන්කිරීම, පුහුණු පාඨමාලා ලබාදීම ඉරාකයේ සිරියාවේ හා කුරසානයේ අපේ ජනතාව මරාදමා අපේ කාන්තාවන් වැන්දඹු කර දූෂණය කර අපේ ළමුන්ව අනාථ කර අපේ දෙවියන්ගේ ආගමික ස්ථානය කඩා විනාශ කර අල්ලාහ් දෙවියන්ගේ ආගමික ග්‍රන්ථය ඉරා දමා අපේ ජනතාව ලේ වැගිරීම්වලට යටපත් කර ශ්‍රී ලංකාවට ඔබ සංචාරකයින් ලෙස පැමිණෙනවාද? ඉස්ලාම් ආගම හොඳින් අවබෝධ කර ගන්න. ඉස්ලාම් ආගමෙහි අහිංසක ජනතාව යනුවෙන් කොටසක් නොමැත. අල්ලාහ් මුස්ලිම් නොවන හා මුස්ලිම් ලෙසයි පුද්ගලයින්ව වෙන්කර ඇත්තේ.



අන්‍යාගමිකයින්, මුස්ලිම්වරුන් කියා පමණයි ඉස්ලාම් ආගමෙහි තිබෙන්නේ. අන්‍යාගමිකයෙකු නම් ඔහුගේ දේපල හා ලේ අනුමතයි. මුස්ලිම්වරයෙකු නම්, ඔහුගේ ලේ හා දේපළ තවත් මුස්ලිම් වරයෙකුට අනුමත නොවේ. මෙය මම කියන දෙයක් නොවේ, ඉබ්නු උමර් රලියල්ලාහු පවසනවා. එය සහීහුල් බුහාරි ග්‍රන්ථයේ සඳහන්ව තියනවා.

අල්ලාහ් දෙවියන්ගේ දුතයා වන මොහම්මදු නබිතුමාණන් පැවසුවා මිනිස්සුනේ නැමුදුමට ඇති දෙවියෙක් වන්නේ අල්ලාහ් හැර වෙන කිසිවක් නොමැත. මොහම්මද් අල්ලාහ් දෙවියන්ගේ දූතයා වශයෙන් පිළිගෙන නැමදුම හා සකාත්(බදු) ලබා දෙන තුරු ඔවුන් සමග සටන් කළ යුතු බවට. මම නියෝග කර සිටිනවා. කව්ද කිව්වේ අල්ලාහ් දේව දූතයා පැවසුවේ ඔවුන් නැමදුම ක්‍රියාවට නංවා සකාත්(බදු) ලබා දුන්නානම් එය ක්‍රියාත්මක කරයි නම් තමන්ගේ ජීවිතය හා දේපළ මාගෙන් ආරක්ෂා කරගනී යනුවෙන් අල්ලාහ්ගේ දේව දූතයා පැවසුවා. කලීමා නොපැවැසුවා නම් නැමදුම හා සකාතය ක්‍රියාත්මක නොකළා නම් ඔවුන්ගේ ජීවිත ඔවුන්ට අයිති නැත. ඔවුන්ගේ ලේ වැගිරීමක් සිදු කිරීම අපට අනුමතයි. ඔබලාගේ දේපළ ඔබට අයිති නැත. එය මුස්ලම්වරුන්ට අයිති දෙයකි. මෙය අපගේ දේව දූතයා පැවසුවේ.

 

  • ශ්‍රී ලංකාවේ අන්‍යාගමිකයින්ට කියලා තියන්න කැමති පළමුව ගරුත්වයක් ඇති ඉතා උසස් මෙලොව පාලනය කරන අල්ලාහ් දෙවියන්ට ඔබලා අපහස කලා.
  • දෙවනුව අනුමත නොකළ අපිරිසිදු සතෙක් වන ඌරාගේ ඡායාරූපයට ගරුත්වයක් ඇති අල්ලාහ් දෙවියන් ලෙස ලියා කුලියාපිටිය කියන නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වූවා.
  • තෙවනුව අල්ලාහ් දෙවියන් හට ශරීරයේ රහස් ප්‍රදේශ ඇති බවට ඥානසාර කියන මිත්‍යා දෘෂ්ඨිකයා පැවසුවා, අපේ දෙවියන්ට ශරීරයේ රහස් ප්‍රදේශ ඇති බවට පවසා අපහස කළා
  • සිව්වැන්න එක අපේ ජීවිතයට වඩා අපේ බිරින්දෑවරුන්, ළමුන්, සහෝදරයන්ටත් වඩා උතුම් ලෙස සලකන නබිතුමා වෙත, බල්ලන් වැනි ඔබ ඉතා පහත් ලෙස විවේචනය කළා
  • පස්වැන්න අපි අපේ ජීවිතයට වඩා ගරුත්වයක් ලබාදෙන අපගේ ආගමික ග්‍රන්ථය වන අල් කුරානය ගිනිබත් කළා, ඉරා දැමුවා, මේ රටේ ඔබ එය සිදුකළා
  • හයවැන්න අල්ලාහ් දෙවියන්ව පමණක් නැමදුම් කරන අල්ලාහ් දෙවියන්ගේ දේවස්ථානයන් වලට පහරදුන්නා, කුඩුපට්ටම් කලා
  • හත්වැන්න බොරු ප්‍රකාශ කරමින් මුස්ලිම් ජාතිකයින්ව මරා දැමුවා, ඔවුන්ගේ ආර්ථිකය විනාශ කළා, ඉඩම් පැහැර ගත්තා
  • අටවැන්න ඔබගේ බුද්ධි අංශ බල්ලන් විමර්ශනය යන මුවාවෙන් අපගේ බිරින්දෑවරුන් අපහාසයට ලක් කළා මෙම සිදුවීම් මාධ්‍යයට හසුනොවී ආරක්ෂා කරගත්තා මුජාහිදීන් වරුන් වන සටන්කරුවන් වන අප මෙය හොඳාකාරව දන්නවා. විමර්ශනය යන මුවාවෙන් අපගේ සහෝදරීයන් ව බුද්ධි අංශ බල්ලන් අපහාසයට ලක් කළා
  • නමවැන්න බටහිර අප්‍රිකාවේ ඉස්ලාම් දේශයේ සටන්කරුවන්ට එරෙහි යුද්ධයේදී ජාත්‍යන්තරය සමග ශ්‍රී ලංකා රජය වන ඔබ එක්ව කටයුතු කර තිබෙනවා
  • දසවැන්න ඔක්කෝටම වඩා මෙවැනි දේ ඔබ නොකර හිටියත් මීට වඩා භයානක, අල්ලාහ් දෙවියන්ට සමාන කරන අනෙකුත් අයවලූන් නැමදීමේ ක්‍රියාවේ ඔබ යෙදී සිටී.

අල්ලාහ් දෙවියන්ව ප්‍රතික්ෂේප කළ අන්‍යාගමිකයින් ලෙස ඔබ සිටී. අන්‍යාගමිකයින් පිළිබඳව කුමක් පවසා තිබේද යන්න ඔබ දන්නවාද, අල් කුරානය පවසනවා මුස්ලිම්වරුන් වන අපට නියෝග කරනවා, අන්‍යාගමිකයන්ව දකින තැන කපා දමන්න. ඔවුන්ව අල්ලගන්න ඔවුන්ව ආක්‍රමණය කරන්න සෑම මර්මස්ථානයකම ඔවුන් වෙනුවෙන් සැගවී සිටින්න. ඔවුන් එම පාපයන් වලින් මිදී, ඉස්ලාම් ආගම වැළඳගෙන, නැමදුම ක්‍රියාත්මක කර, සකාතය ඉටු කළා නම් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයේ යාමට ඉඩදෙන්න.

කවුද කිව්වේ, අපේ දෙවියන් පැවසුවේ. අන්‍යාගමිකයින්ව දකින තැන කපා දමන ලෙස අපේ දෙවියන්මයි පැවසුවේ. ඒ වගේම අල් කුරානයේ සඳහන් කරනවා ඔවුන් ඔබලාව සම්පූර්ණයෙන් විනාශ කරන ආකාරයටම ඔවුන්වද, සම්පූර්ණයෙන් විනාශ කර දමන්න, නියත වශයෙන්ම අල්ලාහ් දෙවියන් විශ්වාස කරන්නන් සමග සිටින බව දැනගන්න. ඒ වගේම අල් කුරානයේ අල්ලාහ් පවසනවා ප්‍රතික්‍ෂ්ප කරන්නන්ව ඔබ දකින විට ඔවුන්ගේ බෙල්ල කපා දමන ලෙස. දෙවියන්ව ප්‍රතික්‍ෂ්ප කරන්නන් අපෙන් කුමක්ද බලාපොරොත්තු වන්නේ, සටන්කරුවන් වන අපිව මරා දමන්න බලා සිටිනවාද?



මෝඩයිනේ අපි මැරෙන්නයි මේ ගමනට ආවේ. මෙම ගමනට අපි ආවේ මැරෙන්නමයි. අපි අල්ලාහ් දෙවියන් වෙනුවෙන් මැරෙන එක, ජයග්‍රහණයක් කියා ඔබ දන්නවාද? අපි කරන මෙම පරිත්‍යාගය අපගේ ජීවිතය ලබාදී, ලේ ටික ලබා දී, අපගේ සිරුර විනාශ කර සිදු කරන මෙම පරිත්‍යාගය, දැනගන්න ඉතා බිහිසුණු යුද්ධයකට අඩිතාලම බව. දැන ගන්න, අපගේ ජීවිතයට වඩා අපගේ ප්‍රතිපත්තියයි, මතයයි අපට වැදගත් වන්නේ. දැන ගන්න ජීවිතය කියන්නේ ප්‍රතිපත්තිය හා එය වෙනුවෙන් සිදු කරන සටනයි. අල්ලාහ්ගේ නාමයෙන් අපගේ මෙම උත්සාහයන් විනාශ වන්නේ නෑ, අපගේ ලේ මතින් අනිවාර්යෙන්ම මෙහි ඉස්ලාම් දේශයක් බිහිවේවි!



ඉස්ලාම් දේශයට, ෂී සංවිධානයට දිව්රුම් දෙන ජනතාව ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් බිහිවේවි. අල්ලාහ්ගේ නාමයෙන් සුන්බුන් වී යන අපගේ හිස්කබල් හා ශරීරයට උඩින් මුස්ලිම් දේශයක් මෙහි ආරම්භ වේ. ඇයි කියලා දන්නවා ද මරාගෙන මැරෙන කණ්ඩායමක් සිටින සමජය කවමදාකවත් පරාජය වන්නේ නෑ. ලියලා තියාගන්න, මරාගෙන මැරෙන කන්ඩායමක් සිටින සමාජය කවම දාකවත් පරාජය වන්නේ නෑ.

ඉන්දියාව ජයග්‍රණය කිරීමට රෝපණය කරන බීජයයි, මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය ඉන්දියානු අන්‍යාගමිකයින්ව අපි අමතක කළේ නෑ ඔවුන්වත් මෙම යුද්ධයේදී අපි ඉලක්ක කර තිබෙනවා. අල්ලාහ්ගේ දුතයා වන නබිතුමාණන් පැවසුවා නසායි, මුස්නද් අහමද් යන ග්‍රන්ථයන් වලත් සඳහන්ව තියෙන, සව්බාන් රලියල්ලාහු ගේ ප්‍රකාශනය අනුව මනුෂ්‍යයන්ගෙන් කොටස් දෙකක් අපායේ ගින්දර වලින් ආරක්‍ෂා කල බව ඉන්දියාව ජයග්‍රණය කරන්න සටන් කරන කණ්ඩායම හා ඊසා නබිතුමාව සිහිකර සටන් වදින කණ්ඩායම. මෙය ඊසා නබිතුමා සමග සම්බන්ධ කර පවසා තිබෙන නිසා අවසාන් කාලයේදී ඉන්දියාව ජයග්‍රණය කිරීමට කරන යුද්ධයයි.



හරකුන්ට යාඥා කරන්නනි, ඉන්දියාවේ සිටින හරකුන්ට යාඥා කරන්නනි, ඔබගෙන් පළිගන්නෙ නැතුව ශ්‍රී ලංකාවේ සිටින සටන්කාමීන් හා ඉන්දියාවේ සිටින සටන්කාමීන් අතහරින්නේ නෑ. කාෂ්මීරයේ අපේ ජනතාව මරා දමනවා, ඔබලාගෙන් පලිගන්නේ නැතුව සිටින්නේ කෙසේද? ඒ නිසයි මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයේ ඔබවත් ඉලක්කයක් බවට පත්කළේ.


ඒයි අන්‍යාගමිකයිනි, ඔබලා ගැන අපගේ ප්‍රතිපත්තිය මිල්ලති ඉබිරාහීමියා (ඉබ්රාහීම් නබිතුමාගේ මතයයි). දැනගන්න මිල්ලති ඉබ්රාහීමියා අල් කුරාණයේ සඳහන් වනවා ඉබ්රාහීම් සමග සිටින ජනතාව දෙවියන්ව ප්‍රතික්‍ෂේප කරන ජනතාව දිහා බලා පැවසුවා, ඔබලා ගෙන් අපි වෙන් වුණා, අල්ලාහ් දෙවියන් හැර ඔබ නැඳුම් කරන සියලූ දෙයින් අපි ඉවත් වුනා. අන්‍යාගමිකයින් වන ඔබගෙන් වෙන් වුණා. ඔබ නැමඳුම් කරන ගල් ප්‍රතිමා වැලි වලින් ඉවත්වුනා. ඔබව අපි ප්‍රතික්‍ෂේප කළා, එක් දෙවියෙක් වන අල්ලාහ් දෙවියන්ව ඔබ පිළිගන්නා තුරු, ඔබ හා අප අතර බෙදුම්වාදයක් හා අකමැත්ත ඇතිවී හමාරයි. එකම දෙවියෙක් වන අල්ලාහ් දෙවියන්ව ඔබ විශ්වාස කරන තුරු අපට ඔබ කෙරෙහි තිබෙන්නේ වෛරයක් හා අකමැත්තක්. ඔබ සමග කිසිඳු සම්බන්ධතාවයක් නොමැත. ඔබ සටන්කරුවන් වන අපව ත්‍රස්තවාදීන් බව පවසනවා.



මියන්මාරයේ අපේ ජනතාව මරා දමනවා. එය ත්‍රස්තවාදය නොවේද? ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ, සිනායිවල, නැගෙනහිර කිලකිස්ථාන්වල හා චෙචිනියාවේ අපගේ ජනතාව මරා දමන එක ත්‍රස්තවාදය නොවේද? අපේ දෙවියන් තමයි අපිට ආයුධ අතට ගන්න කියා නියෝග කළේ, මෙය ඇයි අපි භාර ගත්තේ, අපගේ දෙවියන් ලබාදුන් නියෝගය නිසයි. අල් කුරානයේ අල්ලාහ් පවසනවා මුස්ලිම්වරුන් වන ඔබට කොපමණ හැකිද, ඒ තරම් බලය රැස්කරගන්න, අශ්ව බලකායත් සුදානම් කර තබාගන්න. ඇයි දන්නවා ද අල්ලාහ් දෙවියන්ගේ ද්‍රෝහීන්ව බියගන්වන්න ත්‍රස්තවාදි යන මෙම වචනය අල්ලාහ් භාවිතා කරනවා. අල්ලාහ්ගේ හා ඔබගේ විරුද්ධවාදින්ව බියගන්වන්න ඔබ ආයුධ හා බලය එක්රැස්කරගන්න. මෙය පැවසුවේ කව්ද? අල්ලාහ් දෙවියන්ය. ආයුධ සන්නද්ධව සිටින නිසා අපි සතුටු වෙනවා. අල්ලාහ් මෙම යකඩය මාර්ගයෙන් අපට ගෞරවයක් ලබාදුන්නා කියා පවසනවා.


නියත වශයෙන්ම දැනගන්න අන්‍යාගමිකයිනි! අපි ඉඩම් හා විනාශයට පත්වන ලෞකික දෙවල් වලට ආයුධ සන්නද්ධ වුනේ නෑ දෙවියන් ප්‍රතික්‍ෂේප කරන්නන් මෙම භූමියෙන් තුරන්වී අල්ලාහ් දෙවියන්ට මෙම භූමිය අයිති කරගන්නයි අපි මෙම ආයුධය අතට ගත්තේ. අල් කුරානයේ අල්ලාහ් දෙවියන් පවසනවා අන්‍යාගමිකයින් සමග ආයුධ සන්නද්ධව සටන් වදින්න දෙවියන් ප්‍රතික්ෂේපකයන් විනාශය වන තුරු ආගම අල්ලාහ් දෙවියන්ට පමණක් වන තුරු, ආයුධ සන්නද්ධව සටන් කරන්න.

ගෞරවණීය සහෝදරවරුණි දැනගන්න ඔබගේ දෙවියන් අන්‍යාගමිකයින් ගැන පැවසු දේ මෙයයි, අන්‍යාගමිකයින්ට තවදෙයක් කියන්න කැමතයි. මෙම යුද්ධය අපි සමග සාකච්ඡා කර සම්මුතියකට පැමිණ නවතා දැමිය හැකි බවට කිසිසේත් විශ්වාස නොකරන්න.

ඔබලාව මරා දමා ජයග්‍රහණය කරනවා. නැතහොත් මෙම ආගම වෙනුවෙන් අපි විනාශ වී යනවා. එක්කෝ ජයග්‍රහණය නැතහොත් වීරත්වයේ මරණය. මෙයයි අපේ ප්‍රතිපත්තිය. රෝම් නගරය, සටන්කරුවන් වන අපගේ සහෝදරයන් අත්පත් කර ගනිමින්, එහි බාංගු (නැමදුමට කරන ආරාධනාව) කියන තෙක් ඔබ සමග පවතින යුද්ධය අවසන් නෑ. අපගේ අවසන් කෙනා තජ්ජාල්ව මරා දමන තුරා මෙම යුද්ධය නවතින්නේ නෑ. අපගේ ඉලක්කය අල්ලාහ් දෙවියන්ගේ නීතිය බලයට ගැන්වීමයි. අල්ලාහ්ගේ භූමිය අල්ලාහ් දෙවියන්ගේ නීතිය තමයි පාලනය කළයුත්තේ. අල්ලාහ්ගේ වදන් බැබළිය යුතුයි.

මෙම ගමනේදී වීරත්වයේ මරණය ලැබීමයි සටන්කරුවන් වන අපගේ ඉලක්කය. අපි මෙම ලෝකයට ජීවත් වෙන්න ආපු පුද්ගලයින් නොව, මෙම ලෝකය අත්හරින ලද අයවලූන්ය. අපි කුරානයේ ජනතාවයි, ජීවිතය පූජාකර ස්වර්ගය ලබාගන්නා අයවලූන්. ඔබ කොපමණ සේනාවක් එව්වත්. බුද්ධි අංශ බල්ලන් කොපමණක් එව්වත් සටන් කරුවන් වන අපිමයි අවසානයේදී ජයග්‍රහණය කරන්නේ. දැනගන්න, අපේ දෙවියන් ඒකයි අපිට පොරොන්දු වී තියෙන්නේ අනිවාර්යෙන් අල්ලාහ් දෙවියන් ලබාදුන් පොරොන්දු කඩකරන්නේ නෑ. අපේ දෙවියන් අපට පැවසූ දේ දන්නවා ද මම හා මාගේ දූතයා පුදුමයට පත්වනවා කියා ලියා තියනවා. සත්‍ය වශයෙන්ම අල්ලාහ් ගොඩක් ශක්තිමත්. ඔහු තමයි හැමෝටම වඩා ශක්තිමත්, දැනගන්න අන්‍යාගමිකයිනි.

දෙවියන් ප්‍රතික්‍ෂේප කරන ඔබ සුරාව ස්ත්‍රීලෝලී සහ මෙම ලෝකයට ආසාව දක්වන ඔබගෙන් වෙන්වී තමයි මරාගෙන මැරෙන ප්‍රහාරයට යන්නේ. අන්‍යආගමිකයින් වන ඔබව කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් එම ජනතාව අපායට යොමුකරයි. දැනගන්න අන්‍යාගමිකයින් වන ඔබ හා අප අතර කතා කරන්නේ පිහියයි, නැතහොත් කඩුවයි, මුවහත් කඩුවයි, මුවහත් පිහියයි.



අල්ලාහ්ගේ නාමයෙන් අපි කරන මෙම මරාගෙන මැරෙණ ප්‍රහාරය ඉතා විශාල යුද්ධයකට කරන මුල පිරීමයි කියා දැනගන්න. මින් අනතුරුව තැන් තැන් වල බෝම්බ පිපිරීයයි. ඔබගේ හිස කපා දමනවා, ලේ ගංගාවක් ලෙස ගලා යාමට කටයුතු කරනවා. ඔබගේ රාත්‍රීය දවල් කාලය බවටත් දහවල් කාලය රාත්‍රීය බවටත් පත්කරනවා. ඔබගේ පාදයන් යට ගිනිකදු පුපුරවන්න කටයුතු කරනවා.


සිනාමුසු මුහුණින් පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් ලොරි රථවලින් පැමිණෙයි. එය ආරංචි නොවන අතර දැක බලාගත හැකිය. ඔබගේ සොහොන් ඔබම නිර්මාණය කර ගන්න. ඇයි කිව්වොත්, බෝම්බය පුපුරවාගන්න පැමිණෙන අය දරුණුකෙනෙක් හැටියටත්, කලකිරුණු අයෙක් බවටයි සිටින්නේ. කලිෆාවරයා වන අබුබකර් අල් බැග්ඩාඩි යටතේ දිවුරුම් දුන් සටන්කරුවනි, අල්ලාහ් ඔබට ප්‍රතිඥව දෙනු මැන. ආගම වැසිගොස් තිබෙන මෙම ලෝකයේ ඔබයි ආගමට ශක්තියක් දෙන ජනතාව. විශ්වාසයෙන් සිටින්න මෙම මාර්ගය ඉතා අමාරු මාර්ගයකි. කැපවීම් නොමැතිව අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ නොහැක.

කරුණු අටක් පරිත්‍යාග නොකර කිසිම දිනක ඔබට ජයග්‍රහණය කල නොහැක, ඔබගේ දෙමව්පියන් ළමුන් ඔබගේ සහෝදරවරුන්, ඔබගේ බිරින්දෑවරුන්, ඔබගේ පවුලේ අයවලූන් ඔබ එකතු කළ මුදල් කොයි මොහොතේ පාඩු ලබයිද කියා බිය වන ව්‍යාපාරය ඔබ කැමැත්තෙන් ජීවත් වන නිවාස අල්ලාහ් ට වඩා අල්ලාහ් දෙවියන්ට වඩා, ඔහුගේ අවසන් දූතවරයාටත් වඩා, අල්ලාහ්ගේ මාර්ගයෙන් සටන්කිරීමටත් වඩා, ඔබට වැදගත් නම් ඔබ බලාපොරොත්තුවෙන් සිටින්න, අල්ලාහ්ගේ පණිවිඩය වේදනාවක් රැගෙන එන තුරු, බලන් සිටින්න කියා අල්ලාහ් අල් කුරානයේ පෙන්වා දෙනවා.

දෙවියන් හට ප්‍රසංසා කරමු. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. අපගේ උපහාරය හා සමාව අයැද සිටිමු. අපි අපගේ වැරදි ක්‍රියා වලට සහ අපගේ නරක ක්‍රියාවලට දෙවියන්ගෙන් රැකවරණය පතමු. දෙවියන් විසින් මග පෙන්වන තැනැත්තා නොමග නොයනු ඇත. නොමග යන්නන් නොමග යවයි. ඔවුන්ට ද මග පෙන්වනු ලබයි. අල්ලාහ් දෙවියන් හැර වෙනත් දෙවියෙක් නොමැතිබව ද මම සාක්ෂි දරමි. මොහම්මද් යනු ඔහු විසින් එවන ලද අවසන් ශාස්තෘවරයා ලෙස මම සාක්ෂි දරමි.

 

ගෞරවණීය ඉස්ලාමීය සහෝදරවරුනි අල්ලාහ්ගේ අනුගාමිකයිනි, අද දින අපි අමලීයා ඉෂ්තිසාදියා (වීරත්වයේ මරාගෙන මැරෙන ප්‍රහාරයට) යන ඉස්ලාම් ආගමෙහි සඳහන් උතුම් කාර්යක් සිදු කිරීමට අල්ලාහ්ගේ නාමයෙන් අපි එකතුවී සිටිනවා. ඒ කියන්නේ අමලීයා ඉෂ්තිසාදියා යනුවෙන් පවසන්නේ අල්ලාහ් දෙවියන් වෙනුවෙන් තම ජීවිත පූජා කිරීම.


නෑ සහෝදරවරුනේ කියා පටන් ගන්නවාද, කාෆීර් වරුන් (අන්‍යාගමිකයින්) කියා පටන් ගන්නද සහොදරවරුන් කියලා පටන් ගමු. දෙවියන් හට ප්‍රසංසා කරමු. අපි උන්වහන්සේට ප්‍රසංසා කරමු. අපගේ උපහාරය හා සමාව අයැද සිටිමු. අපි අපගේ වැරදි ක්‍රියා වලින් සහ නරක ක්‍රියාවෙන් දෙවියන්ගෙන් රැකවරණය පතමු. දෙවියන් විසින් මග පෙන්වන තැනැත්තා නොමග නොයනු ඇත. නොමග යන්නන් නොමග යවයි ඔවුන්ටද මග පෙන්වනු ලබයි. අල්ලාහ් දෙවියන් හැර වෙනත් දෙවියෙක් නොමැතිබව ද මම සාක්ෂි දරමි. මොහම්මද් යනු ඔහු විසින් එවන ලද අවසන් ශාස්තෘවරයා ලෙස මම සාක්ෂි දරමි.

ගෞවරණීය ඉස්ලාමීය සහෝදරවරුනි අල්ලාහ්ගේ අනුගාමිකයිනි දෙවියන් ඒක දේව වාදය හරහා මගපෙන්නුම් කරන ලද එම ක්‍රියාවට පණදීමේ අරමුණින් ජීහාද් යන මෙම ආගමික ක්‍රියාදාමය හරහා නිසි මග පෙන්නුම් කර ඒ හරහා ගරුත්වයක් ලැබු අපි සිලාහි යන මෙම අවිය නිසයි උසස් තත්වයක් ලබාගත්තෙ.



අද දින අල්ලාහ් දෙවියන් වෙනුවෙන් ඔහුගේ මාර්ගයෙන් තම ජීවිත පුජාකිරීමේ අරමුණින් අපි ඔක්කොම එකතු වී සිටිනවා. ඒකයි අමලීයා ඉෂ්තිසාදියා (වීරත්වයේ මරාගෙන මැරෙන ප්‍රහාරයට) පරිත්‍යාගයේ ප්‍රහාරය.


මෙම පරිත්‍යාගයේ ප්‍රහාරය ඇයි කිව්වොත් භාහූස් යන පොඩි ගම්මානය ශාම් දේශයේ පිහිටි එය අල්ලාහ් දෙවියන්ගේ ෂරීයා නීතිය යටතේ පාලනය වු භූමියකි. 80කට වඩා කුරුස බැදගත් රටවල් එකතු වී අල්ලාහ් දෙවියන්ගේ ෂරීයා නීතිය යටතේ පාලනය වු භූමියේ ජනතාව මරා දමන ලදී. මෙම කුරුස බල්ලන් විසින්ම තහනම් කල වයිට් පොස්පරස් බෝම්බ මගින් එම ගම්මානය සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. භාහූස්වල දෙවියන්වයි අපි විශ්වාස කර සිටින්නේ, ඔවුන්වයි අපි විශ්වාස කලේ, එම භාහූස් ජනතාව වෙනුවෙන් ගිනිතබා පුලූස්සා දැමු එම ජනතාව වෙනුවෙන් විශ්වාස කිරීම නිසා බිලිගන්නා එම ජනතාව වෙනුවෙන් අද දින එක් ක්‍රියාමාර්ගයක් ලබාගැනීමට අපි එකතුවී සිටින්නේ. මොකක්ද කරන්න යන්නේ අපේ ජනතාව මරා දමා දරුවන්ව අනාථ කර බිරින්දෑවරුන් හා සහෝදරියන්ව වැන්දඹු බවට පත් කර දෙවියන්ගේ සටන්කරුවන්ව මරා දමා මෙහි සංචාරය සදහා පැමිණෙන අන්‍යාගමිකයින්ව මරා දමන්න අපිව පරිත්‍යාග කර අල්ලාහ් දෙවියන් සමග කරන උතුම් ව්‍යාපාරයයි අපි ඔක්කොම එකතුවී සිටින්නේ.



අන්‍යාගමිකයින් එකක් දැන ගන්න, භාහූස්වල සිටින්නේ කොහේදෝ සිටින අයවලූන් නොවේ, අපේ සහෝදරවරුන්ය. අපි විශ්වාසය නිසා එකතුවී සිටින්නේ, එම ජනතාව වෙනුවෙන් අද දින එම ජනතාව මරා දමන ලද කුරුසකරුවන්ගෙන් පළිගැනීමටයි පැමිණ ඇත්තේ, අපගේ මෙම ප්‍රහාරයේ ක්‍රිස්තියානි ආගමික ස්ථාන තියෙනවා, ඇයි දන්නවාද , නවසීලන්තයේ අල්ලාහ් දෙවියන්ව යාඥාකිරීමට ගිය එම ජනතාව බේදයකින් තොරව මරා දමන ලදී. ඊට පළිගැනීමේ අරමුණින් අල්ලාහ්ගේ මාලිගයට අත තැබු ඔබට පාඩම් උගන්වන්න ක්‍රිස්තියානි ආගමික ස්ථාන පුපුරවාහරින්න පැමිනෙණවා. ඔබ හොඳින් අවබෝධකර ගන්න මෙම සටන මතයක් ගොඩනැගීමේ සටන ඉඩම් අල්ලන්න සිදුකරන සටන නොවේ. මෙය ප්‍රතිපත්තියට සිදුකරන සටනයි. ඉෂ්තිස්හාද් යන සමාජය කිසිදිනක පරාජවෙන්නේ නෑ. දැනගන්න මෙම ලෝකය හා එහි දේවල් අපි අත්හරින ලදී. අපි කුරානයේ ජනතාවයි ජීවිතය ලබාදී ස්වර්ගය ලබාගන්නා අයවලූන් මේ ලෝකයට නැමැයි අපේ ජීවිතය අල්ලාගේ වචනයන් ඉහල නැංවිය යුතුයි. අල්ලාගේ නීතිය මෙම භූමිය පාලනය කල යුතුයි. ඒ නිසයි අපි ආවේ. ජීහාද් කියන්නේ බස්නාහිරින් නැතිවුහොත් නැගනහිරින් ආරම්භ වන මෙම සටන සාකච්ඡා කර නවතා දමන්නට පුලූවන් කියලා ඔබ නොහිතන තැන් තැන් වල බෝම්බ පිපිරෙයි. මෙයයි ආරම්භය.



අල්ලාහ්ගේ නාමයෙන් මෙහි භයානක කම ජීහාදයේ බර ඔබලාට හොදින් දැනේවි. වාහනවල බෝම්බ පුරවාගෙන කණ්ඩායම් කණ්ඩායම් හැටියට අපගේ සහෝදරවරුන් පැමිණ ඔබව විනශ කර දමයි. සුන්බුන් වී යන අපගේ හිස්කබල නිසි මෙහි ඉස්ලාම් දේශයක් නිර්මාණය වේ. සත්‍ය වශයෙන්ම අපගේ මෙම උත්සාහය අපතේ යන්නේ නෑ. අපේ ජීවිතයට වඩා ප්‍රතිපත්ති තමයි වැදගත් වන්නේ. ජීවිතය කියන්නේ ප්‍රතිපත්තියි හා එයට කරන සටනයි.

සහෝදරවරුනි, සටන්කරුවනි ඔබට යම් පණිවිඩයක් ලබාදෙනවා අධිෂ්ඨානයෙන් සිටින්න අන්‍යාගමිකයින්ව අත්නොහරින්න. ඔවුන් ගැන අල්ලාහ් දෙවියන් පවසන දේ අමතක නොකරන්න. අපගේ ජනතාව මරා දමා මෙහි පැමිණෙන අන්‍යාගමිකයින්ව අත්නොහරින්න.

ශ්‍රී ලංකාවේ සිටින අන්‍යාගමිකයින් සාමාන්‍ය අයවලූන් නොවෙයි. මොවුන් අල්ලාහ් දෙවියන්ට බැනවැදුණු අයවලූන්. ඉමහත් අල්ලාහ් දෙවියන්ගේ නාමය ඌරාගේ ඡායාරූපයට ලියා උද්ඝෝෂණ කළ අයවලූන්. අල්ලාහ් දෙවියන්ට ශරීරයේ රහස් ප්‍රදේශ ඇති බවට අපහාස කළ අයවලූන්. අපගේ නබිතුමාණන් ගැන පහත් විදිහකට කථා කළ අයවලූන්. අල් කුරානය ඉරා දමා පල්ලිය ගිනිබත් කළ අයවලූන්. අල්ලාහ් දෙවියන්ට විරුද්ධව තම ජීවිකාව ඇති කරගත් පුද්ගලයින් අල් කුරානයේ පවසන විදිහට අන්‍යාගමිකයින්ව දුටු තැන මරා දමන ලෙස පවසනවා.

අන්‍යාගමිකයිනි, ඔබ අප අතර කථාකරන්නේ කඩුව පමණයි කථාකරන්න් ඔබ සමග කිසිදු සාකච්ඡාවකට ඉඩ නැත. ඉස්ලාම් ආගමේහි අහිංසක පුද්ගලයින් හා අහිංසක නොවන බවට බෙදා නොමැත. බෙදා ඇත්තේ මුස්ලිම්වරුන් හා අන්‍යාගමිකයින් ලෙසයි. අන්‍යාගමිකයෙකුගේ ලේ අනුමතයි ඔහු ජසීයා (බදු) ලබාදී ගිවිසුම් ගතවුහොත් ඔහුගෙ ලේ වලට හානි කරන්නේ නෑ. ඉස්ලාම් ආගම හෝ ගිවිසුම නොමැතිනම් ඔබගේ ලේ අපට අනුමතයි. එය ලබාගන්නවා ආර්ථිකය බලෙන් අත්පත් කර ගන්නවා. මුස්ලිම්වරුනි ඔබ අන්‍යාගමිකයින් සමග සම්මුතියක් ඇති නොකරන්න අල් කුරානයේ අල්ලාහ් දෙවියන් පවසනවා ඔවුන්ට පුළුවන්කම තිබුනොත් ඔබව ආගමට වෙනස් කරන තුරු ඔවුන් ඔබ සමග සටන් වදී. නබිතුමාණනි ඔබ යුදෙව්වන්ගේ ආගම පිළිපදිනතෙක් ඔවුන් ඔබව පිළිගන්නේ නැත. ඔබ ආගමික සංහිදියාව කථා නොකරන්න. එය ඉස්ලාම් ආගම නොවේ.

අපට අල්ලාහ් ජිහාදය අනිවාර්ය කළා, ඔබ වංචනික ව්‍යාපාරයක යෙදී ගවයින්ගේ නකුට අල්ලාගෙන ඔබ ගොවිතැනට ප්‍රමුඛත්වය ලබා දී ජිහාදය අත්හරියොත් අල්ලාහ් දෙවියන් ඔබව ඉතා පහත් කොට සලකයි. ඔබ නැවත ආගම වැළදගන්නා තුරු එම අපහාසය ඉවත් නොකරයි. ඒ නිසා ජිහාදයට පිවිසෙන්න.

අල්ලාහ්ගේ නාමයෙන් අපගේ ලේ බිංදුවලින් අපගේ සුන්බුන් වන හිස්කබල හා ශරීරයේ කොටස් මගින් මෙහි ඉස්ලාමීය දේශයක් ගොඩනැගෙයි. කලීෆාවරයා වන අබුබකර් අල් බැග්ඩාඩිගේ දේශයට දිව්රුම් දෙන ජනතාව කණ්ඩායම් කණ්ඩායම් ලෙස එක් රැස් වෙයි. අල්ලාහ්ගේ නාමයෙන් අපගේ මෙම උත්සාහය විනාශ වෙන්නේ නෑ. අල්ලාහ් දෙවියන් නිසයි අපි යන්නේ.



අන්‍යාගමිකයිනි ඔබලා ලගට පුපුරුවා ගන්න ගේන පුපුරණ ද්‍රව්‍ය අපි විසින්ම සදාගත් ඒවායි. කිසිම අන්‍යාගමිකයෙකුගේ මුදල් එහි නොමැත. අනුමත නොකල මුදල් එහි නෑ. කිසිඳු අන්‍යාගමිකයක් අපහට උදව් කළේ නැත. සටන්කරුවන් වන අපට අන්‍යාගමිකයින් උදව් කරන්නේ කෙසේද? අපිම සදාගෙන ඔබ ලගට රැගෙන එනවා.


මුස්ලිම් තරුණයිනි, ඔබ උත්සහ කරන්න අල්ලාහ් පවසනවා අපගේ මගෙහි උත්සහ කරන්නන් හට සියලුම පාරවල් විවෘත කර දෙන බව. ජනතාවනි විවේචනයන් වලට බිය නොවන්න, අල් කුරානයේ අල්ලාහ් පවසනවා අපහාස කරන්නාගේ අපහාස වලට බිය නොවී ධෛර්යය සම්පන්නව අල්ලාහ් දෙවියන්ගේ මාර්ගයට ඔබ පිවිසෙන්න. ජනතාවනි, විවේචනයන් විසිකරන්න. අල්ලාහ් දෙවියන්ට අවනතවී වැඩ කරන්න. ජන්නතුල් පිර්දව්ස් යන ස්වර්ගය ඔබට හිමිවේ. අල්ලාහ් පවසනවා අනිවාර්යෙන්ම මුහ්මින්වරුන්ගෙන් ඔවුන්ගේ දේපල හා ආර්ථිකය ලබාගත්තා. අල් කුරානයේ පවසනවා ඔබ ධෛර්යවන්තයන් ලෙස අල්ලාහ්ගේ මාර්ගයේ පිවිසෙන්න ඔබට නබිතුමානන්ගේ සගයින් බිලිවූ විදිහේ තම ඇස් කන නාසය ජීවිතය අහිමි කර බිරින්දෑවරුන් වැන්දඹු බවට පත්වී ළමුන් අනාතයින් බවට පත්ව සිටියේදී කිසිඳු දෙයක් අහිමිවී නොමැතිව නිකම්ම නිකං නැමදුම සකාත්, සදකා, උපවාසයේ, හජ් වන්දනාව ඉෂ්ඨ කළා නම් ස්වර්ගයට යන්න පුල්වන් කියලා හිතනවාද?

සකාතය, සදකාව හා ජිහාදය නොමැතිව ස්වර්ගයට යන්නේ කෙසේද? අල්ලාහ් දෙවියන් අයුධ සන්නද්ධ සටන් කිරීම ඔබට අනිවාර්ය කර ඇති බවට පවසනවා. ඔබ එය අත්හැර ගමන් කරන්නේ කොහේද?

 

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විස්වාස නොකරන්න. ඔවුන් නේපලයේ සිටින අන්‍යාගමිකයින්ට උදව් කරනවා. මියන්මාරයේ මුස්ලිම්වරුන් මරාදමන අවස්ථාවේදී නිහඬව සිට, ඥානසාර මිත්‍යා දුෂ්ටිකයාව එලියට ගන්න උත්සහ කරනවා. ආගම වෙනුවෙන් සිරබත් කන ඉබ්රාහිම් මව්ලවි ද කට වහගෙන නිශබ්දව සිටි. ඔවුන් අන්‍යාගමිකයින්ය. ඔවුන්ව පිළිනොගන්න. ආගම සොයා ඉගෙන ගන්න.



මුස්ලිම්වරුණි සුරතුල් තව්බා අන්ෆාල් අනිවාර්යෙන්ම කියවන්න. රහීකුල් මක්තූම් යන ග්‍රන්ථය කියවන්න. අබු මුසබ් ඉබ්නු සර්කාවි අබු මුහම්මද් අල් අද්නානි යන සත්‍ය ආගමික නායකයින්ගේ දේශන අසන්න. සෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියා රහිමතුල්ලාහ්, මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් රහිමතුල්ලාහ්, ඉමාම් ඉබ්නු කයියුම් අල් ජව්සියා රහිමතුල්ලාහ්, අයිමතුන් දව්වති නජිදියා යන නායකයින්ගේ ග්‍රන්ථයන් කියවන්න. මුස්ලිම් ජනතාවනි, මුස්ලිම්වරයෙක් අනිවර්යෙන්ම දැනගතයුතු මුලික දේවල් දහයක් ගෙන ඉගන ගන්න. අකීදාව (ප්‍රතිපත්ති) ඉගෙන ගන්න. ආගමික නායකයින් දිහා බලන් ඉන්න එපා.


අපගේ පවුලේ අයවලූන්ට යම් දෙයක් පැවසිය යුතුයි. අල්ලාහ් දෙවියන්ව හා ඔහුගේ ආගමටයි අපි වැඩියෙන් ආදරය කරන්නේ. අපි මිය ගියා කියන තොරතුර ලැබුනොත් පළමුවෙන් ඉවසීමෙන් සිටින්න. අල්ලාහ් දෙවියන්ට යාඥා කරන්න. අල්ලාහ් දෙවියන්හට ස්තූතිය පුදකරන්න. අල්ලාහ්ගේ නාමයෙන් අපි අවසන් දිනයේ දී නබිතුමාණන්ව හා ඔහුගේ ගෝලයින් වන (සහාබාරුන්) සමග අපි හමුවේවි.



ඔහොම ඉඳලා අපි බයිත් (දිවුරුම් දීම) කර ගමු එන්න. ඇදහිලිවන්තයන්ගේ ආඥාපති සහ මුස්ලිම්වරුන්ගේ නායක, අශ්ෂෙයික් අබු බකර් අල්-බග්දාදි අල්-කුරෙයිෂි, අල්-හුසේනි, දුෂ්කරතාවලදී සහ පහසුවේදී සහ පරාර්ථකාමීව සවන් දීමට සහ කීකරු වීමට අපි ප්‍රතිඥා දෙමු. අල්ලාහ් දෙවියන්ගෙන් අපට සාක්ෂි ඇති පැහැදිලි අවිශ්වාසයක් අපට පෙනෙන්නේ නම් මිස, එය කා සමඟද යන්න පිළිබඳව අපි විවාද නොකරමු. අප පවසන දෙයට අල්ලාහ් සාක්ෂිකරුවෙකි.

අල්ලාහ් ශ්‍රේෂ්ඨයි
අල්ලාහ් ශ්‍රේෂ්ඨයි
අල්ලාහ් ශ්‍රේෂ්ඨයි
අල්ලාහ් ශ්‍රේෂ්ඨයි
අල්ලාහ් ශ්‍රේෂ්ඨයි
අල්ලාහ් ශ්‍රේෂ්ඨයි
අල්ලාහ් ශ්‍රේෂ්ඨයි


 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්