පාස්කු ප්‍රහාරය සිදු වූ දිනයට දිනකට පෙර රාජ්‍යය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පති, ආරක්ෂක ලේකම්, අපරාධ විමර්ශන කොට්ඨාශය බාර නියෝජ්‍යය

පොලිස්පති ඇතුළු වගකිව යුතු නිළධාරීන් වෙත විශේෂ කෙටි පණිවිඩයක් යොමු කළ බවත් එය ලැබුණු බව ඔවුහු තහවුරු කර ඇති අයුරුත් ඊයේ (19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය. 

ඒ, පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් අපරාධ විමර්ශන කොට්ඨාශය සහ ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ ඊයේ පවත්වනු ලැබූ විශේෂ සම්මන්ත්‍රණයේදීය. 

පාස්කු ප්‍රහාර වළක්වා නොගැනීම ගැන මෙම හෙළිවන තොරතුරු වලින් අනාවරණය වී ඇත්තේ අදාල ආයතන හා වගකිවයුතු පුද්ගලයින් සිය වගකීම පැහැර හැර ඇති ආකාරයයි.  

2019 අප්‍රේල් මස 20 වැනි දින සවස 4.54 ට යවා ඇති පණිවිඩය සවස 4.55 තමන් දුටු බව තහවුරු කරමින් රාජ්‍යය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂකට පෙරලා දැනුම් දී ඇත.  එම පණිවිඩයේ නිල නොවන සිංහල පරිවර්තනය පහත පරිදිය.

2019 අප්‍රේල් 20 16.54 

රාජ්‍යය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන: 

විශ්වාසදායක තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවේ ජාතික තව්හීඩ් ජමාත්හි සහරාන් හසිම් සහ ඔහුගේ සගයන් ශ්‍රී ලංකාව තුළ ඉෂ්තිශාඩ් ප්‍රහාරයක් එල්ල කිරීමට (මරාගෙන මරාගෙන ප්‍රහාරයක්) සැලසුම් ඇත. 2019.4.16 වන දින ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි අසල පල්මුනේ ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් සයිකලයක් පුපුරවා හැරියේ මෙම ප්‍රහාරයට පෙරහුරුවක් ලෙස බව දැනගන්නට තිබේ. 2019.4.21 හෝ ඊට පෙර ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ඉස්තිෂ්හාඩ් ප්‍රහාරය එල්ල කිරීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත. පල්ලි සහ හෝටල් ඇතුළුව ඉන්දියානුවන් වැඩිපුර සිටින ස්ථාන 8 ක් ඔවුන් විසින් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

2019 අප්‍රේල් 20 16.55

එම පනිවය ලැබුණු බව ''ස්තුතියි'' කියා පෙරලා සටහනක් ද යොමුකර ඇත.

nilantha J
+++

මීට වඩා බුද්ධි අංශයකට අනතුරක් ගැන දැනුම් දිය හැකිද? මෙම තොතුරු  ලැබුණු බව තහවුරු කළ බළධාරීන් එල්ල වීමට නියමිතව තිබු ප්‍රහාරය වැළක්වීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද? අඩුම තරමින් මාර්ග බාධකයක් හෝ දැමීමට කටයුතු කළේද? '' මෙම විශේෂ සම්මන්ත්‍රණයට සහභාගී වූ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර තිබිණ. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්