The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිමා කරයි

T

The Leader Desk

October 27, 2025 • 3:19 PM

ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිමා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය මිය යන විට 76 වැනි වියේ පසුවුවාය.
  • අවුරුදු 13 දී බැති කුසුම් සඟරාවේ හාපුරා කියා කවි පන්තියක් පළවීමෙන් ලේඛන කලාවට අත් පොත් තැබූ සෝමා ජයකොඩි ලේඛිකාව රන්ගිර, මදාරා, කර්නල්ගේ බිරින්දෑවරු 1,2, බලවත්තු සහ බවලත්තු, කැඟරුවෝ අප්පච්චි, ලා දළු බෝපත්, නික්මයාම ඇතුළු නවකතා රාශියක් රසිකයින් අතරට පත් කර තිබේ.
  • නවෝදාට මුතු ඇටයක් ඇගේ ප්‍රථම ගුවන් විදුලි නාට්‍ය වන අතර ගුවන් විදුලි නාට්‍ය රචිකාවක් ලෙසද ඇය ජනාදරයට පත්විය.
  • දරුවන් සඳහා ළමා පොත් විශාල ප්‍රමාණයක් රචනා කර ඇති සෝමා ජයකොඩි ලේඛිකාව ඇගේ බණ්ඩාරගම මැදගම පිහිටි දෙමහල් නිවෙස සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලය වෙත 2019 වසරේදී ලබාදීමට තරම් පරිත්‍යාගශීලී වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):


 ඇය මිය යන විට 76 වැනි වියේ පසුවුවාය.

අවුරුදු 13 දී බැති කුසුම් සඟරාවේ හාපුරා කියා කවි පන්තියක් පළවීමෙන් ලේඛන කලාවට අත් පොත් තැබූ සෝමා ජයකොඩි ලේඛිකාව රන්ගිර, මදාරා, කර්නල්ගේ බිරින්දෑවරු 1,2, බලවත්තු සහ බවලත්තු, කැඟරුවෝ අප්පච්චි, ලා දළු බෝපත්, නික්මයාම ඇතුළු නවකතා රාශියක් රසිකයින් අතරට පත් කර තිබේ.

නවෝදාට මුතු ඇටයක් ඇගේ ප්‍රථම ගුවන් විදුලි නාට්‍ය වන අතර ගුවන් විදුලි නාට්‍ය රචිකාවක් ලෙසද ඇය ජනාදරයට පත්විය.

දරුවන් සඳහා ළමා පොත් විශාල ප්‍රමාණයක් රචනා කර ඇති සෝමා ජයකොඩි ලේඛිකාව ඇගේ බණ්ඩාරගම මැදගම පිහිටි දෙමහල් නිවෙස සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලය වෙත 2019 වසරේදී ලබාදීමට තරම් පරිත්‍යාගශීලී වූවාය. එහි ඇගේ පරිවර්තන කෘති 350 ක ප්‍රමාණයක් ඇතුළුව තුන්දහසකට ආසන්න පොත් ප්‍රමාණයක් පාඨක අයිතියට පත්කර තිබේ.

ජනප්‍රසාදනී සම්මානය, වනිතා සම්මානය, නවලිය සම්මානය ඇතුළු සම්මාන වලින් පිදුම් ලබා ඇති සෝමා ජයකොඩි ලේඛිකාව 1947 වසරේදී යටියන්තොට මහබාගේ වත්ත ග්‍රාමයේ ඉපිද පුවක්පිටිය දකුණ පල්ලිය පාසල, පුවක්පිටිය උතුර මහා විද්‍යාලය හා නුවරඑළිය කඳපොළ මහින්ද විද්‍යාලය යන විදුහල් වලින් අධ්‍යාපනය ලබා විකුණුම් ශිල්පය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

ජාතික අධ්‍යාපන ආයතනයේ පෙර පාසල් ගුරුවරියක ලෙසද රැකියාව කර ඇති සෝමා ජයකොඩි ලේඛිකාව පොතපත ඇසුරු කරමින් ලේඛන කලාවට මුල් තැන දෙමින් කටයුතු කර තිබේ.

| hirunews

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...