ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව නව වසර සඳහා ජනතාව අමතමින් පැවසුවා ය.


වසර 52ක් එරට රැජින ලෙස කටයුතු කළ ඇය 2024 ජනවාරි 14 වනදා සිට සිය කිරුළ අත්හරින බව කීවාය.

සිය පුත්‍රයා වන ෆ්‍රෙදරික් කුමරුට එම කිරුළ ලබාදෙන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

10cd26e91d56 queen margarethe frederik mary
83 හැවිරිදි දෙවැනි මාර්ග්‍රේදා රැජින 1972 සිට කිරුළ දර යි. දැනට ලොව කිරුළු දරන එකම රැජින මෙන්ම යුරෝපයේ දීර්ඝතම කාලයක් සිහසුන දරන්නිය ද ඇය වේ.

බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදාය මෙන් නොව, 55 හැවිරිදි ඔටුන්න හිමි ෆ්‍රෙදරික් කුමරු සඳහා නිළ ඔටුනු පැළඳීමේ උත්සවයක් නොපැවැත්වෙන අතර ඔහුගේ පදවි ප්‍රාප්තිය එදින කෝපන්හේගන්හි පිහිටි අමාලියන්බර්ග් මාලිගයෙන් නිවේදනය කරනු ලැබේ.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්