ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ දී ජපන් ගුවන් සේවයට අයත් ජෙට් යානයක් එරට වෙරළාරක්ෂක බලකායට අයත් ගුවන්

යානයක ගැටීමෙන් ඇතිවූ ගින්නෙන් වෙරළාරක්ෂක ගුවන් යානයේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

 

එම යානයේ නියමුවා දිවිබේරා ගෙන ඇතත්, බරපතල තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය රූපවාහිනය වන NHK අනාවරණය කළේය.

p0h2kl35

හොකයිඩෝ සිට පැමිණි ජපන් ගුවන් සේවයට අයත් යානය JAL 516 මගී ප්‍රවාහන යානයේ සිටි මගීන් 379කගේ දිවි බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇත.

 ටෝකියෝ හි හනේඩා ධාවන පථයට ගොඩබස්වන විට එය ගැටී ඇත්තේ, ජපානයට බලපෑ ප්‍රබල භූචලනයෙන් විපතට පත්ව සිටින ජනතාවට ආහාර රැගෙන යමින් තිබූ එරට වෙරළාරක්ෂක බලකායට අයත් යානයක යි. ගුවන් යානා දෙක ගැටීමෙන් අනතුරුව හටගත් ගින්න නිවා දැමීමටත් මගීන් මුදවා ගැනීමටත් ගිනි නිවීමේ කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි.

 132189914 tokyo airport crash notitle 640 2x ncජපන් ගුවන් සේවයට අයත් යානයේ සිටි පුද්ගලයින් 379 දෙනා නිරුපද්‍රිතව යානයෙන් ඉවත් කර ගෙන ඇති අතර ඉන් 14 දෙනකු සුළු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

අනතුරින් පසුව හනේඩා ධාවන පථ හතරම වසා දමා ඇති අතර අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවට එරට බලධාරීහු පවසති.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්