අමෙරිකාව පුරා ටික් ටොක් තහනම් කළ හැකි නව පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

 

සභාවේ සාමාජිකයින් 435 දෙනාගෙන් 352 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය භාවිත කර තිබීම විශේෂත්වයක්.

 

කෙසේවෙතත් එය නීතියක් බවට පත් වීමට, පළමුව සෙනට් සභාවේ අනුමැතිය හිමි විය යුතුයි. පසුව ජනාධිපතිවරයාද ඊට අත්සන් තැබිය යුතු වනවා.

 

bill

 

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ යෝජනාව සෙනට් සභාවෙන් අනුමත වුවහොත් තමා ඊට අත්සන් තබන බවයි.

එසේවුවහොත් මෙම පනත හරහා අමෙරිකානු බලධාරීන්ට ටික් ටොක් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හිමි වනු ඇති.

ඒ අනුව ගූගල් සහ ඇපල් ජංගම දුරකතනවලින් ඉදිරියේදී ටික් ටොක් ඉවත් කරනු ඇති. එමෙන්ම අලුතින් එම යෙදවුම බාගත කිරීමටද අවස්ථාව උදා වන්නේ නැහැ. දැනට භාවිත කරන යෙදවුම් සඳහා බලපෑමක් ඇති නොවුනද එය යාවත්කාලීන නොවීමත් සමග ටික් ටොක් භාවිතයේදී ගැටලු මතුවිය හැකියි.

 

The US House of Representatives is set to vote on legislation that would ban TikTok, a major challenge to one of the world’s most popular social media apps used by 170 million Americans, unless it part ways with its China-linked parent company, ByteDance.

ටික් ටොක් තහනම් කිරීමට අදාළ පනතක් ගෙන ඒම සඳහා අමෙරිකාව තීරණය කර තිබුණේ ඒ හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව පවසමින්. ටික් ටොක් හිමිකරු චීන කොමියුනිස්ට් පක්ෂය සමග සබඳතා ඇති බවටයි අමෙරිකාව චෝදනා කරන්නේ. කෙසේවෙතත් ටික්ටොක් සමාගම එය ප්‍රතික්ෂේප කර සිටිනවා.

 

අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ මාසා 6ක් ඇතුළත ටික්ටොක් කොටස් විකුණා දැමිය යුතු බවයි.

 

එසේ නොවුනහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කරන බව ඔවුන් පවසනවා.

 

නව තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන චීනය පවසා ඇත්තේ ටික් ටොක් තහනමේ ප්‍රතිවිපාක අමෙරිකාවටම භුක්ති විඳීමට සිදු වනු ඇති බවයි.

 

 

පනතට එරෙහිව සුළු පිරිසක් ඉකුත් බදාදා (13) දින ධවල මන්දිරයෙන් පිටත විරෝධතාවයක් ද පවත්වා තිබේ. එහිදී අදහස් දක්වමින් විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබුණේ සිය සේවා කටයුතු සඳහා TikTok යෙදුම ඉතා අත්‍යවශ්‍ය වන බවයි.

 

TikTokධවල මන්දිරයෙන් පිටත විරෝධතාවයක්

"අවුරුදු 15කට කලින් මගේ හීනෙ වුණේ පුද්ගලයින් 30 - 40 දෙනකු වෙත ප්‍රවේශ වීම යි. දැන් මිලියන ගණනක් වෙත ප්‍රවේශ වීමට මට පුළුවන්. මේකෙන් එය අහිමි වෙනවා" ඔෆෙලියා නිකොල් පනතෙහි සෘණාත්මක බලපෑම ගැන මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළා ය.

ටික් ටොක් යනු මේ වනවිට ලොවපුරා සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින සමාජ මාධ්‍ය ජාලයක්. 2020 වසර වනවිට අමෙරිකාවෙන් පමණක්උ පයාගෙන තිබු දැන්වීම් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන එකකට අඩුයි.

 107210361 1679006788827 gettyimages 1248389594 AFP 33BG8EN

 

එහෙත් එය මේ වසර වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 8 යි දශම 6යි 6ක් දක්වා වැඩි වී තිබෙනවා.

 

ටික්ටොක් සමාගම පවසන පරිදි සිය සමාජ මාධ්‍ය ජාලයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 268 ක්.

 

සබැඳි පුවත් :

TIKTOK හරහා චීනය ලෝකය පුරා බලය පතුරුවයි ද?


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්