මේ දිනවල කවුරුත් සමාජමාධ්‍ය නියාමනය පිළිබඳව කතා කරනු දක්නට ලැබෙයි.

එසේ කතා කරන්නේ ශ්‍රිලංකාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය යම් නියාමනයකට ලක්කිරීම සම්බන්ධව කටයුතු කරන මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත රජය විසින් සම්මත කිරීම නිසාය.

එහෙත් ලොව බොහෝ රටවල් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධව ඉතා තියුණු සැලකිල්ලක් යොමු කරනු දක්නට ලැබෙන අතර සමාජ මාධ්‍ය නියාමනය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධව සමාජ කතිකාවන් ගොඩනැගෙනු ද දක්නට ලැබෙයි.  

විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය පවා ඒ පිළිබඳව අවධානය වැඩි වශයෙන් යොමු කරනු ලබන්නේ චීනය විසින් සිය භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් සිය සමාජ මාධ්‍ය යොදාගනිමින් ලෝක බලදේශපාලනික අවුලක් හදන්නට මාන බලන පරිසරයකය.

භූ දේශපාලනිකව ගතහොත් චීනය විසින් මෑතකාලීනව සිය ආර්ථික සහ දේශපාලන මැදිහත්වීම තුළ භූ දේශපාලනික වශයෙන් ආසියාවට, මැදපෙරදිගට, අප්‍රිකාවට සහ යුරෝපයට සිදුකරන බලපෑම අතිමහත් බව නොරහසකි. විශේෂයෙන්ම ඵලදායී නොවන ව්‍යාපෘති සඳහා මහාපරිමාණ වාණිජ ණය ලබාගැනීම සඳහා විශාල කොමිස් ලබාගැනීමට ඉඩ සලසමින් එකී රටවල්වල දූෂිත පාලන තන්ත්‍ර පොළොඹවමින් චීනය කටයුතු කිරීම නිසා අවසානයේ දූෂණය සහ නාස්තිය සහ ණය පමණක් ඒ ඒ රටවලට උරුම වනු දක්නට ලැබිණ.

ඒ ආකාරයේ චීන ව්‍යාපෘති පිළිබඳව ඉහත සඳහන් කරන ලද කලාපයන්හි රටවල උදාහරණ විශාල ප්‍රමාණයක් පවතී. ශ්‍රී ලංකාව ද එහි ගොදුරක් බවට පසුගිය කාලයේ පත්විය.

අවසානයේ එම ණය ගෙවීමට අපොහොසත්වීම නිසා එකී රටවලට එම ව්‍යාපෘති සහ අදාළ භූමි ප්‍රදේශ චීනයටම පවරාදීමට සිදුවීමද දක්නට ලැබෙයි. එමගින් චීනය සූක්ෂමව රාජ්‍යයන් හි ස්වාධිපත්‍ය බලයට අත පෙවීම සිදුකිරීමට අවස්ථාව උදාකරගනී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ටික්ටොක් සංස්කාරක


කෙසේ වෙතත් ඉන් නොනැවතී සමාජ මාධ්‍ය ඔස්සේ ද භූ දේශපාලනික බලපෑම් සහ ආධිපත්‍ය ව්‍යාප්තවාදයක් ගෙනයාමට චීනය සැරසෙන්නේද යන බරපතල සැකය මේ වනවිට ලෝකයේ දේශපාලන විචාරකයින්ගේ සැකයට තුඩුදී තිබේ.

එම සැකය තහවුරු වන්නේ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය මෙහෙයවන ByteDnce සමාගම සඳහා ප්‍රධාන සංස්කාරකවරයකු චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පත් කිරීමත් සමඟය.

ඔහුට ලබාදී කාර්යය වන්නේ චීන දේශපාලන උවමනා සඳහා ටික්ටොක් පරිශීලකයින්ගේ දත්ත සහ ඒ අශ්‍රිත තොරතුරු චීන රජය වෙත ලබාදීමය. මේ නිසා අනෙකුත් රාජ්‍යයන් විශාල ආර්ථික සහ සමාජීය වශයෙන් අනාරක්ෂිත තත්වයකට පත්වෙයි. සූක්ෂම ආකරයෙන් අනෙක් ජාතික රාජ්‍යයන්හි ස්වාධිපත්‍ය තමන්වෙත නතුකරගැනීමට සමාජ ජාල මෙහෙයවීම චීනය මේ හරහා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

 



චීන බලව්‍යාපෘතියට සමාජ මාධ්‍ය යොදා ගන්නවා ද?

සත්‍ය වශයෙන්ම සමාජ මාධ්‍ය තුළ චීන බලව්‍යාපෘති සඳහා තමන්ගේ දත්ත භාවිතා කරනවාද යන කාරණයවත් නොදැන අප විසින් අපේ සියලු පෞද්ගලික දත්තයන් අද වනවිට ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ සමාගම්වලට ලබාදෙමින් තිබේ.

වහාම ටික්ටොක් හිමිකාරීත්වය දරණ ByteDance සමාගම විසින් සිය පරිශීලකයින්ගේ දත්ත සිය රටේ බලදේශපාලනික උවමනාවන් මත අවභාවිත කිරීම වහාම නැවැත්වීම සඳහා පියවර ගත යුතු අතර එසේ අවභාවිත කිරීමට නොහැකිවන ලෙස නීති සැකසීම සඳහා සියලුම රාජ්‍යයන් විසින් ද කටයුතු කලයුතුව ඇත.

මේ සම්බන්ධව සුදුසුම ප්‍රතිචාරය දක්වන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලය විසින් ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වන කෙටුම්පත දේශපාලන භේදයකින් තොරව ඒකමතිකව සම්මත කිරීමට පියවර ගෙන තිබේ.


(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්