leader s

වයඹ දිග පාකිස්ථානයේ අද (13) හමුදා රථ පෙළක් ඉලක්ක කර  එල්ල කළ ප්‍රහාරයකින් එරට හමුදා භටයෝ 12 දෙනෙක්

ජීවිතක්ෂයට පත්ව ඇත.

 හමුදා සෙබළුන් රැගත් මෝටර් රථ පෙළක් වෙත ඉස්ලාමීය සටන්කාමීහු වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 පාකිස්ථාන හමුදා භටයින් රැගත් මෝටර් රථ පෙළ ඇෆ්ඝනිථාන දේශසීමා ආසන්නයේ වසිරිස්ථාන් (Waziristan) හි බදාර් (Badar) කඳුකර පෙදෙසේ ධාවනය  කෙරෙමින් තිබියදී එම වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ. එහිදී තවත් පුද්ගලයින් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි ආරක්ෂක නිලධාරීහු පැවසූහ.

ඇෆ්ඝනිස්ථානයේ පාකිස්ථානි තලීබාන් නම් ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයක් විසින් ප්‍රහාරයේ වගකීම පිළිගෙන තිබේ. හමුදා සෙබළුන් සතු ගිනි අවි සහ ඩ්‍රෝන යානාද සිය භාරයට ගත් බව එම සංවිධානය පවසයි.

ඇෆ්ඝන් තලීබාන් පරිපාලනයේ ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක එම අන්තවාදී සංවිධානයට ඉන්දියාව සහාය දක්වන බව පාකිස්ථානය චෝදනා කරයි. ඉන්දියාව සහ ඇෆ්ඝනිස්ථානය එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

2021 වසරේ ඇෆ්ඝනිස්ථානයේ බලය තලීබාන් සංවිධානය යටතට පත්වීමත් සමග පාකිස්ථානි තලීබාන් සංවිධානය විසින් පාකිස්ථාන හමුදා ඉලක්ක කර එල්ල කෙරෙන  ප්‍රහාර උත්සන්න වී තිබේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/13/2025

මුලාශ්‍රය :

Twelve Pakistan soldiers killed in militants' ambush, officials say

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්