leader s

මියෙන්මාර හමුදා විසින් පසු ගිය සතියේ, පාසලක් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, එහි සිසුන් 19ක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්ගික සන්නද්ධ කණ්ඩායමක් අනාවරණය කර ඇතැයි, විදෙස් මාධ්‍ය අද (15) පැවසීය.


එළැඹෙන දෙසැම්බර් මස එරට නව මැතිවරණය පැවැත්වීමට දින නියමව තිබේ.

එහෙත්, ඊට ප්‍රථම, භූමියේ සිය ආධිපත්‍යය තහවුරු කිරීම පිණිස, පාලක ජුන්ටාව, සිවිල් ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් ඇතැයි, සන්නද්ධ කණ්ඩායම් චෝදනා කරති.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එරට රඛීන් (Rakhine) ප්‍රාන්තයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි ළමුන් පිරිසකි. එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් (UNICEF) සංවිධානය විසින් ද ඒ බව තහවුරු කර තිබේ. මිය ගිය සියලු දෙනා වයස අවුරුදු 15 සහ 21 වයස් කාණ්ඩයේ පසුවූහ.

මියෙන්මාර පාලක ජුන්ටාව විසින් රඛීන් ප්‍රාන්තයේ අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා විසන්ධි කර ඇති පසු බිමෙක, එහි සිදුවීම් පිලිබඳ පුවත් ආවරණය අතිශය ප්‍රමාද ව පවතී.

 



රාජ්‍ය හමුදා විසින් එම ප්‍රාන්තයේ නිරන්තරව සිදු කෙරෙන අමානුෂික ප්‍රහාර හේතුවෙන්, කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුළු ප්‍රජා සාමාජිකයින් රැසක් ඝාතනය වෙමින් ඇතැයි, යුනිසෙෆ් සංවිධානය පවසයි.

බංගලාදේශ දේශසීමාව ආසන්නයේ පිහිටි රඛීන් ප්‍රාන්තය, වෙනම පාලනයක් ඉල්ලා සටන් වදී.  ඒ හේතුවෙන්, මියෙන්මාර හමුදා සහ ප්‍රාන්තයේ අරකන් සන්නද්ධ හමුදාව අතර නිරන්තර සටන්  සිදු වේ.

එම ප්‍රාන්තය, එරට පිහිටි අර්බුදකාරීම කලාප අතුරින් එකකි. එහි උත්සන්න වන සාගතය සහ මන්දපෝෂණය පිලිබඳ ලෝක ආහාර වැඩසටහන ද නිරන්තර අවධානයෙන් පසුවේ.

මියෙන්මාර සුළුතර රෝහින්යා (Rohingya) මුස්ලිම්වරු වැඩි ප්‍රමාණයක් රඛීන් ප්‍රාන්තයේ පදිංචිකරුවන්ය.

 

rog87

ඉකුත් මස මියෙන්මාර හමුදා, රට පුරා එල්ල කළ ගුවන් ප්‍රහාර සංඛ්‍යාව 500 ඉක්මවීය. ඒ අතුරින් පාසල් 15ක් ඉලක්ක  කළ ගුවන් ප්‍රහාර වලින් ළමුන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

රජය, පසුගිය ජනවාරි - මැයි අතර කාලය තුළ පමණක් එල්ල කළ ගුවන් ප්‍රහාර සංඛ්‍යාව 1,134කි. එය 2023 වසර තුළ එල්ල කළ ගුවන් ප්‍රහාර 197ට සහ 2024 දී එල්ල කළ එම ප්‍රහාර 640ට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බව 'යුද ගැටුම් කලාප සහ අවස්ථා පිලිබඳ දත්ත ව්‍යාපෘතිය (Armed Conflict Location & Event Data Project) වාර්තා  කරයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/15/2025

මුලාශ්‍රය :

Students killed at Myanmar boarding school as junta escalates air war

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්