leader s

දශක දෙකක මෙහෙයුම් නිමා කරමින් අමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත්වීමත් සමඟ, මතුවන ආරක්ෂක හිඩැස හමුවේ ඉරාන බලපෑම සහ අයි.එස්. යළි නැගී සිටීමේ අවදානම ඉහළ යයි.



දශක දෙකකට අධික කාලයක් ඉරාකයේ රැඳී සිටි එක්සත් ජනපද හමුදා එරටින් මුළුමනින්ම ඉවත් වේ. ඒ අනුව හෙට (30) දිනයේ එරට සිය අවසන් කඳවුරු වෙතින් ද එම හමුදා නිල වශයෙන් ඉවත් වීමට නියමිතය. මෙම පියවර සම්බන්ධයෙන් ඉරානය සහ ඔවුන්ගේ සහාය ලබන සන්නද්ධ කල්ලි දැඩි ප්‍රමෝදයකට පත්ව සිටින්නේ, ඉරාක අභ්‍යන්තර දේශපාලනයට ඍජුව ඇඟිලි ගැසීමට පැවති ප්‍රධාන බාධකය ඉවත්වීම හේතුවෙනි.

දශක දෙකක ඉරාක මෙහෙයුම් අතරතුර අමෙරිකානු සෙබළුන් 4,500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය. හමුදා මුළුමනින්ම ඉවත් කරගැනීමේ එකඟතාව 2024 වසරේ ජෝ බයිඩන් පාලන සමයේදී ඇරඹි අතර, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට විරෝධයක් නොදැක්වීය. කෙසේ වෙතත්, මෙය ඉරාන හිතවාදී ෂියා සන්නද්ධ කණ්ඩායම් ශක්තිමත් කිරීමටත්, සුන්නි අන්තවාදී අයි.එස්. (ISIS) සංවිධානය යළි කරලියට පැමිණීමටත් මගපාදන බවට විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෝ අනතුරු අඟවති.

ඉරානය ලැබූ මූලෝපායික ජයග්‍රහණයක්

 

iraq us 23
"එක්සත් ජනපද සන්ධාන හමුදා ඉවත්වීම ඉරානය ලද උපක්‍රමික ජයග්‍රහණයක්. මන්ද, ඉරාකය කෙරෙහි ටෙහෙරානයේ බලපෑම මැඩලීමට වසර ගණනාවක් ක්‍රියාත්මක වූ විදෙස් මැදිහත්වීම මෙයින් තිරසරව අවසන් වනවා," යැයි ආරක්ෂක විශ්ලේෂක ජාසිම් අල්-බහද්ලී පවසයි. මෙය ඉරාකයේ ස්වෛරීභාවයට මෙන්ම අනාගත ආරක්ෂක තීරණවලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

ඉරාකයේ 'ඉස්ලාමීය ප්‍රතිරෝධය' සන්නද්ධ කල්ලියේ අණදෙන නිලධාරී අබු මොජ්තබා අල්-යසිරි මෙය හඳුන්වන්නේ 'ඓතිහාසික ජයග්‍රහණයක්' ලෙසිනි. විදෙස් හමුදා සිය තනි මතයට රට මෙහෙයවූ "කළු පිටුවක්" සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන බවත්, ජනතා ප්‍රතිරෝධය හමුවේ අමෙරිකානු සැලසුම් පරාජය වූ බවත් ඔහු රොයිටර්ස් වෙත සඳහන් කර තිබේ. අනෙක් අතට, සමස්ත මැදපෙරදිගින්ම අමෙරිකාව පලවා හැරීම තම අරමුණ බව පවසන ඉරාන පාර්ලිමේන්තු නියෝජිත අමීර් හයාත් ද මෙම පියවර සාදරයෙන් පිළිගෙන ඇත.

හමුදා ඉවත්වීමෙන් මතුවන හිස්බව සහ බිය

විදෙස් හමුදා පිටවීම පොදු ජනතාව අතර ජනප්‍රිය මාතෘකාවක් වුවද, ඉරාන හිතවාදී සන්නද්ධ කල්ලි සතු ප්‍රචණ්ඩකාරී ස්වභාවය දන්නා බහුතර ඉරාක වැසියන් මෙය දකින්නේ අකාලයේ ගත් 'නොමේරූ' තීරණයක් ලෙසයි.

"මේ මොහොතේ ඉරාකයට සිය ආරක්ෂාව තනිව පවරා ගැනීමේ පූර්ණ ශක්‍යතාවක් නැහැ," යනුවෙන් සුන්නි ජන නායකයකු වන අබ්දුල්රහ්මාන් අල්-සොබේ පෙන්වා දෙයි. "සියලු ඉරාක වැසියන් ස්වෛරීව විසිය යුතු වුවත්, සන්ධාන හමුදා මෙසේ ඉවත්වීමෙන් මතුවන ආරක්ෂක හිස්බව සමස්ත රටටම අසුබ පෙරනිමිත්තක්."

zob

 

2003 දී සදාම් හුසේන් බලයෙන් පහකළ අමෙරිකානු හමුදා 2011 දී පළමුවරට ඉවත් වුවද, අයි.එස්. ත්‍රස්තවාදය හමුවේ 2014 දී යළි පැමිණීමට සිදුවිය. පසුගිය කාලය පුරාම ඉරාක භූමිය අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රොක්සි (ප්‍රතිවාදී) ගැටුම් බිමක් බවට පත්ව තිබූ අතර, හමුදා ඉවත් වීමත් සමඟ එම තුලනය බිඳවැටීමේ අවදානමක් පවතී.

අයි.එස්. ත්‍රස්තවාදයේ යළි පිබිදීමක්?

අමෙරිකානු හමුදා නික්මයාම නිදිගැන්වී තිබූ අයි.එස්. (ISIS) ජාලයන්ට නව පණක් ලබාදීමක් බව ෆෙඩරල් මෙන්ම කුර්දිස්ථාන ආරක්ෂක අංශ අනතුරු අඟවයි.

අමෙරිකානු බුද්ධි තොරතුරු, ගුවන් නිරීක්ෂණ සහ ඩ්‍රෝන සහාය අහිමි වීම ත්‍රස්ත කල්ලි ප්‍රතිසංවිධානය වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

කුර්දි අණදෙන නිලධාරී සිර්වාන් බර්සානි පවසන්නේ හමුදා ඉවත්වන පුවත ප්‍රචාරය වීමත් සමඟ අයි.එස්. සැඟවුණු කල්ලිවල සක්‍රීය හැසිරීම් නිරීක්ෂණය වූ බවයි. මේ අතර, කර්කුක් ඇතුළු තෙල් සම්පත බහුල ප්‍රදේශ ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සැලසුම් කරන බවට ද තොරතුරු ලැබී ඇත. පවත්නා ආරක්ෂක සිදුරුවලින් රිංගා තවමත් ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමේ ශක්තිය තමන් සතු බව පෙන්වීමට අයි.එස්. සංවිධානය උත්සාහ දරන බව ආරක්ෂක නිලධාරීහු අවධාරණය කරති.

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
9/29/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්