මං උපතින්ම බෞද්ධයෙක්. බෞද්ධයෙක් වන්නේ කෙනෙක් ත්‍රිපිටකය කටපාඩමින් දැනීමෙන් නෙමෙයි. ඒ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ සිතුම් පැතුම්, බෞද්ධ විශ්වාස ඇදහිලි ඇසුරේ ජීවත් වීමෙනුයි.

පන්සල් දෙකකට මැදිව හැදුන මට නිරන්තර ඇසුරක් වුනේ පන්සලේ හාමුදුරුවරු. ඒ හාමුදුරුවරු සහ අද හාමුදුරුවරු අතර තියෙන්නෙ හඳුනාගන්න බැරි වෙනසක්. ඒ හාමුදුරුවරු ඇත්තෙන්ම ගිහියන්ට වඩා වෙනස්. සිවුරු හැර යාම්, ප්‍රේම සම්බන්ධතා ආදිය නොතිබුනා නෙමෙයි. ඒත් ඒ හාමුදුරුවරුන්ට පුළුවන්කමක් තිබුනා ගිහියන් නොදකින උත්තර පැවැත්මක් පෙන්වා දෙන්න.


 පන්සල මට හැමදාම දැනුනෙ ආරක්ෂිතම ස්ථානයක් විදිහට. ඕනම දෙයක් ගැන කතා කරන්න පුළුවන්, විනිශ්චය කිරීම් රහිත, දඩුවම් දීම් නොකරන,  සියල්ල බාරගන්නාසුලු මිත්‍රශීලී හාමුදුරුවරු මං ඇසුරු කළා. කිසිම දවසක ඒ හාමුදුරු කෙනෙක් මට ජාතිය ආගම ඉස්මුදුනෙ තබාගන්න කියලා දුන්නෙ නෑ.  

Bu
 
ඒත් අද බුද්ධාගම වෙනස්. බුදු පිළිමයක් දැක්කම ඉස්සර ඇතිවුනු නිවීම වෙනුවට බෞද්ධයෙක් වුනු මටත් දැන් ඇතිවෙන්නෙ බයක්. ඒ බුදු පිළිමය කොයි මොහොතක හෝ මගේ ජීවිතය විනාශ කරන අවියක් විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. ඒ පිටිපස්සෙ ජාතිවාදය, ආගම්වාදය නිසැකවම සංවිධානය වෙමින් පවතිනවා. රටේ නීතිය, දේශපාලනය, ව්‍යාපාර සියල්ල පාලනය කරන අශිෂ්ට, අධිකාරී බලයක් ඒ බුදු පිළිමය පිටිපස්සෙ පවතිනවා. ඒක අපිට එදිනෙදා මුනගැහෙනවා.


ඉස්සර බුදු පිළිමයක් ගෙදරක හෝ කාර්යාලයක තියාගෙන ඉන්න කෙනෙක් දැක්කම අපි හිතන්නෙ ඒ තැනැත්තා මේ ලෝකයේ සියලු කාර්යබහුලතාවයන් අතර තමන් තුල නිවීමක්, අව‍බෝධයක් හොයාගෙන යන කෙනෙක් විදිහට. මෛත්‍රිය හෝ කරුණාව පුහුණු කරන්න වෑයම් කරන කෙනෙක් විදිහට. ඒත් අද එහෙම නෙමෙයි. ලොකු  බුදු පිළිමයක් කාර්යාලයක තියාගෙන ඉන්නවා කියන්නෙ ඒක තර්ජනයක්. තමන්ට මේ රටේ ඕනෑම දෙයක් කළ හැකි බලය පිළිබඳ ප්‍රකාශනයක්.

 

buddha statue for sale online 13 inch teal and orange lotus flower base beautiful gift or spiritual decoration 600x450
මෙවන් බුදු පිළිමයක් අන් ආගමිකයෙකුට හෝ අන් ජාතිකයෙකුට මොන තරම් තර්ජනාත්මක ප්‍රකාශනයක් වෙනවා ඇත්ද? එය තව දුරටත් ආධ්‍යාත්මික දියුණුවක් පතන මිනිසුන් හෝ අනෙකා දෙස මෛත්‍රියෙන් බලය මිනිසුන් පිළිබඳ ප්‍රකාශනයක් නෙමෙයි. ජීවිත කාලයක් වුවත් කෙනෙක් වරදක් නොකර වුවද සිරගත කළ හැකි බලයක් පිළිබඳ රුදුරු ප්‍රකාශමාන වීමක්.

බුදු පිළිමයක් සතු ක්ෂාන්තිවාදී ගුණය, ඉවසීම කරුණාව ආදී ගුණයන් නැසී යමින් තර්ජනාත්මක, සියල්ල යටින් දිවෙන අසාධාරණ බලයක ප්‍රකාශනයක් විදිහට බුදුන්ට වැඩසිටීමට සිදුවීම මොන තරම් අභාග්‍යයක්ද? මගේ බුදුන් පරිනිර්වාණය කරවන අන්දම මගේ ජීවිත කාලය තුලම මට දකින්න සිදුවීම මොන තරම් අවාසනාවක්ද?

මේකට විරුද්ධව ඕනෑ තරම් කමෙන්ට් දාන්න පුළුවන්. විවේචන කරන්න පුළුවන්. ඒත් මට බෞද්ධයෙක් හැටියට බුදු පිළිමයක් ගැන ඇතිවුනු සැනසීමේ සිට බිය වැද්දීම දක්වා වෙනස අසත්‍යයක් නෙමෙයි.



Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

#truepatriotlk

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්