අද ජුලි 25, මේ පොටෝ එක ගන්නෙ මීට අවු 02කට කලින් , 2021 ජුලි 25 හරියටම අද වගේ දවසක.

 

මේ තමයි මංගලගෙ ජීවිතයෙ , ඔහු කරපු අවසන් මාධ්‍ය සාකච්ඡාව.

අවු 32 ක පක්ෂ හා පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වෙලා , දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් , මංගලගෙ මූලිකත්වයෙන් හදපු අලුත් වැඩපිළිවෙළ සහ වේදිකාව ජනගත කෙරුණෙ එදා.

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය, නූතන පරම්පරාව තව දුරටත් ඒ ආකාරයෙන්ම වැළඳ නොගන්නා බව මංගල කල්තියා තේරුම් ගත්තා.

ඒ වගේම දූෂණයෙන් , වංචාවෙන් , ජාතිවාදයෙන් , ආගම්වාදයෙන් අරාජිකව පැවති රට , ඉන් මුදා ගැනීමට නම් පාර්ලිමේන්තුවෙන් පිටත බිම් මට්ටමේ විශාල වැඩ කොටසක් කළ යුතුම බව මංගල අවබෝධ කර ගත්තා.

ඒ නිසා පාර්ලිමේන්තුවත් , පක්ෂයත් පැත්තකින් තියලා, බිමට බැහැලා අලුත් පරම්පරාව එක්ක මේ ආකාරයෙන් උඩුගම් බලා පිහිනන්න මංගල එදා තීරණය කළා.

මිනිස්සුන්ට විහිළුවක් වගේ පෙණුනට , TikTok generation එක ( Z පරපුර ) එක්ක ගනුදෙනු කරන පළමු ලාංකීය දේශපාලන චරිතය බවට මංගල එදා පත්වුණා.

51 බණ්ඩාරනායක එජාපයෙන් එළියට බැහැලා අලුත් ගමනක් පටන් ගත්තා වගේ, පකිස්තානෙ ඉම්රාන් කාන් , තායිලන්තයේ පිටා ලිමිජාරඔන්‍රාට් කළා වගේ මංගලටත් ඕනෙ උනා සම්ප්‍රදායට අභියෝග කරන්න. පුද්ගල / ඒකාධිපති වාදයෙන් පිරිච්ච පරිදිය පුපුරුවා හරින්න. 2025 ලංකාව තුළ නිර්මාණය වන,
නව දේශපාලන විභවය කල්තියා කියවගෙන, ඊට අදාල උත්තරය හදන වැඩේ , මේ විදියට මංගල අපි එක්ක එදා පටන් ගත්තා.

රටට අවශ්‍ය විකල්පයක් මිස, ආදේශකයක් නොවේ - මංගල

වැදගත් ම දේ තමයි , මෙතන ඉඳ ගන්න කලින් මංගලට තිබුණා තමන්ගේ ඉතිහාසය ගැන පශ්චාත්තාපයක්. තමන්ගේ පම්පෝරිය දිග හරිනවට වඩා තමන්ට වැරදුණු , මග හැරුණු තැන් ගැන පසුතැවීමක්. ඒවා ප්‍රසිද්ධියේ පිළිගන්න ගමන් මංගලට පුළුවන් උනා , අපේ පරම්පරාවෙන් මංගලගෙ දේශපාලන ඉතිහාසයේ ඇතැම් පරිච්ඡේද වලට එල්ල වුණු විවේචනයන් නිහතමානීව බාර ගන්න.

මංගලට ඇත්තටම ඕනෙ උනා අලුත් වෙන්න.

2021 ජුලි 25 කියන්නෙ මංගලගෙ ජීවිතයෙ වගේම , ලාංකීය දේශපාලනයෙත් අලුත් පිටුවක් සහ පරිච්ඡේදයක්.

උතුර , දකුණ , වතුකරය , සංක්‍රාන්ති ලිංගික , ආබාධිත , කාන්තා පිරිමි , බෞද්ධ , ඉස්ලාම් , කිතුණු , හින්දු , මැලේ , බර්ගර් සියළු දෙනා "මිනිසුන් ලෙස" එකම වේදිකාවක සිට ,  ඒ අලුත් පරිච්ඡේදය ලිවීමේ වගකීම "අපි" එදා බාර ගත්තා.

සියළු ජාතීන් , ආගම් , වෘත්තිකයන් , ජන කොටස් ,  දේශපාලන මතවාද , එකතු කරන් , මෙවැනි වේදිකාවක් , මෑත ඉතිහාසයේ ලංකාව තුළ නිර්මාණය උනේ , මගේ දැනුම අනුව පළමු වතාවට.

අවුරුදු දෙකකට කලින් මංගල ඒ දැකපු දේශපාලන යථාර්ථය අද මහ පොළවෙ ඇත්තක් වෙලා. සියළු දෙනා "මිනිසුන්" ලෙස පිළිගැනීමේ වැදගත්කම අද අන් කවරදාටත් වඩා දැනෙන්න පටන් අරන්.

ඒ නිසා , "මංගල අද හිටියා නම්" කියා සන්තාප වනු වෙනුවට , මංගල වෙනුවෙන් පිදිය හැකි ලොකුම උපහාරය, ඒ පරිච්ඡේදය හිස්තැනක් නොකර , නැවත ලිවීමට මුල පිරීමයි.

මංගලගෙ ආදරණීයයන් ලෙස , ඒ වගකීම අපිට අදටත් වලංගුයි.

 

smg ss-ශෙහාන් මාලක ගමගේ-
 25.07.2023

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්