"වෙනම ඊළාම් රාජ්‍යයක් මේ රටේ බිහි නොවුනාට, ‘77 න් පසු විවෘත වෙළඳපල ආර්ථිකය විසින්

දසක 04 ට වැඩි කාලයක් පුරා මේ රටේ භූගෝලීය දේශ සීමා නොමැති “ආර්ථික දේශ” දෙකක් නිර්මාණය කර ඇත.

එකක් ඉහළ නාගරික මැදපංතිකයින් ප්‍රමාණයක්ද ඇතිව සමස්ථ රටේ වත්කම් හා ආදායම් ප්‍රමාණයෙන් සියයට 43 ට වැඩි විශාල ධනස්කන්ධයක් ගොනු වූ කොළඹ කේන්ද්‍රීය පොහොසත් සුළුතරයකගේ නාගරික දේශයකි. එය මේ රටේ “ජාවාරම්කාර දේශයයි”.

දෙවැන්න ග්‍රාමීය හා අර්ධ නාගරිකයින්ද ඇතුළත් රටේ වත්කම් හා ආදායම් ප්‍රමාණයෙන් සියයට 20 ට අඩු ප්‍රමාණයකට අත ගසා ඉන්නාවූ සහ බොහෝවිට ක්ෂුද්‍ර ණය මත ජීවිත එල්ලා තබන විශාල පුද්ගල පිරිසකි. එය “අතරමංවූ” ලාංකීය දේශයයි." - පිටුව/19

මෙය ඔබට විශේෂයි,

මීට දෙසතියකට විතර කලින් මම එවපු කෙටි විවරණය පසුගිය දින කිහිපයේ මඳක් දියුණු කෙරුවා.

දැන් මෙය කලින් විවරණයට වඩා සංයුක්ත යැයි කියලා හිතෙනවා.

මේක ඇත්තටම ඉලක්ක කරන්නේ තවමත් නෙකෙරෙන සංවාදයකට මුල පුරන්නයි.

ඒ නිසා ඔබට හිතෙන හැටි කියවලා සටහන්කර එවනවා නම් ඉමහත් ස්තුතියි.

දියුණු කළ විවරණය මෙතනින්

 

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්