The Leader News
BREAKING
Top Ad
Opinion

''ඔබේ පක්ෂයේ හොරා ඔබට විරුවෙකු වන තුරු මේ රට ඝන අන්ධකාරයේ ය'' - රවී සිරිවර්ධන

T

The Leader Desk

June 4, 2019 • 3:58 PM

''ඔබේ පක්ෂයේ හොරා ඔබට විරුවෙකු වන තුරු මේ රට ඝන අන්ධකාරයේ ය'' - රවී සිරිවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුස්ලිම් නායකයන්ගේ සමගිය දකිනු නොරිසිව කට කියවන මිතුරනි,
  • ප්‍රථිඵලය වූයේ ප්‍රහාරයෙන් දින 21කට පසු සාමකාමී මුස්ලිම්ජනයා ඉලක්කකළ ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් වීමයි....ඒවා මැඩලන්නට අවැසි ජාතික දැක්මක් රජයට තිබුණේ නැත..
  • දැන් මුස්ලිම් නායකයෝ එකට එක්ව තමන් පිළිබඳ වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලති.
  • ඊට සහාය දීමට සියලු තනතුරු අතහැර ඇත.....දූෂණ චෝදනා ලැබ සිටින සිංහල නායකයෝ සාන්තුවරයන් ලෙස මැතිවරණවලට පිඹුරුපත් සකසද්දී මුස්ලිම් නායකයෝ තමනට එරෙහි චෝදනා විමර්ශනය කරන්නැයි ඉල්ලති.....
අකුරු ප්‍රමාණය (Font Size):

උඹලාගේ නායකයන් දෙස බලනු මැනවි...21 ප්‍රහාරයෙන් පසුව විය යුතුව තිබුණේ සියලු නායකයෝ එක්ව රට ප්‍රමුඛ කොට තීරණ ගැනීමය....තම බල පොරය වෙනුවට පොදු වැඩපිළිවෙලකට එකතු වීමයි....එවැන්නක් ඔබ දුටුවා ද ? ඔබට ඇසුනේ මොනවා ද ?

#මම දන්නෙ නෑ,
#මට කිව්වෙ නෑ,
#අපි එයාට දැන්නුව,
#අපි හිටියනම් ඔහොම වෙන්නෙ නෑ,
#අපේ තාත්ත කිව්ව,
#මම ජනාධිපතිවරණයට එනව මේකෙන් බේරන්න,
#බදුර්දීන් තමයි වගකිව යුත්ත,
#මට ආරක්ෂක කෞසිලයට එන්න කිව්වෙ නෑ,
#මගේ ආරක්ෂකයො දැනුවත් මට කිව්වෙ නෑ,

ඊට පසු සිදු වූයේ ජාතිවාදය වැපිරීමයි....ජමනාධ්‍ය එය අකුරටම ඉටු කළේය. ප්‍රථිඵලය වූයේ ප්‍රහාරයෙන් දින 21කට පසු සාමකාමී මුස්ලිම්ජනයා ඉලක්කකළ ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් වීමයි....ඒවා මැඩලන්නට අවැසි ජාතික දැක්මක් රජයට තිබුණේ නැත..

 

බෝලය භික්ෂුන් අතට පත්වීම :

ඉන් පසු බෝලය මුස්ලිම් දේශපාලනඥයන්ට මාරු කිරීමට භික්ෂූන් පෙරට ආවේය....තමන් මෙහෙයවන නායකයන්ගේ වගකීම් විරහිත බවට එරෙහිව කැරළි නොගැසූ මෙම පිරිස සර්පයාගේ වල්ගය අල්ලා ගත්තේය....සියලු ප්‍රශ්න වලට එකම විසඳුම මුස්ලිම් මන්ත්‍රීවරු ඉල්ලා අස් වූ විට ලැබෙන්නේය යන වර්ගවාදී විෂ සමාජගත කෙරිණි...

ඔවුනට අනුග්‍රහය දක්වා දිගු කලක් රැකබලා ගත් සිංහල දේශපාලකයෝ පිළිබඳ සැබෑ තතු යට ගියේ ය....බදුර්දීන්ට අප්‍රමාණ ආදරෙන් දුරකථන ඇමතුම් දී ඔයා එනකන් අපි මග බලන් ඉන්න බව කී පාදඩ දේශපාලන ක්‍රමය අමතක විය.....සිංහල පාලකයන් වසර 71ක් පුරා රට වලපල්ලට අරගෙන ගිය බව අමතක විය......මෙරට සිංහල දේශපාලකයන් රටේ ජාතික ධනය කොල්ල කා ණයකාර රටක් බවට මේ රට පත්ව ඇති බව අමතක විය.....තවමත් උන් බොන වතුර බෝතලයක තරම් දෙයක්වත් රට වෙනුවෙන් කැප නොකරන බව අමතක විය......සතුරා මුස්ලිම් විය.....

දැන් මුස්ලිම් නායකයෝ එකට එක්ව තමන් පිළිබඳ වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලති. ඊට සහාය දීමට සියලු තනතුරු අතහැර ඇත.....දූෂණ චෝදනා ලැබ සිටින සිංහල නායකයෝ සාන්තුවරයන් ලෙස මැතිවරණවලට පිඹුරුපත් සකසද්දී මුස්ලිම් නායකයෝ තමනට එරෙහි චෝදනා විමර්ශනය කරන්නැයි ඉල්ලති.....

ඔබට පෙනෙන්නේ ඒ සාමූහික බවේ අවුලයි...ඔබට සමගිය පුරුදු නැති කමේ අවුල ද ඒ....ඔබේ අනාගතය අනතුරට දැමූ තට්ටුමාරු දේශපාලනය තවමත් ඔබට අදාල නැත.....ඔබේ පක්ෂයේ හොරා ඔබට විරුවෙකු වන තුරු මේ රට ඝන අන්ධකාරයේ ය.

Ravi SIriwardhana(රවී සිරිවර්ධන)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...