The Leader News
BREAKING
Top Ad
Opinion

යහපත් මිනිසකු වීමට ආගමක් ඇදහීම අවශ්‍යමද? - ලසිත් එදිරිසිංහ

T

The Leader Desk

June 8, 2019 • 2:22 PM

යහපත් මිනිසකු වීමට ආගමක් ඇදහීම අවශ්‍යමද? - ලසිත් එදිරිසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ ඇති වී තිබෙන ත්‍රස්තවාදය තුරන් කිරීමටත් එතැන් සිට ජාතීන් අතර ඇති වි තිබෙන සැකයත් අවිශ්වාසයත් තුරන් කිරීමටත් අප කළ යුතු මුල්ම ප්‍රතිකර්මය වන්නේ මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම ප්‍රතිසංස්කරණයට භාජනය කිරීමයි.
  • සියලුම බාලක හා බාලිකා පාසැල් මිශ්‍ර පාසැල් බවට පත් කළ යුතුය.
  • එයින් ගැහැනු දරුවන් තමා ගැහැණියක් වී ඉපදීම නිසා සමාජයෙන් එල්ලවන නොයෙකුත් අපහසුතාවයන්ගෙන් මුදවා ගැනීම සාර්ථක ලෙස තුනී කර ගත හැක.
  • මේ අතරින් කෙනෙක්ට නිරාගමික වීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් සාදා ඇති තහංචි නීති ඉවත් කළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙරට පැසැල් ජාති හා ආගම් අනුව බෙදා අධ්‍යාපන කටයුතුවල නියැලීමට ඉඩ නොදිය යුතුය. සියලුම බාලක හා බාලිකා පාසැල් මිශ්‍ර පාසැල් බවට පත් කළ යුතුය. එයින් ගැහැනු දරුවන් තමා ගැහැණියක් වී ඉපදීම නිසා සමාජයෙන් එල්ලවන නොයෙකුත් අපහසුතාවයන්ගෙන් මුදවා ගැනීම සාර්ථක ලෙස තුනී කර ගත හැක.

සියලුම ආගම් ඉගැන්වීම් මෙන්ම ආගම් ඇදහීමට සැලැස්වීම හෝ බලකිරීම අනිවාර්ය නොකළ යුතුය. ඒ වෙනුවට ඒ ඒ ආගම් සියල්ලේම ශාස්තෘවරුන් දහම (දේශනය) පිළිබඳ සෑම පාසැල් දරු දැරියෙක්ටම පොදුවේ හැදෑරීමට කාලයක් අවස්ථාවක් සලසා දිය යුතුය.

එසේ හැදෑරීමෙන් පසු තමා වැඩිහිටියෙකු වූ විට කුමන ආගම් ඇදහීමට තෝරාගන්නේද කුමන ආගම් නොහැදීම තෝරාගන්නේද යන්න එම සිසුවියන් හට බාර කළ යුතුය. මේ අතරින් කෙනෙක්ට නිරාගමික වීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් සාදා ඇති තහංචි නීති ඉවත් කළ යුතුය.

අතීශයින් පුද්ගලික කරුණක් වුවද මා මෙය මෙතනදි පැහැදිලි කර දිය යුතුය. මාගේ එකම පිරිමි දරුවා ඔහු කුඩා කල සිට ඇතුලු කරේ ජාත්‍යන්තර පාසලකටය. උපතින් කතෝලික වන මා වර්තමාන නිරාගමිකයෙක් වී මා මගේ දරුවා කතෝලිකයකු ලෙස වත් බෞද්ධයෙකු ලෙස වත් ඉස්ලාම් ආගමිකයෙකු ලෙස වත් හංවඩු ගැසුවේ නැත.

නමුත් ඔහු ලෝකය පිළිබඳ යමක් කමක් තේරුම්ගත හැකි අවධියට පිවිසි විට සියලුම ආගමික ශාස්තෘවරුන්ගේ මූලික ඉගැන්වීම් ඇතුලත් පොත පත ලේඛන කියවා තේරුම් ගැනීමට අවස්ථාව සලසා දුනිමි.

වැඩිහිටියෙකු වන ඔහු දැන් විවාහකයෙකි. ඔහු විවාහ වූයේ ද්‍රවිඩ පියෙකුටත් බර්ගර් මවකටත් දාව උපන් තරුණියෙකි. බොහෝ සම්භාව්‍ය සාහිත්‍ය කෘති ආගමික ග්‍රන්ථ පරිශීලනය කරමින් ඉතා යථාර්ථවාදී හේතුවාදියෙකු ලෙස ඔහු සාර්ථකව ජීවිතයක් ගත කරයි.

ඔහු මොන තරම් මේ පොත්පත්වලට අබ්බැහි දක්වන්නේද යත් ලංකාවේ ඔහුට මිලදී ගත නොහැකි පොත් පත් අන්තර්ජාලය හරහා හෝ ගෙන්වාගෙන පරිශීලනය කරයි.

ආගම්වාදය, ජාතිවාදය, පුරුෂාධිපත්‍ය, අන්ධභක්තිය, වැනි සියලුම අගතීන් ඔහු බැහැර කරයි. මෙවැනි අදහස් ඇති මිතුරන් හරි මගට ගැනීමට වෙහෙසෙයි.

මේ කුඩා රමණීය රට සැබෑවටම පාරාදීසයක් කර ගත හැක්කේ ඉහතින් මා දැක්වූ අදහස් අනුව ක්‍රියා කළොත් පමණයි පැහැදිළි වනු ඇත.

සංවිධානාත්මක ආගම් ගොඩනගාගෙන නව අනුගාමික අන්ධභක්තියෙන් නොමගට හා සූරාකෑමට ලක්කරන බොහෝ ආගමික පූජකයින් මාගේ මේ අදහස් දැක්වීමට මාරාන්තික ලෙස විරුද්ධවන බවත් මා නොදන්නවා නොවේ.

(අනිද්දා - ජුනි මස 08දා පුවත්පතේ පළ වූවකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...