The Leader News
BREAKING
Top Ad
Opinion

මුස්ලිම් “සංඝ ආඥාව” : ගම්පහ හිමිවරු “ෆත්වා” තහනම කුලියට අරන්

T

The Leader Desk

June 11, 2019 • 3:39 AM

මුස්ලිම් “සංඝ ආඥාව” : ගම්පහ හිමිවරු “ෆත්වා” තහනම කුලියට අරන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනෙක ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් මුදල් ඇමති මංගල සමරවීරට සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් වලට ඇතුලුවීම ඔවුන්ට තහනම් කරමින් සංඝ ආඥාවක් නිකුත් කළ බැව් වාර්තා විය.
  • බුදු දහම පසුව වන්දනාමාන කෙරෙන ආගමක් බවට පත් වූ පසුගිය ශත වර්ෂ 30 ක පමණ කාලයේ හෝ එවැනි බලයක් සංඝයා සතු නොවින.  එහෙත් පවතින ව්‍යවහාරික “බෞද්ධාගම” විටින් විට විශේෂයෙන් හින්දු හා ජෛන වතාවත් පවරා ගෙන ඒවා “බෞද්ධකරණය” කරගෙන ඇත.
  •  ඉස්ලාමීය ආගමික සංකල්පයක් : එවැනි ණයට ගැනීම් අපේ යැයි විශ්වාස කරන සිංහල බෞද්ධ සමාජයේ මේ “සංඝ ආඥාවද” අලුතින් ණයට ගත් ඉස්ලාමීය ආගමික සංකල්පයකි.
  • ඉස්ලාමීය ආගමට අනුව ඉස්ලාමීය ආගමික අධිකරණ බලයක් ඇති ආයතන වලට ඉස්ලාමීය ආගමට පටහැනිව කටයුතු කරන්නේ යැයි ඔවුන් විශ්වාස කරන පුද්ගලයින්ට විරුද්ධව “ෆත්වා” නමින් තහනම් නියෝග නිකුත් කළ හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):



 මෙය බුදු දහමට අනුව අපූරු තීන්දුවකි. බුදු දහමට අනුව ගිහි ජනතාවට එරෙහිව “දඬුවම්” නියම කිරීමේ කිසිදු බලයක් සංඝයාට නැත. බුදු දහම පසුව වන්දනාමාන කෙරෙන ආගමක් බවට පත් වූ පසුගිය ශත වර්ෂ 30 ක පමණ කාලයේ හෝ එවැනි බලයක් සංඝයා සතු නොවින. 

එහෙත් පවතින ව්‍යවහාරික “බෞද්ධාගම” විටින් විට විශේෂයෙන් හින්දු හා ජෛන වතාවත් පවරා ගෙන ඒවා “බෞද්ධකරණය” කරගෙන ඇත. පන්සල්වල හඳුන් කූරු පහන් දල්වන්නෙ හින්දු ජෛන වතාවත් වලින් එකතු කරගත් වතාවත්ය. බෝධිය කිරියෙන් පැනින් නහවන්නේද එවැනි එකතු කර ගැනීම් සමගය.

 එවගේම වික්ටෝරියානු සුචරිතවාදී විවාහ සම්ප්‍රදායන් සමග න්‍යෂ්ටික පවුලද දැන් සිංහල බෞද්ධකරණය වූවකි. 19 වන සියවසේ දෙවන භාගයේ සිට වර්ධනය වූ සිංහල මැද පංතිය සමග ජය මංගල ගාථා කියමින් පෝරුව මත තනි පුරුෂයෙකුගේ සහ තනි ගැහැණියකගේ පති කුල විවාහය වික්ටෝරියානු සුචරිතවාදයට අනුව ප්‍රකාශයට පත් කරන සිංහල බෞද්ධ සම්ප්‍රදායක් හදා ගනිමින් එය දැඩිව ආරක්ෂා කරන සිංහල බෞද්ධයින් බටහිර සංස්කෘතික බලපෑම් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්නේ යැයි චෝදනා කරති.


 ඉස්ලාමීය ආගමික සංකල්පයක් :

එවැනි ණයට ගැනීම් අපේ යැයි විශ්වාස කරන සිංහල බෞද්ධ සමාජයේ මේ “සංඝ ආඥාවද” අලුතින් ණයට ගත් ඉස්ලාමීය ආගමික සංකල්පයකි. ඉස්ලාමීය ආගමට අනුව ඉස්ලාමීය ආගමික අධිකරණ බලයක් ඇති ආයතන වලට ඉස්ලාමීය ආගමට පටහැනිව කටයුතු කරන්නේ යැයි ඔවුන් විශ්වාස කරන පුද්ගලයින්ට විරුද්ධව “ෆත්වා” නමින් තහනම් නියෝග නිකුත් කළ හැකිය. එය ආගමික ඝාතනයක් දක්වාම දිගු කිරීමටද ඔවුන්ට හැකිය. 

මුදල් ඇමති මංගල සමරවීරට සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් වලට ඇතුලුවීම ඔවුන්ට තහනම් කරමින් සංඝ ආඥාවක් නිකුත් කිරීම ඉස්ලාමීය ෆත්වාව එළෙසින් ණයට ගත්තකි. එය ඉස්ලාමීය ෆත්වාව “සංඝ” ආඥාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණකි. ඔවුන්ගේ මුස්ලිම් විරෝධයේ ඇති මේ මුස්ලිම් අනුකරණය එබැවින් අපූරු විහිළුවකි.

 (කුසල් පෙරේරා - දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)

Kusal

 

 

 

 

සබැඳි පුවත් :

මංගලට හා රාජිතට 'තහනමක් පැනවු හිමිනම ළමා අපචාරකයෙක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...