2015 දී සාධාරන සමාජයක් සදහා වන ව්‍යාපාරය කරලියට ගෙනා පොදු අපේක්ෂකයා හා සීමිත ප්‍රතිසංස්කරණය වැඩ සටහන නූගතුන් ගේ නිර්මානයක් නොව උගතුන් ගේ නිර්මානයකි. බාහිර වශයෙන් ලස්සන පෙනුමකින් යුතු එම වැඩ සටහන ඇතිකරන ප්‍රතිපල තියුණු ලෙස කල්තියා දකින්නට දේශපාලකයින් පමනක් නොව උගතුන් ද අසමත් විය. එම වරද වෙනුවෙන් ලංකාවට ගෙවන්නට සිදුවූ වන්දිය අතිවිශාලය.
2015 දී මහ රෑ වැටුන වලේම 2019 අවසානයේ මහ දවල්ද වැටෙන්නට යන්නේද? රෑ වැටුන වලේම දවල් ද වැටෙන මිනිහා සැලකෙන්නේ මෝඩයකු ලෙසය. වසර 5 ක් තරම් කාලය තුල දේශපාලන වශයෙන් සිතන මතන ආකාරයේ ලොකු වෙනස්කම් ඇතිවී තිබෙන්නෙ යැයි කිව හැකිය.
වර්ගවාදි හා ආගම්වාදි ආවේගයන් වර්දනය වෙමින් තිබියදීත් සාම්ප්‍රදායික දේශපාලන නායකයින් හා දේශපාලන පක්ෂ කෙරෙහි වන මහජන විශ්වාසය වාෂ්ප වන තත්වයක් පවතින බව දැකිය හැකිය. එම සමාජ අවකාශය ප්‍රසස්ත ලෙස ප්‍රයෝජනයට ගෙන කුනුවී තිබෙන රටේ ගැබුරු පරිවර්තනයක් ඇති කර ලීමට රටේ විකල්ප ව්‍යාපාර සමත් වේද?
මට පෙනෙන්නේ ඊට සරිලන පරිනත බාවයක් පෙන්නුම් කිරීමට විකල්ප ව්‍යාපාර අසමත් වී තිබෙන බවය. අර්බුදයේ නියම සොබාවය තේරුම ගැනීමට අසමත් වී තිබෙනවා සේම අර්බුදය ජයගැනීම සදහා යොදාගත හැකි ප්‍රසස්ත ක්‍රම තෝරාගැනීමට ද අසමත් වී තිබේ.
අර්බුදය අසම්ප්‍රදායිකය. විකල්ප ව්‍යාපාර කල්පනා කරන විදිය ඉතාමත් සාම්ප්‍රදායිකය. ජනාධිපතිවරනයක් හා පාර්ලිමේන්තු මැතිවරනයක් ගැන සිහින දකී. ක්‍රමයේ වෙනසක් ඇතිකරන ව්‍යවස්ථාවක් ගැන කල්පනා කරන්නේද බලය අල්ලා ගැනීමෙන් පසු විය යුතු දෙයක් ලෙසය.
එහි තේරුම ඉදිරි මැතිවරන වලින් ඔවුන් ලබන පරාජයක් වේනම් රටේ ඇතිව තිබෙන කුනුවූ තත්වය කවදා හෝ ඔවුන් ලබන ජයග්‍රහණය ක් තෙක් ඉවසා සිටිනවා හැර තෝරාගැනීමට අන් විකලපයක් නැති බවය. සියල්ල තමන් ලබන ජය පරාජය මත තීරනය වන දෙයක් බවට පත්කර තිබේ.
බලය අල්ලාගැනීමට සිහින දකින්නේද මනා ක්‍රියාකාරි තත්වයක තිබෙන ක්‍රමයක නොව මුලු මනින් කඩා බිදවැටෙන්න ආසන්න ක්‍රමයකය. රට ගලවා ගැනීමේ අභිලාශයට අතිරේකව තනතුරු වලට තේරී පත්වීමේ සැගවුන අබිලාශයන්ද පවතී.
අවසාන විග්‍රහයේදී සියලු දෙනා එක අරමුනක් වෙනුවෙන් එකට එකතුවී ක්‍රියා කරන තත්වයක් වෙනුවට කැබලි වන තත්වයක් ද ඇති විය හැකිය. එය දර්ශනයේ අති සරල බාවය තුල ඇති වියහැකි නොවැලැක්විය හැකි අවාසනාවන්ත තත්වයක් ලෙසද සැලකිය හැකිය.
(වික්ටර් අයිවන්ගේ FB පිටුවෙන් උපුටා ගැනිණ)
රෑ වැටුන වලේ දවල් වැටීමේ සුදානම - වික්ටර් අයිවන්ගේ විග්‍රහයක්
T
The Leader Desk
June 14, 2019 • 5:29 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ''කුමන හේතූන් නිසා හෝ ලංකාව දේවල් තියුනු ලෙස දැකීමේ හැකියාව අහිමි කරගත් රටක් ලෙස සැලකිය හැකිය .එය ලංකාවේ දේශපාලන සමාජය ට පමනක් නොව බුද්දිමතුන් ගේ සමාජය ටද ආවේනික ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
- බාහිර වශයෙන් ලස්සන පෙනුමකින් යුතු එම වැඩ සටහන ඇතිකරන ප්‍රතිපල තියුණු ලෙස කල්තියා දකින්නට දේශපාලකයින් පමනක් නොව උගතුන් ද අසමත් විය.
- එම වරද වෙනුවෙන් ලංකාවට ගෙවන්නට සිදුවූ වන්දිය අතිවිශාලය. 2015 දී මහ රෑ වැටුන වලේම 2019 අවසානයේ මහ දවල්ද වැටෙන්නට යන්නේද?
- රෑ වැටුන වලේම දවල් ද වැටෙන මිනිහා සැලකෙන්නේ මෝඩයකු ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


